F1 සිට F12 දක්වා යතුරුවල කාර්යය....

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,896
    3,231
    113
    F1 සිට F12 දක්වා යතුරුවල කාර්යය....

    යතුරු පුවරුවේ F1 සිට F12 දක්වා යතුරුවල කාර්යය....

    F keys එහෙම නැත්නම් F1 සිට F12 දක්වා පරිගණක යතුරු පුවරුවේ ඉහළින් පිහිටි යතුරු 12 ගැන ඔබට කිසිවිටක හෝ ප්‍රශ්ණයක් අැති වී තිබේද.. එහෙමනම් මේ එ් ගැනයි. සමහර විටක ඔබ මේ යතුරු වලින් කිහිපයක් භාවිත කර අැතුවාට සැක නැත. එ් පරිගණක තිරයේ දීප්තිය (Brightness) අඩු වැඩි කිරීමට වන්නට පුලුවන. එසේ නැතහොත් හඬ පාලනය (System Volume) කරගැනීමට විය හැක. එහෙත් එ්වායේ තවත් ප්‍රයෝජන බොහෝයි.
    මේ යතුරු පුවරු කෙටි මං (Keyboard shortcuts) වල කාර්යය ඔබ භාවිත කරන පරිගණකයේ වර්ගයට අනුව යම් යම් වෙනස්කම් තියෙන්නට පුලුවන. සමහර පරිගණක නිෂ්පාදකයින් කරමාන්ත ශාලාව තුළදීම එම වෙළඳ නාම වලට අාවේණික Shortcuts සකසා එවන අවස්ථාද අැත. බොහෝවිට අප භාවිත කරන පරිගණක වැඩසටහන් (softwares) මතද එ්වාට අාවේණික වූ shortcuts පවතී. එ්වා එම software menu එකෙහි දක්වා තිබේ. කෙසේ වෙතත් මේවා ඔබට අවැසි පරිදි වෙනස් කර ගැනීමටද හැකියාව පවතී.
    ඉතිං keyboard එකෙහි යතුරු තද කරමින් සිදුවන දේ සොයමින් වද වෙනවාට වඩා ප්‍රවීණයකු ලෙස පරිගණකය භාවිතා කිරීමටත් ඉක්මණින් කාර්යය කරගැනීමටත් නිවැරදි දැනුම උපකාරී වේ. ඔබේ පරිගණකයේ settings වලින් ද මේ ගැන තොරතුරු බලා ගත හැකියි.
    මේ එක් එක් යතුරුවලින් පොදුවේ කරගත හැකි කාර්යයන් පහත දැක්වේ.

    F1 √ windows යතුර සමඟ F1 භාවිතා කර ඕනෑම අවස්ථාවකට අදාල Help menu ලබාගත හැක.
    √ Word සහ Exel මතදී Control යතුර සමඟ භාවිතා කර රිබන් මෙනු පෙන්වීම සැඟවීම සිදුකර ගත හැක.

    F2. √ Alt + Ctrl + F2 එකවර යෙදීමෙන් MS office හි save කර අැති Document Library විවෘත කරගත හැකියි.
    √ F2 තද කිරීමෙන් දැනට Select කර අැති Folder හෝ File එකක නම වෙනස් (edit) කිරීමට අවස්ථාව ලැබේ.

    F3. √ Windows explorer මතදී search පහසුකම සක්‍රිය කරගත හැකියි.
    √ shift + F3 යෙදීමෙන් word මතදී (ඔබ කුමන අාකාරයකින් type කරමින් සිටියද ) Lowercase සිට Uppercase ලෙස මාරු විය හැකියි.
    √ Firefox සහ google chrome මත Find පහසුකම සක්‍රිය කරදෙයි.

    F4. √ Alt + F4 යෙදීමෙන් විවෘතව පවතින ඕනෑම window එකක් හෝ program එසැනින් close කරන්නට පුලුවනි.
    √ windows explorer වලදී curser එක එසැනින් Address bar එක මතට ගෙන දෙයි.

    F5. √ Powerpoint මත ක්ෂණිකව slideshow ක්‍රියාත්මක කරදෙයි.
    √ internet browser මත විවෘතව අැති pages refresh කරදෙයි.
    √ MS Office මතදී Find and Replace පහසුකම විවෘත කරදෙයි.

    F6. √ MS Word split screen හිදී Next page වෙත යා හැකියි.
    √ MS word මත එකවර dicument කිහිපයක වැඩ කරන විට ctrl + F6 මඟින් වේගයෙන් Document අතර මාරු වෙන්නට පුලුවන්.

    F7. √ Alt + F7 මඟින් NS word මත Spelling සහ grammer check කරගැනීමට හැකියි.
    √ Shift + F7 මඟින් MS word හි නිබන්ධන විවෘත කරගත හැකියි.

    F8. √ Ecxel හිදී arrow key වල extend mode එන සක්‍රිය කරයි.
    √ windows මත Safe mode එක විවෘත ක්‍රියාත්මක වේ.

    F9. √ ctrl + F9 යෙසීමෙන් MS word වලදී empty field එකක් insert කරගන්නට පුලුවන.
    √ MS word හිදී fields update කරගැනීමට.

    F10. √ Menu bar විවෘත කරගැනීමට.
    √ ctrl + F10 මඟින් window එකක් maximize කරගැනීමට
    √ shift + F10 මඟින් Mouse Right click කිරීමේදී ලැබෙන menu ලබාගත හැකියි.

    F11. √ internet browser එකකදී full screen On/Off කරදෙයි.
    √ shift + F11 මඟින් excel මත නව spreadsheet එකක් විවෘත කරදෙයි.

    F12. √ Word වලදී Save As dialog box එක විවෘත කර දෙයි.
    √ shift + F12 ක්ෂණිකවම word document save කර දෙයි.
    √ ctrl + F12 නව word document එකක් විවෘත කර දෙයි.


    මේ shortcuts යම් යම් අවස්ථාවලදී වෙනස් අාගාරයකට ක්‍රියා කරන්නටද හැකියි. කෙසේ වෙතත් කාර්යාල කටයුතු සඳහා වැඩි අපදානයකින් අප මේ ලිපිය ඔබ වෙත ගෙන අාවෙමු.

    සටහන: Reader's Life
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගේ ඉස්සර කීබෝඩ් එකේ වැඩියෙන්ම දුවිලි බැදිලා තිබිච්ච keys පේලිය :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    22.gif


    පට්ට...!!.