පෙනිසිලින් හොයාගත්තේ ගැමුණු රජතුමා නෙවෙ&
පෙනිසිලින් නිපදවන්නේ දිලීරයක්. ඒක නිස්සාරණය කර වෙන් කරගෙන තමයි අපි වර්තමානයේදි ප්‍රයෝජනයට ගන්නෙ. පෙනිසිලින් හොයාගත්තෙ දුටුගැමුණු රජතුමාය කියලා එක්තරා ජීව විද්‍යා ගුරුවරයෙක් කියනවා. කතාව එහෙමනම් ගැමුණු රජතුමා පෙනිසිලින් වෙන්කොට හඳුනා ගැනීමක් කරලා නෑ. ඒ සර් කියන විදිහට පුස්කාපු කැවුම් තමයි යොදාගෙන තියෙන්නෙ තුවාල වලට බඳින්න (දැන් මේ කතාව ගැන කොහේවත් සාක්ශියක් වංශකතාවලවත්, පුරාවිද්‍යාත්මක වශයෙන් ගත්තම කිසිඳු ද්‍රව්‍යාත්මක සාධකයක්වත් නැහැ. එහෙම තියෙනවනන් ඒක ඉදිරිපත් කරන්න ඇත්තටම පෙනිසිලින් සොයාගැනීම ගැන අපිට පුළුවන් ගැමුණු රජතුමාට අදාල ගෞරවය ලබා දෙන්න)
දැන් මේ ඔක්කොමත් හරි. අපි හිතමු මේ සෑර්ගෙ කතාව නිවැරදි කියලා. එහෙමනම් නිස්සාරණයකින් තොරව පෙනිසිලින් තිබෙනා මාධ්‍යක් අඳුරගෙන පෙනිසිලින් භාවිතා කරලා තියෙනවා ගැමුණු රජ.
හැබැයි එහෙම බැලුවම අර සෑර්ට කියන්න බෑ පෙනිසිලින් භාවිතාව මුලින් කරේ ගැමුණු කියලා. සිද්ධිය මේකයි.. පෙනිසිලින් භාවිතාවේ පැරණිම සාධක හම්බවෙන්නේ හෝමෝ සේපියන්ලගෙන් නෙමේ. නියැන්ඩර්තාල්ස්ලාගෙන්.

උතුරු ස්පාඤ්ඤයේ අස්තූරියාස් කියන ප්‍රදේශයේ තියෙනවා එල් සිද්රොන් කියලා ගුහාවක්. එල් සිද්රෝන් කියන්නෙ යූරෝපය අවසන් ප්ලයස්ටොසීනයේදි අධික ශිතලින් වෙලී යද්දි නියැන්ඩර්තාල් මානවයන්ට සෙවණ සැපයු නිවහනක්. වසර 50000 පමණ පැරණි නියැන්ඩර්තාල් අවශේෂ මේ ගුහාවෙන් ලැබෙනවා.
පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් මේ සිද්රෝන් තුලින් හමුවන නියැන්ඩර්තාල් සැකිලි දෙකක් තුලින් පර්යේෂණ ගනනාවන් මෙහෙයවනවා. නියැන්ඩර්තාල් ආහාර රටා, රෝග, විටමින් ඌණතා ආදී කාරණා රැසක් ආදීනව තමයි මේ පර්යේෂණ සිදුකෙරෙන්නෙ. (කියන්නන් වාලේ අබ ඇටයක සාක්ශියක් නැතුව නෙමේ තියෙන අති නවීන තාක්ෂණ ශිල්ප ක්‍රම යොදාගෙන කරුණු අතිශයින්ම ඉහල නිරවද්‍යතාවලින් තහවුරු කරගනිමින්, නැතුව ස්පාඤ්ඤ නිජභූමි සංකල්පය නියැන්ඩර්තාල්ලා වෙනකන් ඇදන් ගිහින් තහවුරු කරගන්නවත්, වසර 50000 කලින් නියැන්ඩර්තාල්ලා ස්පාඤ්ඤ ජාතික ගීය ගායනා කරා, අහසින් ගියා වගේ කියන්නත් නෙමේ)
මේ නියැන්ඩර්තාල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙක් මුල් තරුණ අවධියේ පිරිමි නියැන්ඩර්තාලයෙක්. මේ නියැන්ඩර්තාල් ජීවත්වුන සමයේදි මඳක් රෝගීව තමයි ඉඳලා තියෙන්නෙ. උදරාබාධයක් සහ දතේ අමාරුවක් සහිතව. එච්චර සූක්ෂම කරුණු හොයාගන්නෙ කොහොමද වසර 48000 පැරණි නිදර්ශක වලින් ? ජීවත්ව ඉන්දැද්දි දත්වල බැඳෙනවා මැලියම්. කාලයත් එක්ක දන්ත සැකැස්ම වටා මේ මැලියම් බදාමයක් වගේ ඝන වීමට ලක්වෙනවා. මියගොස් වසර දස දහස් ගනනකට පසුවත් මේ මැලියම් බදාමය ආරක්ෂා වී පවතිනවා. මේ පර්යේෂණයෙදි පරික්ෂා කරන්නෙ මේ දන්ත මැලියම් වල අඩංගු DNA සංයුතිය. මේකෙන් කියන්න පුළුවන් ජීවත්ව සිටිද්දි පැවතුන ආහාර රටා වගේම ආහාරයට ගත් ද්‍රව්‍ය, සංයුතිය, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග ආදිය. දැන් ප්‍රශ්නයක් ඇති ආහාර ජීර්ණ පද්ධතියේ රෝග කියන්නෙ කොහොමද කියලා. ඒක කියන්නෙ ජීර්ණ පද්ධතියේ සිටින බැක්ටිරියා මේවයේ අඩංගු වෙන නිසා.
