ලංකාව වගේ පොඩි රටකට කොහොමත් ඇපල් ස්ටෝ එකක් ඕපන් කරන්නෙ නැහැනේ
ඉන්නෙ Authorizied Resellers ලා, උන් ඒ රීජන් එකට රිලීස් කරපු ඕන ප්‍රොඩක්ට් එකකට සපෝට් දෙනවා
ඇපල් කෙයා තියනවා නම් ෆ්‍රී කරලා දෙනවා ඇපල් කෙයා නැත්නම් නෝමල් ඇපල් එකෙන් ගන්න ගානම වගේ අරගෙන හදලා දෙනවා
ලංකාවෙ Authorized තැනකට ගියපු ගමන් බලන්නෙ සීරියල් එක උන්ගෙ සිස්ටම් එකේ ගහල උන්ට සපෝට් දෙන්න පුලුවන් රීජන් එකට රිලීස් උනු ඩිවයිස් එකක්ද කියලා
එහෙම නම් උන් කිසි කතාවක් නැහැ වැඩේ කරලා දෙනවා
මම මේ විදියට පිටරට වලින් ගනිපු අයිෆෝන් වලට සහ මැක්බුක් වලට (දෙකේම ඇපල් කෙයා තිබුනා) සපෝට් අරන් තියනවා
මැක්බුක් ඩිස්ප්ලේ එක මාරු කරා
අයිෆෝන් එකම මාරු කරලා අලුත් එකක් දුන්න ලොජික් බෝඩ් එකේ අවුලක් කියලා (මේකට මාසයක් ගියා අලුත් ෆෝන් එක ගන්න පරන ෆෝන් එක ඇපල් එකට යවන්න TRCSL එකෙන් ලියුමක් ගෙනත් දෙන්න උනා ඒක විනාඩි 15ක වැඩක් TRCSL එකෙන්)
ඇපල් ස්ටෝ එකක් තිබුනත් ඒ රීජන් එකට රිලීස් නොකරපු ඩිවයිස් එකකට සපෝට් දෙන එකක් නැහැ