පෙනිසිලින් හොයාගත්තේ ගැමුණු රජතුමා නෙවෙ&

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    පෙනිසිලින් හොයාගත්තේ ගැමුණු රජතුමා නෙවෙ&

    penisilin.jpg

    පෙනිසිලින් නිපදවන්නේ දිලීරයක්. ඒක නිස්සාරණය කර වෙන් කරගෙන තමයි අපි වර්තමානයේදි ප්‍රයෝජනයට ගන්නෙ. පෙනිසිලින් හොයාගත්තෙ දුටුගැමුණු රජතුමාය කියලා එක්තරා ජීව විද්‍යා ගුරුවරයෙක් කියනවා. කතාව එහෙමනම් ගැමුණු රජතුමා පෙනිසිලින් වෙන්කොට හඳුනා ගැනීමක් කරලා නෑ. ඒ සර් කියන විදිහට පුස්කාපු කැවුම් තමයි යොදාගෙන තියෙන්නෙ තුවාල වලට බඳින්න (දැන් මේ කතාව ගැන කොහේවත් සාක්ශියක් වංශකතාවලවත්, පුරාවිද්‍යාත්මක වශයෙන් ගත්තම කිසිඳු ද්‍රව්‍යාත්මක සාධකයක්වත් නැහැ. එහෙම තියෙනවනන් ඒක ඉදිරිපත් කරන්න ඇත්තටම පෙනිසිලින් සොයාගැනීම ගැන අපිට පුළුවන් ගැමුණු රජතුමාට අදාල ගෞරවය ලබා දෙන්න)

    දැන් මේ ඔක්කොමත් හරි. අපි හිතමු මේ සෑර්ගෙ කතාව නිවැරදි කියලා. එහෙමනම් නිස්සාරණයකින් තොරව පෙනිසිලින් තිබෙනා මාධ්‍යක් අඳුරගෙන පෙනිසිලින් භාවිතා කරලා තියෙනවා ගැමුණු රජ.

    හැබැයි එහෙම බැලුවම අර සෑර්ට කියන්න බෑ පෙනිසිලින් භාවිතාව මුලින් කරේ ගැමුණු කියලා. සිද්ධිය මේකයි.. පෙනිසිලින් භාවිතාවේ පැරණිම සාධක හම්බවෙන්නේ හෝමෝ සේපියන්ලගෙන් නෙමේ. නියැන්ඩර්තාල්ස්ලාගෙන්. :D:yes:

    උතුරු ස්පාඤ්ඤයේ අස්තූරියාස් කියන ප්‍රදේශයේ තියෙනවා එල් සිද්රොන් කියලා ගුහාවක්. එල් සිද්රෝන් කියන්නෙ යූරෝපය අවසන් ප්ලයස්ටොසීනයේදි අධික ශිතලින් වෙලී යද්දි නියැන්ඩර්තාල් මානවයන්ට සෙවණ සැපයු නිවහනක්. වසර 50000 පමණ පැරණි නියැන්ඩර්තාල් අවශේෂ මේ ගුහාවෙන් ලැබෙනවා.

    පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් මේ සිද්රෝන් තුලින් හමුවන නියැන්ඩර්තාල් සැකිලි දෙකක් තුලින් පර්යේෂණ ගනනාවන් මෙහෙයවනවා. නියැන්ඩර්තාල් ආහාර රටා, රෝග, විටමින් ඌණතා ආදී කාරණා රැසක් ආදීනව තමයි මේ පර්යේෂණ සිදුකෙරෙන්නෙ. (කියන්නන් වාලේ අබ ඇටයක සාක්ශියක් නැතුව නෙමේ තියෙන අති නවීන තාක්ෂණ ශිල්ප ක්‍රම යොදාගෙන කරුණු අතිශයින්ම ඉහල නිරවද්‍යතාවලින් තහවුරු කරගනිමින්, නැතුව ස්පාඤ්ඤ නිජභූමි සංකල්පය නියැන්ඩර්තාල්ලා වෙනකන් ඇදන් ගිහින් තහවුරු කරගන්නවත්, වසර 50000 කලින් නියැන්ඩර්තාල්ලා ස්පාඤ්ඤ ජාතික ගීය ගායනා කරා, අහසින් ගියා වගේ කියන්නත් නෙමේ)

