ගණිකා වෘත්තියේ යෙදීම සඳහා පිලිපීනයේ සිට මෙරටට පැමිණි පිලිපීන ජාතික සංක්රාන්තික ලිංගිකයන් (Transgenders) හත් දෙනෙකු සහ රුසියානු කාන්තාවක් කොල්ලූපිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන හා බුද්ධි අංශයේ මෙහෙයවීම මත උපාය දූතයන් යොදා කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුනේ.
අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 25 - 35 ත් අතර වයස් කාණ්ඩයට අයත් වන අතර ඔවුන් අන්තර්ජාල වෙබ් අඩවි හරහා මෙම කටයුත්තේ යෙදී සිට තිබෙනවා. අදාල වෙබ් අවඩි වල විදේශීය දුරකථන අංක යොදා ගනිමින් මෙය සිදුකරගොස් ඇති අතර ඒ අනුව විදෙස් දුරකථන අංකම යොදා ගනිමින් උපාය දූතයන් යොදවා එම වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස මේ වන විට රඳවාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන රැඳවුම් කඳවුරට යොමුකිරීමට නියමිතව තිබෙනවා.