දැන් ආයේ එල් සිද්රෝන් නියැන්ඩර්තාල් වෙත ආවොත් මේ නියැන්ඩර්තාල්ගෙ එක දතක පිහිටනවා කුහරයක් සහිත පැසවීමක්. එහි DNA සංයුතිය අනුව පෙනිසිලින් නිපවන ෆන්ගස් එක නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. සිත්ගන්නාසුළු කාරණය තමයි මේ රෝගි දතේ පමණයි ඒවා අඩංගු වෙන්නෙ. වෙන දත්වල නැහැ. අනික් නියැන්ඩර්තාල් නිදර්ශක වලත් නැහැ.
පෙනිසිලින් ස්වාභාවික නිපදවන මූලාශ්‍ර සහ ඒවයේ යම් ප්‍රයෝජනයක් නියැන්ඩර්තාල්වරුන් සතු දැනුම් පද්ධතිය තුල තිබෙන්නට ඇතිය යන නිගමනය මේ පර්යේෂණ තුලින් පැවසෙනවා. ඔය කාරණය විතරක් නෙමෙයි අදාල නියැන්ඩර්තාල් නිදර්ශකයම ජීවත්ව සිටියදි උදරාභාදයකින් දැඩිලෙස පීඩා විඳි බවට (gut parasite) ආන්ත්‍ර පරපෝශි අවස්ථා තුලින් සොයාගැනීමට හැකිවෙනවා. මේ වේදනාවට ඇස්ප්රින් ලෙස අප වර්තමානයේදි භාවිතා කරන වේදනානාශක ඖෂධයට සමාන ස්වාභාවික වේදනා නාශකයක් තමයි සැලිසිලික් අම්ලය (Salicylic acid). නියැන්ඩර්තාල්වරු මේ සැලිසිලික් අම්ලය භාවිතා කරලා තියෙනවා. ඒ කොහොමද ? ස්වාභාවිකව මේ අඩංගු පොප්ලර් ශාඛයේ DNA මේ නිදර්ශක තුලින් ලැබීමෙන්. මේ අවාසනාවන්ත නියැන්ඩර්තාල් ජීවත්ව සිටි සමයෙදි සිය උදරාභාදයේ වේදනාව නාශනයට සැලිසිලික් අඩංගු පොප්ලර් සහ දන්ත ගැටලුවට පෙනිසිලින් අඩංගු දිලීර සහිත යම් ද්‍රව්‍යයක් උපයෝගි කරගෙන තිබෙන බවට නිගමන පුරාවිද්‍යඥයන් උපයෝගි කරගෙන තිබෙනවා.
මේ sequence එක බලන්න. විද්‍යාත්මක විනය කියන්නෙ මේ ක්‍රමයට. සාධක, නිදර්ශක, පර්යේෂණ මෙහෙවීම, නිගමන වලට එළඹීම, ඒවා යම් පිලිගත් ක්‍රමයකට ජනගත කිරීම, ඒවා ගැන විද්වත් මණ්ඩලයක් ප්‍රශ්නගත කිරීමට සැලැස්වීම, අදාල ප්‍රශ්නවලට පිලිතුරු සපයා ඒවා තහවුරු කිරීම ආදී කාරණා රැසකින් පස්සෙ ලෝකයා හමුවේ තැබු පර්යේෂණ මේ.
කටට එන්නන් වාලේ, ආච්චි කිව්වා, ලොකු අම්මා කියනවා ඇහුනා, පන්සලේ හාන්දුරුවො පොදා බණට කිව්වා වගේ කතා වලින් අරන් තමන්ට වඩා දැනුමෙන් අඩු පිරිසක් මුලා කිරීමෙන් දේශනා කරණ බයිලා කරුණු නෙමේ.
ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා, ඒ නිසා ගැමුණු නෙමේ හොඳේ පෙනිසිලින් මුලින් භාවිතා කරේ, ඊජිප්තුවරුනුත් නෙමේ, නියැන්ඩර්තාල්ලා මීට වසර 48000 පමණ පෙරදි. අපරාදේ ගැමුණුට යන්න තිබ්බ නොබෙල් ප්‍රයිස් එක දැන් ගල්යුගයේ සෙට් එහෙකට යනවා සැලිසිලික් යූසේජ් එකටත් වෙනම එකක් එක්ක.

Oppu wela nathi unath e sir karapu kathawen layinta e kale ape rata gana podi abhimanayak athi wenna puluwan eka oya okkotama wadiya wadagath...