    මේ නියැන්ඩර්තාල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙක් මුල් තරුණ අවධියේ පිරිමි නියැන්ඩර්තාලයෙක්. මේ නියැන්ඩර්තාල් ජීවත්වුන සමයේදි මඳක් රෝගීව තමයි ඉඳලා තියෙන්නෙ. උදරාබාධයක් සහ දතේ අමාරුවක් සහිතව. එච්චර සූක්ෂම කරුණු හොයාගන්නෙ කොහොමද වසර 48000 පැරණි නිදර්ශක වලින් ? ජීවත්ව ඉන්දැද්දි දත්වල බැඳෙනවා මැලියම්. කාලයත් එක්ක දන්ත සැකැස්ම වටා මේ මැලියම් බදාමයක් වගේ ඝන වීමට ලක්වෙනවා. මියගොස් වසර දස දහස් ගනනකට පසුවත් මේ මැලියම් බදාමය ආරක්ෂා වී පවතිනවා. මේ පර්යේෂණයෙදි පරික්ෂා කරන්නෙ මේ දන්ත මැලියම් වල අඩංගු DNA සංයුතිය. මේකෙන් කියන්න පුළුවන් ජීවත්ව සිටිද්දි පැවතුන ආහාර රටා වගේම ආහාරයට ගත් ද්‍රව්‍ය, සංයුතිය, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග ආදිය. දැන් ප්‍රශ්නයක් ඇති ආහාර ජීර්ණ පද්ධතියේ රෝග කියන්නෙ කොහොමද කියලා. ඒක කියන්නෙ ජීර්ණ පද්ධතියේ සිටින බැක්ටිරියා මේවයේ අඩංගු වෙන නිසා.

    දැන් ආයේ එල් සිද්රෝන් නියැන්ඩර්තාල් වෙත ආවොත් මේ නියැන්ඩර්තාල්ගෙ එක දතක පිහිටනවා කුහරයක් සහිත පැසවීමක්. එහි DNA සංයුතිය අනුව පෙනිසිලින් නිපවන ෆන්ගස් එක නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. සිත්ගන්නාසුළු කාරණය තමයි මේ රෝගි දතේ පමණයි ඒවා අඩංගු වෙන්නෙ. වෙන දත්වල නැහැ. අනික් නියැන්ඩර්තාල් නිදර්ශක වලත් නැහැ.

    පෙනිසිලින් ස්වාභාවික නිපදවන මූලාශ්‍ර සහ ඒවයේ යම් ප්‍රයෝජනයක් නියැන්ඩර්තාල්වරුන් සතු දැනුම් පද්ධතිය තුල තිබෙන්නට ඇතිය යන නිගමනය මේ පර්යේෂණ තුලින් පැවසෙනවා. ඔය කාරණය විතරක් නෙමෙයි අදාල නියැන්ඩර්තාල් නිදර්ශකයම ජීවත්ව සිටියදි උදරාභාදයකින් දැඩිලෙස පීඩා විඳි බවට (gut parasite) ආන්ත්‍ර පරපෝශි අවස්ථා තුලින් සොයාගැනීමට හැකිවෙනවා. මේ වේදනාවට ඇස්ප්රින් ලෙස අප වර්තමානයේදි භාවිතා කරන වේදනානාශක ඖෂධයට සමාන ස්වාභාවික වේදනා නාශකයක් තමයි සැලිසිලික් අම්ලය (Salicylic acid). නියැන්ඩර්තාල්වරු මේ සැලිසිලික් අම්ලය භාවිතා කරලා තියෙනවා. ඒ කොහොමද ? ස්වාභාවිකව මේ අඩංගු පොප්ලර් ශාඛයේ DNA මේ නිදර්ශක තුලින් ලැබීමෙන්. මේ අවාසනාවන්ත නියැන්ඩර්තාල් ජීවත්ව සිටි සමයෙදි සිය උදරාභාදයේ වේදනාව නාශනයට සැලිසිලික් අඩංගු පොප්ලර් සහ දන්ත ගැටලුවට පෙනිසිලින් අඩංගු දිලීර සහිත යම් ද්‍රව්‍යයක් උපයෝගි කරගෙන තිබෙන බවට නිගමන පුරාවිද්‍යඥයන් උපයෝගි කරගෙන තිබෙනවා.

