BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    කොරෝනා ව්‍යාප්තිය පාලනයට එක්රැස්වීම් නවත්වාලිය යුතුයි - විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත

    කොරෝනා වෛරසය සඳහා නිසි ප්‍රතිකාර තවමත් හඳුන්වාදී නොමැති අවස්ථාවක වෛරස් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එක්රැස්වීම් නවත්වාලීය යුතු බවත්, පාසල් ක්‍රීඩා උත්සව, දඹදිව, මත්කම වැනි ආගමික
    සංචාර, රැස්වීම් හා මහජන හමු වැනි පාලනය කළ හැකි අවස්ථාවන් හැකිතාක් දුරට සීමා කිරීම වැදගත් බවත් මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුයේ මහනුවර ජාතික රෝහලේ ඊයේ (29දා)
    පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

    රෝගය ආසාදනය වූ පමණින් ජීවිත හානියක් හෝ යළි රෝගාබාධයක් වැලඳිය හැකි බව පැවසිය නොහැකි නමුත් ඔහුගෙන් තවත් පුද්ගලයකුට එම රෝගය ව්‍යාප්ත විය හැකි බවත්, එම රෝග ආසාධිත පිළිකා රෝගියකු වැනි ප්‍රතිශක්තියෙන් පහළනම් ශීඝ්‍රයෙන් ඔහු රෝගයට ගොදුරු විය. හැකි බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

    ලෝකය පුරා ව්‍යාප්ත වී ගිය සාර්ස් වැනි වෛරස් රෝගවල මරණ සංඛ්‍යාව ඉහළ යන තුරු රැඳී සිටි අයුරින් මෙවරත් රැදී සිනාසිට කොරෝනා වෛරස් රෝගයට කඩිනමි ප්‍රතිකාර යෙදිය යුතු බවත්, මේ සඳහා නිසි ප්‍රතිකාර තවමත් හදුන්වා දී නොමැති අවස්ථාවක 'corona virus"රෝගීන්ට ප්‍රතිකාර කිරීම දැඩි ගැටලුවක් වන නිසා එම රෝගය ව්‍යාප්තවීම කඩිනමින් පාලනය කිරී වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

    කොරෝනා වරසය ආසාදිනිය වී ඇතැයි සැලකෙන චීන ජාතික කාන්තාව මහනුවර රැදී සිටි හෝටලයේ ස්වකයන් කිහිපදෙනෙකු රෝහල්ගත කර ඇති නමුත් ඔවුන්ට සෙම්ප්‍රතිශ්‍ය තත්වයක් ඇතැයි තමන්ට දැනුම් දුන් බවත්, එම රෝගය මේ දක්වා මහනුවරින් වාර්තා නොවන අතර, එනමුත් චීන ජාතික කත රැදී සිටි රෝහල් කාර්යය මණ්ඩලය පරික්ෂා කිරීමේ කිසිදු වරදක් නොමැති අතර, එම රෝගය ව්‍යාප්ත වී ඇතිද යන්න නිශ්චය කරගත යුතු බවත් වෛද්‍ය මැදගෙදර මහතා පැවසීය.

    චීනයේ සිට පැමිණි මුල් ශ්‍රී ලාංකික ශිෂ්‍ය කණ්ඩායම් කිසිදු ප්‍රතිවිපරමකින් තොරව නිවෙස් කරා පිටත් කරවීම
    බලවත් වරදක් වන නමුත්, එම වරද දැන් නිවැරදි කළ නොහැකිව ඇති බැව්
    පැවසූ විශේෂඥ වෛද්‍යවරයා තවදුරත් මෙසේ සඳහන් කළේය.
    "රෝග ලක්ෂණ පෙන්වීමට පෙර මෙම රෝගය තවත් පිරිස් අතර ව්‍යාප්ත වෙනවා. චීනයේ සිට පැමිණි මුල් ශ්‍රී ලාංකික සිසුන් පිරිස දිවයින පුරාම විසිරී සිටින පිරිසක්, අවම වශයෙන් සති දෙකක් පමණ කාලයක් ඔවුන් එක් තැනක තබා රෝග ලක්ෂණ මතු වෙනවා දැයි නිරීක්ෂණය කළ යුතුව තිබුණා.

