ඝොඨා(Trending)

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
W50Ddsk.jpg


ඔව් අපි සහරාන්ලාට සල්ලි දුන්නා තමයි - ගෝඨා නිල වශයෙන් පිළිගනී

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාව සිටියදී ජාතික තවුහිද් ජමාත් ඉස්ලාම් අන්තවාදී සංවිධානයේ සහරාන් හෂීම් ඇතුළු කල්ලියට මුදල් ලබාදුන් බව ගෝඨාගේ නිල මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිගෙන තිබේ.

හිරු රූපවාහිනී නාලිකාවේ පැවති සජීවී සංවාදයකදී රඹුක්වැල්ල මහතා මෙය පිළිගත් අතර එසේ මුදල් ගෙවීමේ ප්‍රශ්නය කුමදැයි කියාද විමසා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට මාධ්‍ය මඟහරිමින් කටයුතු කරන බැවින් ඔහු වෙනුවෙන් සියලු ප්‍රකාශ නිකුත් කිරීම සඳහා ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත්‍රීවරුන් පත් කරගෙන සිටී.

ඒ අනුව තමන් ආරක්ෂක ලේකම්ව සිටියදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කල්ලි නායකයකුට වැටුප් ගෙවා ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගෙන ඇති අතර ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වෙමින් සිටියදී සහරාන් හෂීම් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බවත් එහි දේශපාලනික වාසිය අද ගෝඨා අත්පත් කරගනිමින් සිටින බවත් අවස්ථා සම්බන්ධය අනුව පෙන්නුම් කෙරේ.

සංවාදය පහතින් -

නලින් බණ්ඩාර:

''මම හිතන්නේ ඉස්සෙල්ලාම කියන්න ඕනේ සහරාන්ලව කිරි පොවලා හැදුවේ කවුද කියන එක මේ රටේ ජනතාව දන්නවා. සීඅයිඩී එකෙන් ඔප්පුවෙලා තියෙනවා සහරාන් ඇතුලු කල්ලිය නිර්මාණය කළේ, ඔවුන්ට වැටුප් ගෙව්වේ 2015 ට කලින් මෙතුමාලගේ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශයෙන් කියලා.''

කෙහෙළිය:

''පොට්ටු අම්මාන්ගේ දෙවෙනියාටත් අපි පඩි ගෙව්වා. ඔව් එයා බුද්ධි අංශයේ හිටියේ. බුද්ධි අංශයෙන් අපි වැඩ ගත්තා. මෝඩකමට බුද්ධි අංශයේ එවුන් ටික හිරේ දාලා ඉවරවෙලා බෙරිහන් දුන්නට වැඩක් නෑනේ.''

නලින් බණ්ඩාර:

''හරි ඒකෙන් ඔප්පු වෙනවා ඔබතුමාලා පොට්ටු අම්මාන්ටත් ගෙවුවා සහරාන්ටත් ගෙව්වා කියලා. හරි බොහොම ස්තූතියි.''

කෙහෙළිය:

''ඔව් හරි හරි''

නලින් බණ්ඩාර:

''අන්න හරි හරි කිව්වා. ඔන්න බලාගන්න සහරාන්ටත් ගෙව්වා පොට්ටු අම්මාන්ටත් ගෙව්වා. හරි බොහොම ස්තූතියි. සහරාන්ට ගෙව්වා''


කෙහෙළිය:

''නෑ නෑ පොට්ටු අම්මාන්ටත් ගෙව්වයි කියන එක ඒකෙදි පටලවා ගන්න එපා''

නලින් බණ්ඩාර:

''හරි දැන් සහරාන්ටත් ගෙව්වා කිව්වා හරිනේ''

කෙහෙළිය:

''ඔව් හරි, සහරාන්ටත් ගෙව්වා පොට්ටු අම්මාන්ටත් ගෙව්වා. ඒ නිසා අපේ බුද්ධි අංශය නිසා තමයි ඒවා බේරිලා හිටියේ. ඒ සහරාන්ලගේ තොරතුරු ටික ඉන්දියාවෙන් දීලත් අහක බලාගෙන හිටියා පොන්නයෝ ටිකක්.