    මේ sequence එක බලන්න. විද්‍යාත්මක විනය කියන්නෙ මේ ක්‍රමයට. සාධක, නිදර්ශක, පර්යේෂණ මෙහෙවීම, නිගමන වලට එළඹීම, ඒවා යම් පිලිගත් ක්‍රමයකට ජනගත කිරීම, ඒවා ගැන විද්වත් මණ්ඩලයක් ප්‍රශ්නගත කිරීමට සැලැස්වීම, අදාල ප්‍රශ්නවලට පිලිතුරු සපයා ඒවා තහවුරු කිරීම ආදී කාරණා රැසකින් පස්සෙ ලෝකයා හමුවේ තැබු පර්යේෂණ මේ.

    කටට එන්නන් වාලේ, ආච්චි කිව්වා, ලොකු අම්මා කියනවා ඇහුනා, පන්සලේ හාන්දුරුවො පොදා බණට කිව්වා වගේ කතා වලින් අරන් තමන්ට වඩා දැනුමෙන් අඩු පිරිසක් මුලා කිරීමෙන් දේශනා කරණ බයිලා කරුණු නෙමේ.

    ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා, ඒ නිසා ගැමුණු නෙමේ හොඳේ පෙනිසිලින් මුලින් භාවිතා කරේ, ඊජිප්තුවරුනුත් නෙමේ, නියැන්ඩර්තාල්ලා මීට වසර 48000 පමණ පෙරදි. අපරාදේ ගැමුණුට යන්න තිබ්බ නොබෙල් ප්‍රයිස් එක දැන් ගල්යුගයේ සෙට් එහෙකට යනවා සැලිසිලික් යූසේජ් එකටත් වෙනම එකක් එක්ක. :baffled::rolleyes::sorry:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ මේ දුටු ගැමුනු රජතුමා ගැන කියපු නිසා රිදිච්ච එවුන් නේද මේ..පෝසිලේන් එලාර හොයා ගත්ත කීවනම් ආන්න හුරේ දායි...ගූ ඇන් පී සෙට් එක කොහොම තමයි,පුන්නකුන්කුනෙ බොන්නේ..:yes::yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    පෙනිසිලින් සොයාගැනීම වෙනුවෙන් ගෞරවය හිමිවෙන්නේ බැක්ටීරියා විද්‍යාඥ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං ට. මෙහි යම් මතභේද තිබුණත් 1929 දී තර්කානුකූලව එය නිෂ්පාදනය කරන ආකාරය මුලින්ම විග්‍රහ කළ හැකි වුණේ ඔහුටයි. පෙනිසිලින් පිළිබඳ ඉතිහාසය අමුතුම එකක්, එ් වගේම සියවස් ගණනක් ඈතට දිව යන්නක්.

    පෙනිසිලින් කියන්නේ ලොව මුලින්ම සොයාගත් ප්‍රතිජීවකයයි. මෙය සොයා ගැනීමට පෙර ලොව පුරා ක්ෂුද්‍ර ජීවීන් මඟින් සිදු වන ආසාදන හේතුවෙන් බහුලව මරණ සිදු වුණා. ක්‍රි. ව 1929 දී තරුණ විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං සිය විද්‍යාගාරය අස්පස් කරමින් සිටියා. නිවාඩුවකට ගොස් සිටි ඔහු නැවත පැමිණියේ ටික දවසකට පසුවයි. ඔහු හදිසියේ දුටුවේ ස්ටැෆිලොකොකස් බැක්ටීරියාව රෝපණය කරන ලද පෙට්‍රි දීසියක් වැරදීමකින් විවෘතව දමා ගොස් ඇති බවයි. එය වැඩිදුරටත් පරීක්ෂා කරන විට ඔහු දුටුවේ එහිම සෑදී ඇති දිළීරයක් විසින් බැක්ටීරියා සෛල බහුතරයක් විනාශ කර ඇති බවයි.