    රෝගියාගන් සෙසු පුද්ගලයන් ආරක්ෂා කර ගැනීමට මෙන්ම රෝගී පුද්ගලයා යම් යම් විෂබීජවලින් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැලදීම අත්‍යවශරී කාරණයක්. මුඛ ආවරණ පැළදීම අවශ්‍යය නොවන බව ප්‍රකාශ කිරීම සුදුසු කාරණයක් නොවේ.

    මාර්ගයේ ගමන් කරන විට දුම් සහිත අධික වායු දූෂණය තිබෙනවා නම්, ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැලඳීම ඉතාමත්ම සුදුසුයි.

    වෛරස් උණ වෙනුවෙන් විශේෂිත වූ රෝහලක් තිබෙන්නේ කොළඹ පමණයි. සෙසු රෝහල්වල ඒ වෙනුවෙන් තිබෙන පහසුකම් ප්‍රමාණයත් ඉතාමත්ම අල්පයි. ඒ නිසා අපි මුලින්ම් කළ යුත්තේ රෝගිය පැතිරීම වළක්වා ගැනීමයි."

    නමුත් මුඛ ආවරණේ දැඩි හිගය සහ වෙළෙඳපොළ මිල සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා මහජනතාව දැඩි අසීරුතාවට පත්වන බව විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගදර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Source
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    කොරෝනා බියට ජාතික උණ රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩල පැමිණීම අඩුවෙලා

    කොරෝනා වෛරසය ශරිරගත වූ බවට සැකකරන රෝගීන් රඳවා සිටින හා වෛරසය ශරීරගත වූ රෝගියා රඳවා සිටින අංගොඩ ජාතික උණ රෝහලේ කාර්යමණ්ඩලවලට ආරක්ෂිත ඇඳුම් හා උපකරණ නොමැති බව සෞඛ්‍ය සේවකයෝ පෙන්වා දෙති.

    පවතින තත්වය නිසා ඊයේ (29දා) දිනයේදී රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩලවල පැමිණීම ඉතා විශාල ලෙස අඩු වී තිබූ බවත්, මේ නිසා කනිෂ්ඨ කාර්යමණ්ඩල කටයුතු වෛද්‍යවරුන්ට සිදුකිරීමට සිදු වූ බවත් වාර්ත වේ.

    කොරෝනා වෙරසය පිළිබඳ අනතුරුදායක තත්වයක් ඇති වුවහොත්
    එයට සුදානම් කර තිබෙන අනෙකුත් රෝහල් 11ටත් ඊයේ (29දා) දිනය වනවිට නිසි පහසුකම් නොලැබුණ බවද රෝහල් සේවකයෝ සඳහන් කරති.

    ජාතික උණ රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩල ඊයේ සේවයට වාර්තා නොකිරීම නිසා ගැටලු ගණනාවක් ඇති වූ බවත්, මේ නිසා ඔවුන්ට පහසුකම් ලබාදෙන ලෙස ඊයේ (29දා) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

    මීට අමතරව හෙද නිලධාරින්ගේ ආරක්‍ෂවට අවශ්‍ය වන ආරක්‍ෂිත ඇඳුම් හා උපකරණ නොමැති බව සමස්ත ලංකා හෙද සංගමය පවසා සිටියි.

    මේ නිසා අංගොඩ ජාතික උණ රෝහල තුළ හා නම් කර තිබෙන අනෙකුත් රෝහල් 11 සේවය කරන හෙද නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් හා උපකරණ ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයාගෙන් ඊයේ (29දා) දින ලිඛිතව ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති හෙද නිලධාරී එස්.බී. මැදිවත්ත මහතා පැවසීය.

    රෝහල්ගත වන රෝගියාට අවශ්‍ය සියලු සත්කාර කටයුතු හෙද නිලධාරීන් විසින් සිදුකරන බවත්, මේ නිසා ආරක්ෂිත ඇඳුම් හා උපකරණ ලබාදීම කඩිනම් කළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