නලින් බණ්ඩාර:

''ඔය සහරාන්ලාට පඩි ගෙවලා තමයි මේ රටේ දෙසිය පනහකටත් වැඩි පිරිසක් මරන්න වැ‌ඩේ පටන් ගත්තේ. ඔබතුමාට කිරි පොවපු ඒ නයි තමයි අහිංසක කතෝලික ජනතාව මරලා දැම්මේ. ඔන්න අද පිළිගත්ත මම ජනතාවට කියනවා කෙහෙළිය රඹුක්වැල්ල අද මුළු රට ඉදිරියේ පිළිගත්ත සහරාන්ට පඩි ගෙවලා කිරි පොවපු ඒ සහරාන්ගේ කල්ලියට මේ රටේ කරපු අපරාධය භාර කරපු අය කියලා. එදා කාලකන්නි සහරාන්ට පඩි ගෙවලා ඒ නිදාගෙන හිටපු සහරාන්ට 250කට වැඩි ඝාතනයන් කරන්න පඩි ගෙව්වා.''

කෙහෙළිය:

'කවුද කිව්වේ ?''

නලින් බණ්ඩාර:

''ඔබතුමා දැන් පිළිගත්තේ. ඒ නිසා පැහැදිළිවම ඔබතුමාල වගකියන්න ඕනා ඒ දෙසිය පනහහට වැඩි පිරිසක් ඝාතනය වුණු මිනිස්සුන්‌ගේ ජීවිතවලට. ඔබතුමාල නිර්මාණය කරපු සහරාන්ල නිසා. හොඳට මතක තියාගන්න මේ රටේ ජනතාව දැනගන්න ඕනේ අද හෙළිවුණා.

අද කෙහෙළිය රඹුක්වැල්ල පිළිගත්තා 2015 ට කලින් සහරාන්ට පඩි ගෙවලා කිරි පොවලා ඒ හදපු ඒ නයි පැටව් ටික තමයි මහා නාගයෝ වෙලා කොටි වෙලා මේ රටේ විශාල ඝාතනයන් කරේ, ඒ කිරි පොවපු උන් තමයි කියලා . ඔබතුමාලාගේ ආණ්ඩුව ඒක බාරගන්න ඕනේ. ඔබතුමාල හදපු උන් තමයි මේ රටේ ජනතාව ඝාතනය කෙරුවේ.''

කෙහෙළිය:

''මේ ආණ්ඩුව පොල් ගෑවද?''

නලින් බණ්ඩාර:

''හරි දැන් ඔබතුමාල කිරි පොවලා දැන් අපි අල්ලන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ රටේ ජනතාව විශේෂයෙන් කතෝලික ජනතාව අද දැක්කා ඔප්පු වුණා. අපි කාදිනල් තුමාටත් කිව්වා. කෙහෙලිය රඹුක්වැල් පිළිගත්තා සහරාන්ට පඩි ගෙවලා, සහරාන්ගේ කල්ලියට පඩි ගෙවලා මෙයාල තමයි සහරාන්ලව නිර්මාණය කරේ කියලා. එතකොට ඔයාල දැන් බුද්ධි තොරතුරු ගන්නනේ පඩි වෙව්වේ. හා හොඳයි හොඳයි. එතකොට එහෙම කරලා හදපු කිරි පොවපු නයි ටික දෂ්ඨ කරාට පස්සේ හොඳ නැහැ. ඔබතුමාල තමයි හැදුවේ සහරාන්ලව. හොඳට මතක තියාගන්න.

කෙහෙළිය :

'' ඉතින් මොකද ප්‍රශ්නය?''


නලින් බණ්ඩාර :

''ඒ නිසා ඒ පාපයෙන් ඔබතුමාලට බේරෙන්න බැහැ. අහිංසකයෝ නිකන් මරණයට පත්වුණා. ඒ නිසා හොඳට මතක තියාගන්න කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයෝ ඔබතුමාල ඇතුළු සියලු දෙනා වගකියන්න ඕනේ සහරාන්ල කරපු මරණවලට. සහරාන්ල නිර්මාණය කරපු අයට ඒකෙන් බේරෙන්න බැහැ. ඒ බිජු වපුරපු අය තමයි මේවට වගකියන්න ඕනේ. එතනින් තමයි පටන් ගත්තේ. සහරාන්ල හැදුවේ ඔබතුමාල ඕවට තමයි. මේ රටේ ජාතිවාදී අරගල ඇති කරන්න මුස්ලිම් අන්තවාදය ඇති කරන්න සහරාන්ල හැදුවේ ඔබතුමාල.