    ඔහු එම දිළීරය ‘පෙනිසිලම් නොටැටම්’ ලෙස නම් කළා. ඒ ගැන පරීක්ෂණ කිරීමේදී ඔහුට ප්‍රත්‍යක්ෂ වන්නේ මෙම දිළීරයෙන් පිට වන යමක් අනෙකුත් බැක්ටීරියාද විනාශ කිරීමේ සමත්කම් දක්වන අතර, සුළු ප්‍රමාණවලින් සත්ත්ව ශරීර වලට ඇතුල් කළ විට එයින් වෙනත් අතුරු ආබාධ පැන නොනඟින බවයි. ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළද දිළීරයෙන් පිට වන බැක්ටීරියා නාශක සංඝටකය කුමක්දැයි හරිහැටි සොයා ගන්නට ෆ්ලෙමිං අපොහොසත් වෙනවා. එය සොයා ගන්නේ ඊට දශකයකට පමණ පසු හොවාර්ඩ් ෆ්ලොරී හා අර්නස්ට් චේන් යන විද්‍යාඥයන් දෙදෙනා විසින්. තිදෙනාම 1945 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබනවා.

    කතාවේ රසවත්ම කොටස පටන් ගන්නේ ඊළඟටයි. පෙනිසිලින් විද්‍යාත්මකව නිෂ්පාදනය සොයා ගත්තේ 20 වන සියවසේ වුණත් එය රෝග නිවාරණයට සහ බැක්ටීරියා මර්ධනයට ක්‍රි. පූ කාලයේ පවා යොදාගෙන ඇති බව විද්‍යාඥයින් හා ඉතිහාසඥයින් සාක්ෂි සොයා ගෙන තිබෙනවා. මින් එක සාක්ෂියක් වශයෙන් ක්‍රි.පූ 2 වන සියවසේදී දුටුගැමුණු රජු එළාර සමඟ යුධ වැදී සිටියදී තුවාල ලබන සෙබළුන්ගේ තුවාල කුණුවීම වැළැක්වීමට සිංහල වෙදැදුරන් විසින් ‘මී පැණියෙහි ගිල්වන ලද පැරණි මස්වල ස්‍රාවය’ යොදාගෙන ඇති බව සඳහන් වීම සලකන්න පුළුවන්. මෙහි වර්ධනය වූ පෙනිසිලම් දිළීරය මෙසේ තුවාල කුණු වීම වළක්වන්න ඇති. මෙය එකල හෙළ වෙදකමේ මහිමය ගැන ශ්‍රී ලාංකිකයන් හැටියට අපට ආඩම්බර විය හැකි කාරණයක්.

    • Like
    Reactions: gattaKO

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ආ මේ දුටු ගැමුනු රජතුමා ගැන කියපු නිසා රිදිච්ච එවුන් නේද මේ..පෝසිලේන් එලාර හොයා ගත්ත කීවනම් ආන්න හුරේ දායි...ගූ ඇන් පී සෙට් එක කොහොම තමයි,පුන්නකුන්කුනෙ බොන්නේ..:yes::yes:

    :baffled:
    මේ වගේ එම්ප්ටි මිනිස්සු :lol::lol::lol:
     
    gattaKO

    Active member
  • Jan 7, 2016
    240
    136
    43
    Owa ochchara serious ganna epa ithn :) Oppu wela nathi unath e sir karapu kathawen layinta e kale ape rata gana podi abhimanayak athi wenna puluwan eka oya okkotama wadiya wadagath...
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Owa ochchara serious ganna epa ithn :) Oppu wela nathi unath e sir karapu kathawen layinta e kale ape rata gana podi abhimanayak athi wenna puluwan eka oya okkotama wadiya wadagath...

    Truth is truth.
    funny comment though :rofl:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    කටට එන්නන් වාලේ, ආච්චි කිව්වා, ලොකු අම්මා කියනවා ඇහුනා, පන්සලේ හාන්දුරුවො පොදා බණට කිව්වා වගේ කතා වලින් අරන් තමන්ට වඩා දැනුමෙන් අඩු පිරිසක් මුලා කිරීමෙන් දේශනා කරණ බයිලා කරුණු නෙමේ.

    ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා, ඒ නිසා ගැමුණු නෙමේ හොඳේ පෙනිසිලින් මුලින් භාවිතා කරේ, ඊජිප්තුවරුනුත් නෙමේ, නියැන්ඩර්තාල්ලා මීට වසර 48000 පමණ පෙරදි. අපරාදේ ගැමුණුට යන්න තිබ්බ නොබෙල් ප්‍රයිස් එක දැන් ගල්යුගයේ සෙට් එහෙකට යනවා සැලිසිලික් යූසේජ් එකටත් වෙනම එකක් එක්ක. :baffled::rolleyes::sorry:

    [/COLOR][/SIZE][/B]

    :yes: Remember reading this in a NewScientist article too.
     
    • Like
    Reactions: euler

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ආ මේ දුටු ගැමුනු රජතුමා ගැන කියපු නිසා රිදිච්ච එවුන් නේද මේ..පෝසිලේන් එලාර හොයා ගත්ත කීවනම් ආන්න හුරේ දායි...ගූ ඇන් පී සෙට් එක කොහොම තමයි,පුන්නකුන්කුනෙ බොන්නේ..:yes::yes:

    :rofl::rofl:
     
    • Like
    Reactions: euler

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    මම මේ ප්‍රතිචාරය ලියන්න ඉස්සෙල්ලා නැවත වරක් අර කියාපු ගුරුවරයාගේ යූ ටියුබ් ක්ලිප් එක බැලුවා. එයා කියන දේවල වල සුළු ඇත්තක් තිබුනාට එයා කිසියම් හීනමානයකින් පෙලෙන බව කතාවෙන් පැහැදිලි වෙනවා. අපේ ඉතිහාසය හා එකල තිබුන දියුණුව ගැන අපි ආඩම්බර විය යුතු වගේම ලෝකයේ අනිකුත් ජාතීන්ගේ ඉතිහාසය හෝ දියුණුව අවඥාවට ලක් කිරීම නොකළ යුතුයි. එහෙම කරන්නේ අප පහත් යැයි හීනමානයෙන් පෙළෙන්නවුන් බව මගේ හැඟීමයි.

    පැසවපු තුවාල වලට පරණ පාං කෑල්ලක් බැඳීම ගම්වල දුප්පත් මිනිසුන් ඕනෑ තරම් කරනවා. ඒත් 1505 වසරෙන් පෙර පාං නොතිබුන නිසා ඔවුන් කැවුම් බැඳීමත් ඇත්ත විය යුතුයි. නමුත් ''පෙනිසිලින් හොයා ගත්තේ දුටුගැමුණු රජතුමා'' වැනි විහිළු නොකිව යුතුයි.

    Asthma සහ Eczema එකිනෙක සම්බන්ධ බව බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ඔප්පු කලේ මීට වසර දහයකට පමණ පෙර උනාට, අපේ සිංහල වෙද මහත්වරු දද /කුෂ්ඨ(Eczema) නිට්ටාවට හොඳ කරන්න එපා, ඒක පපුවට ගහලා, පපුවේ මහන්සිය (asthma ) හැදෙනවා කියන එක දැනගෙන හිටියේ වසර සිය දහස් ගණනක ඉඳලා විය හැකියි..

    වර්තමානයේ භාවිතා කරන surgical glue එහෙම නැතිනම් skin superglue වල අපේ දේශීය සොයා ගැනීම උනේ කෙටූ දුම්මල සහ පොල්තෙල් එකට මිශ්‍ර කර සාදා ගත් තලපයකුයි. ඔලු පැලුනාම දුම්මලයි,පොල්තෙලුයි දාන්න කියා කියන්නේ ලාංකීය skin superglue version එකටයි.

    කැලෑවට වැවෙන කෝමාරිකා හම පැහැපත් වෙන්න ගමේ ගොඩේ ගැහැණු පාවිච්චි කල බව සහ වර්තමානයේ බොහොම හයි ෆයි ලෙස සලකන aloe vera කියන්නේ මොකක්ද කියන එක මම කිව යුතු නැහැනේ.

    Nebuliser, Steamer කියන දේවල් ලෝකයට බිහි වෙන්න ශත වර්ෂ ගානකට පෙර ඉඳලා අපි කොත්තමල්ලි දුං ඇල්ලීම සහ වෙනත් බෙහෙත් වාෂ්ප දුම් ඇල්ලීම සිදු කළා.