    Source
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ
    අනේ ඔය හු.... පුතාලා දේශපාලන හෙංචයියෝ තමයි ඒවට දාලා තියෙන්නෙ ඕකුන්ට ඕවා ගැන දැනුමක් තියෙනවා ද? දැනුවත් කිරීම්වලට බය වෙනවා නම් උන්ගෙ වැරැද්ද. සෞඛ්‍ය ආරක්ෂිත ව ඒවා කරන්න පුළුවන්. අවදානම 100% ක් නැතිවෙන් නෑ ඉතිං
    දොස්තරලා නර්ස්ලා ඕවා ගැන ඉගන ගත්ත අය වසංගත රෝග පාලනය ගැන හොදට දන්නවා.
    උබ නිකං ගොබ්බ උපදෙස් නොදී ඉදපන්. ඒවා ගැන දැනුවත් කරන එක හරියට මාස්ක් එකක් දාන එක හරියට අපද්‍රව්‍ය බැහැර කරන එක මේවයින් වත් අපේ උන් ඉගනගන්න ඕන. කාලකණ්ණි ඒවත් නවත්ත ගන්න දගලන්න එපා.

    අනේ මෝඩ හාරකෝ නැට්ට පාගාගෙන මැරෙන්න ඕනේ නැහැ
    දේශ පාලන පත්වීම් නම් එ්වා කරේ රාජිත සේනාරත්න . ඒ උබ කඩේ යන UNP ආණ්ඩුවෙන්. නැතිව වෙන කවුරුවත් නෙවෙයි.
    කොරෝනා නැති උන එක උබ ට ප්‍රශ්නයක් කියලා නම් පේනවා හොඳටම .
    ලංකාවෙම ඉපදිලා ලංකාවෙම මිනිස්සු මැරෙන කම් බලාගෙන ඉන්න අවජාතක බල්ලෙක් උබ නම්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,804
    113
    අදාල නෑනේ
    83295144_1299647296901639_6412756171475648512_o.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ
    හොඳටම රිදිලා කොරෝනා අනාතයින්ට .
    -rep වැස්සක් ම දීලා :lol::lol::lol:

    පුරුෂ ශක්තියක් තියෙනවනම් කෙලින්ම කථා කරන්න ඉන්නකෝ බ්‍රෝ
    හොරෙන් හැංගිලා fake වලින් රඟන්නේ

    sketch-1580380201720.png

    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොරෝනා ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ අය අතර ලාංකිකයෙකුත්

