Our brand is Crisis

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    38290536_1569733369799999_1298292390796197888_n.jpg


    ඩේවිඩ් ග්‍රීන් නමැති අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණයක කරපු our brand is crisis කියන චිත්‍රපටය බලපු අය ඇති. නොබලපු අය ඉන්නවනම් හොයාගෙන බලන්න.

    කතාව මෙහෙමයි. බොලීවියාවේ ජනාධිපති මැතිවරණය පිළිබද කතාවක් තමයි ඒක. (2002 බොලීවියා ජනාධිපතිවරණය ඇසුරෙන් හදපු කතාවක්)

    බොලීවියාව ලොකු සමාජ ආර්ථික ප්‍රශ්ණ රැසක ඉන්නකොට ජනාධිපතිවරණයක් එනවා. අපේක්ෂකයෝ කිහිප දෙනා අතර එරට හිටපු ජනාධිපතිවරයෙක් වෙන Pedro Castillo ත් ඉන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සම්බන්ධතා නිසා ඔහු ජනාධිපති ධූරය දැරූ කාලය ගැන ජනතාව අතර තියෙන්නේ නරක මතකයන් ගොන්නක්. ඒ නිසාම ඔහු මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනකොට ඉන්නේ ජනප්‍රියත්වයේ පහළම අඩියක.

    ඔහු තීරණය කරනවා ඔහුගෙ මැතිවරණ මෙහෙයුමට ඇමරිකානු සමාගමක් උපදේශකයෝ වශයෙන් පත් කරගන්න. කොහොම හරි අන්තිමට එනවා ජේන් කියලා උපායමාර්ගික උපදේශිකාවක්.

    දවස් කිහිපයක්ම කිසිදු විශේෂත්වයක් නැතුව ගෙවිලා යනකොට එක් රැලියකදි තමන්ගෙ මූණට බිත්තරේකින් ගහපු විරෝධතාකරුවෙක්ට castillo අත පුරෝලා හොද පාරක් ගහනවා. ඒක විපක්ෂයේ සැලසුමක්. මේ සිදුවීමේ ජායාරූප සහ වීඩියෝ දර්ශන ඒ මොහොතෙම බොලිවියාවේ ප්‍රධාන පුවතක් වෙනවා.

    අපේ කැම්පේන් එක ඉවරයි. හොදටම සවුත්තු වෙලා තිබ්බ කැම්පේන් එකක අපේක්ෂකයා, මිනිහෙක්ගේ හොම්බ සමතලා කලහම එතනින් එහාට මොන කැම්පේන්ද? සියලු දෙනාම එහෙම හිතාගෙන ඒ පහර දීම ගැන සමාව ඉල්ලලා ලියනවා මාධ්‍ය නිවේදනයක්. "ගැහුවට සොරි"

    ජේන් එනවා කාමරේට. නවත්තපල්ලා ඔය වැඩේ.

    "පෞර්ෂයක් තියෙන මිනිහෙක්ගේ මූණට එකෙක් ඇවිත් බිත්තරේකින් ගහනකොට ඒ මිනිහා බලාගෙන ඉන්නේ නෑ. දීලා අදිනවා හොම්බ කැඩෙන්න.

    Castillo කියන්නේ හොද පෞර්ෂයක් තියෙන මිනිහෙක්. ඒ මනුස්සයා කවදාවත් එයාට ප්‍රශ්ණයක් ආවහම දුවන්නේ නෑ. කෙලින්ම ඒ ප්‍රශ්ණෙට උත්තර දෙනවා. දැඩි තීන්දු!

    මේ වෙලාවේ බොලීවියාව ප්‍රශ්ණ ගොඩක වැටිලා ඉන්නේ. මේක crisis එකක්. දැන් මේ ප්‍රශ්ණ වලින් ගොඩ එන්න නම් බොලීවියාවට ඕන දැඩි තීන්දු ගන්න පළපුරුදු මිනිහෙක්. ඒ තමයි castillo. අපේ කැම්පේන් එක තමයි මේ අර්බුදය. Our brand is crisis!!!!!"