Video - https://youtu.be/512IykvoHos?t=6717
 
Last edited:

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කුරුස ජන්ද වැඩ උඩ

    කුරුස චන්ද කොහොමත් මහින්දට නෑ. උන් සහරාන්ටත් වඩා මහින්ද එක්ක වෛරයි. උන්ම තමයි මේ සහරාන්ට පඩි ගෙවන කතාව හැදුවෙ. මම දන්න හැම කුරුසයෙක්ම මහින්දට බැන බැන විකල්පෙකට කඩේ යනව. යූ ඇන් පී එකට වචනවක් කියන්නෙ නෑ. මහින්දට ඔච්චර වෛර කරන්න හේතුව මහින්ද සංහල බෞද්ධ චන්ද පදනම වගේම මහින්දත් නිතරම පන්සල් යන එක. වැඩේ කියන්නෙ ප්‍රභාටත් සහරාන්ටත් වඩා මහින්ද එක්ක වෛරයි. සහරාන් පල්ලි පිපිරෙව්ව එකටත් මහින්ද වැරදියි.:lol::lol:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කුරුස චන්ද කොහොමත් මහින්දට නෑ. උන් සහරාන්ටත් වඩා මහින්ද එක්ක වෛරයි. උන්ම තමයි මේ සහරාන්ට පඩි ගෙවන කතාව හැදුවෙ. මම දන්න හැම කුරුසයෙක්ම මහින්දට බැන බැන විකල්පෙකට කඩේ යනව. යූ ඇන් පී එකට වචනවක් කියන්නෙ නෑ. මහින්දට ඔච්චර වෛර කරන්න හේතුව මහින්ද සංහල බෞද්ධ චන්ද පදනම වගේම මහින්දත් නිතරම පන්සල් යන එක. වැඩේ කියන්නෙ ප්‍රභාටත් සහරාන්ටත් වඩා මහින්ද එක්ක වෛරයි. සහරාන් පල්ලි පිපිරෙව්ව එකටත් මහින්ද වැරදියි.:lol::lol:
    මහින්ද පව් බන් සිරාවටම. මිනිහට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ. යකෙක් බැදගත්තා වගේ වැඩක් මිනිහට උනේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,649
    1
    60,226
    113
    Mother Earth
    උබල මොනා කිව්වත් අපේ පල්ලියෙ ෆාදර්ගෙ කාර් එකේ පිටිපස්සෙම අලවල තියෙන්නෙ ගෝඨගෙ ස්ටිකර් එකක්. මම දැකලා තියෙන නිසා කියන්නෙ. හැම දේම ලඝු කරල බලන්න එපා. ඔය වගේ පෝස්ට් හදන උන්ගෙ මූලික අභිප්‍රාය සමාජයේ වෛරය පැතිරවීම.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,403
    2,000
    113
    කව්ද ගෙවල තියෙන්නෙ කෙහෙලියද? MICද?TIDද?SISද?NIBද?CCDද? වෙනත් Government intelligence organ එකක්ද?
    පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    මහින්ද පව් බන් සිරාවටම. මිනිහට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ. යකෙක් බැදගත්තා වගේ වැඩක් මිනිහට උනේ.

    උබල මොනා කිව්වත් අපේ පල්ලියෙ ෆාදර්ගෙ කාර් එකේ පිටිපස්සෙම අලවල තියෙන්නෙ ගෝඨගෙ ස්ටිකර් එකක්. මම දැකලා තියෙන නිසා කියන්නෙ. හැම දේම ලඝු කරල බලන්න එපා. ඔය වගේ පෝස්ට් හදන උන්ගෙ මූලික අභිප්‍රාය සමාජයේ වෛරය පැතිරවීම.

    Kari Tamil Fuck in Two accounts :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,047
    20,630
    113
    හස්තිශෛලපුර
    උබල මොනා කිව්වත් අපේ පල්ලියෙ ෆාදර්ගෙ කාර් එකේ පිටිපස්සෙම අලවල තියෙන්නෙ ගෝඨගෙ ස්ටිකර් එකක්. මම දැකලා තියෙන නිසා කියන්නෙ. හැම දේම ලඝු කරල බලන්න එපා. ඔය වගේ පෝස්ට් හදන උන්ගෙ මූලික අභිප්‍රාය සමාජයේ වෛරය පැතිරවීම.




    සෙල්ලම් කාර් එකක්ද? :lol::lol::lol:



    සමාජයේ වෛරය පැතිරවීම - මදුමාදව අරවින්ද :lol::lol::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 5කට පස්සෙත් බෝම්බෙට අහුවෙච්ච මිනිස්සු මැරෙනවා. කැරි වේස බල්ලව එලවන්න නෙවෙයි දස වද දීල මරන්න ඕන. 😡😡
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,224
    26,671
    113
    Kandy
    දැන් ගෝටට පෙන්සනුත් ගෙවනවා සිංහලුන්ගේ සල්ලි වලින්
     
    • Haha
    Reactions: SLK_sri