    චීනයේ පැතිරෙන කොරෝනා කාණ්ඩයේ වෛරසය සම්බන්ධව වැරදි තොරතුරු සහ මිත්‍යා මත රාශියක් ගෝලීය වශයෙන් සංසරණය වන බව ඒඑෆ්පී පුවත් සේවය පවසයි. චීනයේ මිලියන 11ක ජනතාවක් මියයන බවට අසත්‍ය මත ව්‍යාප්ත කළ බව කියන ශ්‍රී ලාංකිකයකු සම්බන්ධයෙන්ද කරුණු වාර්තා වී තිබේ.
    පර්යේෂකයන් පවසන්නේ අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ජාලා විශාල වශයෙන් මේ සඳහා යොදා ගන්නා බවයි. වුහාන් නගරයෙන් මතුවූ වෛරසය ජනවාරි මස මුලදී ප්‍රසිද්ධියට පත්වූදා සිටම වැරදි තොරතුරු ව්‍යාප්ත වූ බව ඔවුහු පවසති.
    නොමග යවන වවුල් සුප් වීඩියෝ, මරණ සංඛ්‍යාව විශාල කර දැක්වීම්, සාවද්‍ය ප්‍රතිකාර ක්‍රම, එන්නත් සහ කුමන්ත්‍රණ සම්බන්ධ තොරතුරු මහජනතාව බිය වද්දවමින් සහ නොමග යවමින් ප්‍රචාරය වන අතර ජාතිවාදය අවුළුවන ප්‍රකාශ ද ඒ අතර ඇති බව ඔවුහු සඳහන් කරති.
    මාධ්‍ය අධ්‍යයනය සඳහා වන පොයින්ටර් ආයතනයේ ක්‍රිස්ටිනා ටර්ඩගුයිලා මහත්මිය පවසන්නේ රටවල් 30ක් ආශ්‍රිතව කරුණු පරීක්ෂා කිරීමේදී සංවිධාන 50කට වැඩි සංඛ්‍යාවක් වැරදි තොරතුරු රැල්ලක් ලෙස සමාජ ගතකිරීමට දායක වී ඇති බවයි.
    භීතියට සහ ව්‍යාකූලත්වයට හේතුවන වැරදි තොරතුරු විශාල ප්‍රමාණයක් ඒඑෆ්පී මාධ්‍ය ආයතනයේ තොරතුරුවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමේ කණ්ඩායමට ද සොයාගැනීමට ලැබී තිබේ.
    වෛරසයේ මූලාරම්භය ගැනත් ව්‍යාජ පේටන්ට් බලපත්‍රයක් ගැනත් රෝගය සුව කරගන්නේ කෙසේද යන්න ගැනත් බොහෝ වැරදි පුවත් වාර්තා වී ඇත. වෛරසයට එරෙහි එන්නතක් සඳහා 2015දී පේටන්ට් ලබාගෙන ඇති බවට පැතිර ගිය සාවද්‍ය පුවත එයින් එකකි. මෙම බලපත්‍රය කුකුළු මස් වලින් ව්‍යාප්ත වන වෛරසයක් සඳහා ලබාගත්තකි. සේලයින් හෝ ලවණ සහිත ජලයෙන් වෛරසය විනාශ කළ හැකි බවට ද වැරදි මතයක් ප්‍රචාරය වී ඇත.
    අන්තර්ජාලයේ විශාල වශයෙන් ව්‍යාප්ත වූ කාන්තාවක් වවුල් සුප් පානය කරන වීඩියෝව වසර 2016දී පැසිෆික් දූපතක් වන පලාවු හි දී චීන සංචාරක බ්ලොග්කරුවකු විසින් රූගත කළ එකක් බව පෙනී ගොස් ඇත. සත්‍ය දැනගත් වහාම එම දර්ශන ප්‍රචාරය කළ මාධ්‍ය ආයතන කිහිපයක් පරීක්ෂා කර යාවත්කාලීන කිරීමට කටයුතු කර තිබේ.
    "බොහෝ දෙනකුට ඔවුන්ගේ මූලික තොරතුරු මූලාශ්‍රය වන්නේ සමාජ මාධ්‍ය ජාලය වන අතර එය විමර්ශනයකින් තොරව පුවත් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකටය" යනුවෙන් නවසීලන්තයේ වෛද්‍ය සමාජ විද්‍යාඥයෙකු වන රොබට් බර්තෝලමියු පවසයි.
    නිරන්තරයෙන් අසත්‍ය තොරතුරු ගලා ඒම නිසා වෛරසය සමග පොරබදිමින් සිටින සෞඛ්‍ය නිලධාරීන්ට එම කාර්යය නිසි පරිදි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ද ඔහු පවසයි
     
    ජාත්‍යන්තර ජයගත් එක් අවස්ථාවක්:lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    හොඳටම රිදිලා කොරෝනා අනාතයින්ට .
    -rep වැස්සක් ම දීලා :lol::lol::lol:

    පුරුෂ ශක්තියක් තියෙනවනම් කෙලින්ම කථා කරන්න ඉන්නකෝ බ්‍රෝ
    හොරෙන් හැංගිලා fake වලින් රඟන්නේ

    Thread ekakata deepu rep balannath kramayak thiyenawada? Yako meke awurudu 13 indalath man danne nane. :D
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,580
    710
    113
    38
    සුවසිලන්තය
    මන් කියන්නම් ලංකාවට වෙන දෙයක් චීන්නු කොරෝන එක කොහොම හරි හොඳ කරයි හරිද .. ඔන් බලපන් අපේ එවුන් ඕක මාසගානක් ඇදන් යනවා අනිවා ෂුවර් .
    අපේ මාද්‍ය කාරයෝ තමයි හැමදේටම වගකියන්න ඕනේ ... අපේ එවුන් බ්‍රේකින් නිව්ස් දදා හැමමගුලක්ම කියනවා :angry::angry:මිනිස්සු බය වෙනවා .... මොකද මාත් ඉන්නේ චිනේ ලගම තාම එත් මෙහෙ නිව්ස් වලට එහෙම විස්තර කියන්නේ නෑ අනවශ්‍ය විදියට මිනිස්සු බයකරන්නේනෑ:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    බය කරන්නෑ නෙමේ චීනෙ මාධ්‍ය නිදහස නෑ. ලංකාව එහෙම නෑ මිනිස්සුන්ට දැනුවත් වෙන්න අයිතියක් තියෙනව ඉතිං මාධ්‍ය වලිං දැනුවත් කරනව.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Let's wait for the WHO decision. They will meet soon, in a few minutes. What's holding them is the rate of infection outside China.
     
    Status
    Not open for further replies.