සහරාන්ට පඩි ‌ගෙවූ බව ‌කෙහෙළිය පිළිගත්තේ ඇයි ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,468
    113
    Gampaha
    පසුගිය 2019 අප්‍රේල් 21 වැනිදා වෙනකම් අපේ රටේ බොහෝ දෙනෙක් සහරාන් හෂීම් ගැන වචනයක්වත් දැනන් හිටියේ නැහැ. හැබැයි අප්‍රේල් 21 වැනිදා ලංකාවේ ප්‍රධාන ස්ථාන හතරක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් එක්ක ලංකාවේ අය විතරක් නෙවේ ලෝකයම සලිත වෙලා ගියේ ඒකෙන් සිද්ධ වෙච්ච විනාශය හින්දයි. කොච්චිකඬේ පල්ලිය, කටුවපිටිය පල්ලිය, මඩකළපුවේ සිවෝන් දේවස්ථානය, කොළඹ ෂැංග්‍රිලා හෝටලය ඉලක්ක කරගෙන ප්‍රධාන බෝම්බ හතරක් පුපුරලා ගියා. මේකෙන් දෙසිය පනහකට අධික පිරිසක් මියගියා. තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබුවා. පස්සේ අනාවරණ වුණා මේ සිද්ධ වෙච්ච ප්‍රහාර හතරම මරාගෙන මැරෙන මිනිස් බෝම්බ කියලා. ඒ එක්කම ආරක්‍ෂක අංශයි රහස් පොලිසියයි හොයන්න ගත්තා මේ දරුණු ප්‍රහාරය පිටිපස්සේ හිටියෙ කවුද කියලා. එතකොට තමයි තවුහිද් ජමාත් ත්‍රස්ත සංවිධානයයි, ඒකෙ නායකයා වූ මොහොමඞ් සහරාන් හෂීම් ගැනයි තොරතුරු එළියට ආවේ. ඊට පස්සෙ හැමෝම හොයන්න ගත්තා කවුද මේ සහරාන් කියලා.
    ඊට පස්සේ සහරාන් ගැන තොරතුරු ගොඩක් හොයාගෙන තිබුණා. සහරාන් සිරියාවට ගිහිල්ලා අයි.එස්. සංවිධානයෙන් පුහුණුව ලබාගත්තා කියලත් හෙළි වුණා. ඒ විතරක් නෙවෙයි ලංකාවෙ පුහුණු කඳවුරු කිහිපයක හයසීයකට ආසන්න පිරිසකට ත්‍රස්ත පුහුණුව ලබාදීල තියෙනවා කියලත් හෙළි වුණා. ඒ හින්දා විපක්‍ෂය ආණ්ඩුවට බරපතළ ප්‍රහාරයක් එල්ල කළා. ආණ්ඩුව රටේ ආරක්‍ෂාව තුට්ටුවට දාපු නිසා මෙවැනි ප්‍රහාරයක් එල්ල වුණා කියලා. හැබැයි ඒ වෙද්දි රහස් පොලිසිය හොයාගෙන තිබුණා. පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුව කාලේ මේ සහරාන් ඇතුළු විසි අටදෙනකුට ආණ්ඩුවෙන් පඩි ගෙවලා තියෙනවා කියලා. ඒ වෙලාවෙ ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයෙන් මේ ගැන ප්‍රශ්න කළත් විපක්‍ෂයේ කවුරුවත් ඒක ප්‍රතික්‍ෂේප කළේවත් තහවුරු කළේවත් නැහැ.

    හැබැයි 2019 එක්තරා පෞද්ගලික නාලිකාවක තිබුණු දේශපාලන වැඩසටහනකදී පළමු වතාවට කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා සහරාන්ට ආණ්ඩුවෙන් සල්ලි දුන්නා කියලා ප්‍රසිද්ධියේ පිළිගත්තා. ඒ විතරක් නෙවෙයි පොට්ටු අම්මාන්ගේ දෙවැනියාටත් ආණ්ඩුවෙන් පඩි ගෙව්වා කියලා කෙහෙළිය රඹුක්වැල්ල පිළිගත්තා. ඒ රාජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා කරපු ප්‍රශ්නකිරීමේදියි. කෙහෙළිය කියන්නේ රාජපක්‍ෂලගේ ආණ්ඩුවේ හිටිය මාධ්‍ය ප්‍රකාශක. ඒ වගේම ජනමාධ්‍ය ඇමැති. ඒ වගේම කෙහෙළිය දැන් පොහොට්ටුවේ ජනාධිපති අපෙක්‍ෂ්කයා වන ගෝඨාභය රාජපක්‍ෂගෙත් මාධ්‍ය ප්‍රකාශකයි. ඒ නිසා කෙහෙළිය හෙළිකරපු මේ රහසට ලොකු වටිනාකමක් තියෙනවා.
    මේ, ඒ වෙලාවේ කෙහෙළියයි – නලින් බණ්ඩාරයි අතර සිද්ධවෙච්ච සංවාදය.
    නලින් බණ්ඩාර:
    “මම හිතන්නේ ඉස්සෙල්ලාම කියන්න ඕනේ සහරාන්ලව කිරි පොවලා හැදුවේ කවුද කියන එක මේ රටේ ජනතාව දන්නවා. සීඅයිඩී එකෙන් ඔප්පුවෙලා තියෙනවා සහරාන් ඇතුළු කල්ලිය නිර්මාණය කළේ, ඔවුන්ට වැටුප් ගෙව්වේ 2015 ට කලින් මෙතුමාලගේ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශයෙන් කියලා.”
    කෙහෙළිය:
    “පොට්ටු අම්මාන්ගේ දෙවැනියාටත් අපි පඩි ගෙව්වා. ඔව් එයා බුද්ධි අංශයේ හිටියේ. බුද්ධි අංශයෙන් අපි වැඩ ගත්තා. මෝඩකමට බුද්ධි අංශයේ එවුන් ටික හිරේ දාලා ඉවරවෙලා බෙරිහන් දුන්නට වැඩක් නෑනේ.”
    නලින් බණ්ඩාර:
    “හරි ඒකෙන් ඔප්පු වෙනවා ඔබතුමාලා පොට්ටු අම්මාන්ටත් ගෙව්වා සහරාන්ටත් ගෙව්වා කියලා. හරි බොහොම ස්තූතියි.”
    කෙහෙළිය:
    “ඔව් හරි හරි”
    නලින් බණ්ඩාර:
    “අන්න හරි හරි කිව්වා. ඔන්න බලාගන්න සහරාන්ටත් ගෙව්වා පොට්ටු අම්මාන්ටත් ගෙව්වා. හරි බොහොම ස්තූතියි. සහරාන්ට ගෙව්වා”
    කෙහෙළිය:
    “නෑ නෑ පොට්ටු අම්මාන්ටත් ගෙව්වයි කියන එක ඒකෙදි පටලවා ගන්න එපා”
    නලින් බණ්ඩාර:
    “හරි දැන් සහරාන්ටත් ගෙව්වා කිව්වා හරිනේ”
    කෙහෙළිය:
    “ඔව් හරි, සහරාන්ටත් ගෙව්වා, පොට්ටු අම්මාන්ටත් ගෙව්වා. ඒ නිසා අපේ බුද්ධි අංශය නිසා තමයි ඒවා බේරිලා හිටියේ. ඒ සහරාන්ලගේ තොරතුරු ටික ඉන්දියාවෙන් දීලත් අහක බලාගෙන හිටියා පොන්නයෝ ටිකක්.
    නලින් බණ්ඩාර:

    “ඔය සහරාන්ලාට පඩි ගෙවලා තමයි මේ රටේ දෙසිය පනහකටත් වැඩි පිරිසක් මරන්න වැඬේ පටන් ගත්තේ. ඔබතුමාල කිරි පොවපු ඒ නයි තමයි අහිංසක කතෝලික ජනතාව මරලා දැම්මේ. ඔන්න අද පිළිගත්ත. මම ජනතාවට කියනවා කෙහෙළිය රඹුක්වැල්ල අද මුළු රට ඉදිරියේ පිළිගත්ත සහරාන්ට පඩි ගෙවලා කිරි පොවපු ඒ සහරාන්ගේ කල්ලියට මේ රටේ කරපු අපරාධය භාර කරපු අය කියලා. එදා කාලකන්නි සහරාන්ට පඩි ගෙවලා ඒ නිදාගෙන හිටපු සහරාන්ට 250කට වැඩි ඝාතනයන් කරන්න පඩි ගෙව්වා.”




    https://sinhala.mawratanews.lk/politics/සහරාන්ට-පඩි-‌ගෙවූ-බව-‌කෙහ/
     
    • Haha
    • Like
    Reactions: weer 11 and SLK_sri

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    රාජපක්ෂලගේ සතුට සැපත වෙනුවෙන් අන්තවාදීන් බෝම්බ ගහලද😂😂😂😂🤣🤣🤣🤣🤣
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ගොඩක් උන් දෙයක් ගැන හිතන්නේ context එක බලල් නෙමෙයි .
    එහෙම නටන දෙකක් තමයි ඔය, ප්‍රේමදාස ltte එකට ආයුද දුන්න එක සහ, සහරාන් බුද්දි අන්ශ informant කෙනෙක් හැටියට පඩි ගත්ත එක.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රාජපක්ෂලගේ සතුට සැපත වෙනුවෙන් අන්තවාදීන් බෝම්බ ගහලද😂😂😂😂🤣🤣🤣🤣🤣

    රාජපක්ෂලගේ සතුට සැපත වෙනුවෙන් අන්තවාදීන්ta salli dila රාජපක්ෂල බෝම්බ ගහල
     
    • Haha
    Reactions: weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රාජපක්ෂලගේ සතුට සැපත වෙනුවෙන් අන්තවාදීන් බෝම්බ ගහලද😂😂😂😂🤣🤣🤣🤣🤣
    අඩෝ එහෙමද? එහෙම තමයි හිතෙන්නෙ. මොකද කමිටු වාර්තාව එලියට දැම්මෙ නෑනෙ... ඇයි ඒක පුකේ ගහන් ඉන්නේ @weer 11 @2osama 🤣🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ඊබ්‍රාහිම්ව ජාතික ලැයිස්තුවෙන් ඉල්ලපු එක හරිද බන්​


    ita kalin mekata uthtare diyanko, ita passe ube prashneta ahanna ona kenagen ahapanko mnetion karalama


    ඊබ්‍රහිම් නනා ගැනත් ලිව්ව නම් තමා වටින්නේ...


    ochchara wisthara kiyapu keheliya ibrahim nana gena meek naha neda??
    ai ehema???
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔය වගේ ජොබ් එකකට කීයක් වගේ ගෙවනවද බං රාජපක්සලා?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    ඊබ්‍රාහිම්ව ජාතික ලැයිස්තුවෙන් ඉල්ලපු එක හරිද බන්​


    UNP උන් සම්මාන දුන්නම හැමෝම හිතුවේ මුන් හොඳයි කියලනේ.

    rhaceKG.jpeg