    Physiotherapy කියන වචනේ ලෝකයට බිහි වෙන්නත් බොහෝ කාලයකට පෙර සිට "තෙල් සාත්තු" වශයෙන් හැඳින් උන, රත්වූ තෙල් ගා ආබාධයට ලක් උන හන්දි /ඇටකටු මස්ල් වලට පිසියෝ තෙරපි කරන්න අපේ කැඩුම් බිඳුම් වෙද මහත්වරු දැනගෙන හිටියා.

    අපි මේවා ගැන ආඩම්බර වෙන අතරම පෙනිසිලින් හොයා ගත්තේ ෆ්ලෙමිං බවත් එහි ගෞරවය එතුමාට ලැබිය බවත් කීමට තරම් නිහතමානී විය යුතුයි.
     
    • Like
    Reactions: HSW and LazyLizard

    Hats off my friend.
    බොහොම හොඳට පැහැදිලිව ලියලා තිබෙනවා.
    අපේ ඉස්සර දක්ෂතා ගැන අපි ආඩම්බර වෙනවා.
    ලෝකේ සියලු දේ අපි කලා යැයි හිතන අයගේ බුද්ධිය ගැන හොඳම වචනය ඔයා ලියලා තිබෙනවා. " හීන මානය "

    උඩ මෙම්බර් අයෙක් ලියලා තිබෙනවා සුද්දෝ කිව්වානම් ඒක පිළිගන්නවා වගේ ස්ටුපිඩ් කතාවක්. ග්‍රෑන්ඩ් මදර් කිව්වොත් ඒක හරියටම හරි ටයිප්.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    හෝර්ටන් තැන්න, බේකර්ස් ඇල්ල ගැන කතාව ගැන සම්පූර්ණයෙන් එකඟයි. ඒ ගැන විවාදයක් නැහැ. පෙනිසිලින් කතාව විතරයි මෙතන

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අත්තරම මේ සර් කරන්නේ උගන්නන ළමයින්ට රට ජාතිය ගැන අභිමානයක් ඇති කරන්න. ඔකේ අලුතෙන් ආපු හුනෝ නම් කිරීම කියන video එක බලන්න. පෙනිසිලින් කියන නාමකරණය තම වෙනසකට වෙලා තියෙන්නේ. ඊට කලින් ලෝකේ ඕක ඕනේ තරම් පාවිච්චි වෙලා ඇති. එදා සුද්දොන්ට සාපේක්ෂව අපේ ජාතියට ප්‍රතිජීවක ගැන දැනුමක් තිබ්බ කියන එකයි සාරාංශය. හොදට ඉගෙන ගත්ත මනුස්සයෙක්ට දිවුණු රටකට යන්න පොඩි හරි chance එකක් තිබ්බොත් පනින්න බලන්නෙත් ඔය කියන ජාතියේ හිනමනේ නිසා තමා. මේ සර් කියන දේවල් වලින් මිනිස්සුන්ට තමන්ගේ රට ජාතිය ගැන පොඩි හරි අභිමානයක් එනවා. දිවුනුයි කියල කියන හැම ජාතියක් ම තමන්ගේ ජාතිය ඉතිහාසය තමා ඉස්සරහට දාන්නේ. ඒ ඉතිහාසෙට තමා පස්සේ කලෙකදී සැලකීමක් ලැබෙන්නේ.
     
    • Like
    Reactions: gattaKO and HSW

    මම ඒ සර්ගේ වීඩියො හැම එකක්ම බලනව. ඉගෙන ගන්නවා. SUBSCRIBE කරල තිබෙන්නේත්. පෙනිසිලින් ගැන කී කතාවේ දෙයක් ගැන ශෙයා කලේ.
    inferiority සාධාරණයි කියන්න එපා. ඒ මගින් වෙන්නේ empty මිනිස්සු හැදෙන එක. I extreme proud of my country. I believe my country has more than enough pride history.
    ගැමුණු රජු කාලේ දැනුම තිබුනා කියන එකයි එතුමා තමයි හොයගත්තේ කියන එකෙයි ලොකු වෙනසක් තිබෙනව. පෙනිසිලින් හොයාගත්තේ නැති උනාට සීගිරිය වගේ දේවල් කරන්න දක්ෂ අය සිටියා කියන එක ඇති අපිට ඉතිහාසය ගැන ප්‍රයිඩ් වෙන්න