    ජේන්ගෙ මේ කතාවට ඔක්කොම පුදුම වෙලා බලාගෙන ඉන්නවා. කට්ටිය වැඩ පටන් ගන්නවා. සමාව ඉල්ලීම් නෑ. කණගාටු පළ කිරීම් නෑ. අපිට ගැහුවොත් අපි ගහනවා.

    මිනිස්සු ඒ "ගැම්මට" ආදරේ කරන්න ගන්නවා.

    Castillo දිනනවා.

    - දැන් ඒ කතාව මෙතනින් නවත්තන්න -

    ලංකාවේ හිටපු ජනාධිපති පහුගිය පළාත් පාලන මැතිවරණ රැළියකදි තමන්ගෙ අතින් අදින්න ආපු පුද්ගලයෙක්ට අත පුරෝලා එකක් දෙන්න යනවා. ඊයේ පෙරේදා ඇඹිලිපිටියේ රැස්වීමකට කෝල් එකක් ගන්න එයාම "තමුසෙලට ඕන දේ නෙමෙයි. වෙන්න ඕන මට ඕන දේ" කියලා කියනවා.

    ඔයාලා හිතනවද ඒවා හුදකලා සිදුවීම් කියලා?

    එහෙම උනත් ඒ සිදුවීම් වලින් "මහින්ද රාජපක්ෂගේ ජන්ද පදනමට" හානි වෙනවා කියලා.?

    නෑ. එහෙම වෙන්නේ නෑ. ගම්වල ගෑනුන්ගේ, සමහර පිරිමින්ගේ මනෝ ලෝකවල වීරයා මහින්ද රාජපක්ෂ බවට තහවුරු වෙන්න ඒ අත මිට මොලවලා ගහපු පාර, කෝල් එකක් අරන් කියපු කතාව සෑහෙන බලපෑමක් කලා.

    ආයෙත් අර උඩ තියන castillo ගෙ කතාව කියවන්න.

    මහින්ද මහත්තයගෙ කැම්පේන් එක මොකක්ද කියලා ඔයාලට දැන් තේරෙනවද? ඔව්! His Brand is crisis!!!!!

    #ShaneMahendra
     
    • Like
    Reactions: GsmS and Pessimist

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    politics paththakin thiyanna. mahinda ge kale mokada apita patta hoda kalayak widihatada thibbe ? dan wath ehema naa: mage ahahasa nam api okkoma waradi, e apimayi mun wa path karanne nisa nemeyi. ubata unath mata unath me rata thiyenne one kothanada? monawada karanna one wage kisi idea ekak naa: eka nisa thamayi apith apita hariyana role model eka wena kena kiyana ona ekakata his mudunin piliganne :
     

    Dumnut

    Member
    Feb 14, 2013
    14
    0
    0
    In the world
    Good Movie.

    I have watched it. But there is an underlying story as well. Once you have watched it until the end you will realise what that is.

    I don't want to say what it is here and spoil the effect
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    උඹලා දැන් පාටලී ගේ කතාව promote කරනවා නෙහ්:P:P
    ඒත් පාටලී ගෙ වග දැන් රටම දන්නවා බන්, පාටලී ජාතිවාදෙ ගැන කතා කරාට පාටලී තරම් ජාතිවාදී කුමන්ත්‍රණකරුවෙක් තවත් නෑ:angry::angry:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    උඹලා දැන් පාටලී ගේ කතාව promote කරනවා නෙහ්:P:P
    ඒත් පාටලී ගෙ වග දැන් රටම දන්නවා බන්, පාටලී ජාතිවාදෙ ගැන කතා කරාට පාටලී තරම් ජාතිවාදී කුමන්ත්‍රණකරුවෙක් තවත් නෑ:angry::angry:
    පාටලී කියන්නේ ලංකාවේ දේශපාලනේ ඉන්න එපාම කරපු පුද්ගලයෙක්
    හැබැයි ඉන්නේ උපාසකයෙක් වගේ