1000cc වලටත් බඩු බනිස් වගේ

Rawanaa

Active member
  • Jan 29, 2019
    244
    136
    43
    1000cc වලටත් බඩු බනිස් වගේ

    සුඛෝපභෝගී වාහන බදු (Luxury Tax - LT) සුත්‍රය සංශෝධනය කරමින්, වාහනයේ නිෂ්පාදන පිරිවැය (වටිනාකම, රක්ෂණය සහ නැව් ගාස්තු - CIF අගය) රු. මිලියන 3.5ක් හෝ එය ඉක්මවන්නේ නම්, රේගු
    බද්දට අමතරව CIF අගය මත පදනම් වූ සංශෝධිත LT බද්දක් හඳුන්වා දීමට රජය සැරසෙයි.

    මේ නව බදු සූත්‍රය යටත් සුඛෝපභෝගී වාහන ආනයන බද්ද එන්ජින් ධාරිතාව සහ CIF අගය මත අය කෙරෙනු ඇති බව ආරංචි මාර්ග පවසයි. මෝටර් රථ සඳහා නිෂ්පාදන බදු සංශෝධනයියන් සහ සුබෝපභෝගී
    මෝටර් රථ සදහා LT බදු ක්‍රියාත්මක කිරීමෙන් රු.බිලියන 48ක බදු ආදායමක් උපයා ගැනීමට රජය අපේක්ෂක්ෂා කරන අතර, සුඛෝපභෝගී බදු සංශෝධනය පිළිබඳ අදාළ වක්‍රලේඛය ළඟදීම නිකුත් කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.

    මීට පෙර වාහන සඳහා LT බදු ක්‍රියාත්මක වූයේ එන්ජින් ධාරිතාව මත පදනමිවය. එනම්, 2018 මුදල් පනතට අනුව, සීසී 1800ට වඩා වැඩි සිලින්ඩර ධාරිතාව සහිත පෙට්‍රල් වාහන, සීසී 2300ට වඩා වැඩි සිලින්ඩර ධාරිතාව සහිත ඩීසල් වාහන සහ කිලෝවොට් 200ට වැඩි බලයක් සහිත විදුළි වාහන ඇතුළු වාහන කාණ්ඩ තුනක් සදහා මීට පෙර LT බදු අදාළ විය. දැන් එය CIF චටිනාකම මත පදනමිව සංශෝධනය වෙමින්, එන්ජින් ධාරිතාව පදනම් වූ මෙම වාහන කාණ්ඩ ඉවත්වනු ඇත. කෙසේ වෙතත්, නව සංශෝධනයේදී CIF අගය රු. මිලියන 3.5ක් හෝ එම අගය ඉක්මවන සියලුම වාහන රේගු බද්දට අමතරව CIF අගය මත පදනම් වූ සංශිශෝධිත LT බද්දට යටත් වනු ඇති බව වාර්තා වෙයි.

    Toyota Premio, Toyota Axio, Honda Vezel, Toyota HCR - Honda Grace වැනි මෝටර් රථ රැසක් මෙම LT බද්දට යටත් වන අතර, මෙම නව බද්දට අනුව නිෂ්පාදන පිරිවැයට අමතරව සීසී 1000 එන්ජින් ධාරිතාවක් සහිත වාහනයක් සඳහා රුමිලියන 1.2ක් LT බදු ලෙස ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුවනු ඇත.

    මීට පෙර පැවැති බදු ක්‍රමය යටතේ කොරියාවේ නිෂ්පාදිත ඇඩො.20,000ක නිෂ්පාදන වටිනාකමකින් යුතු සීසී 2000 කාණ්ඩයේ වාහනයක් සහ එම එන්ජින් ධාරිතාවයේම යුරෝපයේ නිෂ්පාදිත ඇ.ඩො.35,000ක නිෂ්පාදන වටිනාකමකින් යුතු වාහන සදහා එකම බද්දක් අය කිරීම අසාධාරණ බවට වාහන ආනයනකරුවන් පෙන්වා දුන් අතර,මෙම බදු සංශෝධනයන් සඳහා ඔවුන්ගේ අදහස්ද හේතු වන්නට ඇති බව විශ්වාස කෙරයි.
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    ගෝඨා ආවහම වාහන බදු 3%ක් කරනවලු
    එතකොට ඇලියන් එකක් ලක්ෂ 12යි
    වෑන් එකක් ලක්ෂ 8යි
    පල්සර් බයික් එකක් 55,000යි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    ගෝඨා ආවහම වාහන බදු 3%ක් කරනවලු
    එතකොට ඇලියන් එකක් ලක්ෂ 12යි
    වෑන් එකක් ලක්ෂ 8යි
    පල්සර් බයික් එකක් 55,000යි

    :lol::lol::lol::lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    ගෝඨා ආවහම වාහන බදු 3%ක් කරනවලු
    එතකොට ඇලියන් එකක් ලක්ෂ 12යි
    වෑන් එකක් ලක්ෂ 8යි
    පල්සර් බයික් එකක් 55,000යි

    සුදුවද? :oo:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    විදග්ධ පුක් ශෝධක හෙවත් රංගන26...
    වහාම හිරිකොත අමතන්න...​
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    mage 2010 260ya tiyagannna eka hodada ban ?
    gota awama habay tax godak adu karay wage ne... :baffled::baffled::baffled:



    ඕක උනොත් මට හිතෙන විදියට ඇලියොන් එකක් දෙන්න පුළුවන් ලොකු ලාභයක් තියාගෙන....

    KDH වලට කීයක් වදියිද බං tax? 2950cc :rolleyes::rolleyes:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මූ මේ නිකන් බය කරනව අපිව. ඕක මේ අවුරුද්දේ budget එකෙන් දාපු එකනේ. අලුත් එකක් නෙවෙයි.

    පොඩි වාහන වල ගාන වැඩි වෙන්නේ නැහැ ගොඩක්


    11-2.jpg
    [/url][/IMG]