රස වෙදකම

thalia

Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    ආයුර්වේදය කියන්නෙ ජීවිතය පිළිබඳ වූ විද්‍යාවට.

    ආයුර්වේදයේ ප්‍රධාන අරමුණු දෙක තමයි ,
    1.රෝගියාගේ රෝග වලට පිළියම් කිරීම
    2.නිරොගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කර ගැනීම.

    ආයුර්වේදයේදී ඖෂධ සංස්කරණයට ද්‍රව්‍ය වර්ග 3ක් භාවිතා කරනවා.
    1.උද්භිද ද්‍රව්‍ය
    2.සත්ව ද්‍රව්‍ය
    3.පාර්තිව ද්‍රව්‍ය

    පාර්තිව ද්‍රව්‍ය කියන්නෙ ලෝහ හා ඛනිජ වර්ග වලට. මෙම ද්‍රව්‍ය යොදාගෙන ඖෂධ නිෂ්පාදනය රස වෙදකමේදී සිදු කරනවා .

    "රසෝජලේ රසෝහර්ෂ: රසස් ශෘංගාර පූර්වක:
    ස්වාද්වාදීෂු නිර්යාසේ පාරදෙපි රසෝ විෂං "

    රස ජලයටද , රස සතුටටද , රස සාහිත්‍යයේද , මධුර ආදී රසද , මැලියම් ද , රසදිය ද , විෂ ද රස ලෙස හදුන්වනව.

    රස වෙදකමේදී රසදිය (Hg/පාරද) රස ලෙස හදුන්වනවා.

    රස වෙදකම ඇති විමට හේතු

    5 වන ශතවර්ෂය පමණ කාලයේ අෂ්ටාංග ආයුර්වේදයේ අංගයක් වන ශල්‍ය තන්ත්‍රය හිංසාකාරී සහ ප්‍රචණ්ඩ ලෙස සැලකුණි.එයට හේතුව එම කාලයේ නායකයන් අවිහින්සාවට සහ අප්‍රචණ්ඩත්වයට ගරු කළ නිසාය . එම නිසා ශල්‍ය තන්ත්‍රයේ ක්‍රියා තහනම් විය. නමුත් ශාක ඖෂධ ශල්‍ය තන්ත්‍රය තරම් සාර්ථක වුයේ නැත.
    මේ නිසා පර්යේෂකයන් විසින් රෝග සදහා පිලියමක් ලෙස ඖෂධ භාවිතය දියුණු කිරිඉමට පටන් ගන්නා ලදී .මෙහිදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුක විය .එයින් ඖෂධ පිළිබද වූ නව විද්යාවක් ඇති විය. එය රස ශාස්ත්‍රය වේ.

    රස වෙදකමේ රජු. - රසදිය

    සංස්කෘත භාෂාවෙ රසදිය වලට කියන්නෙ පාරද කියල.
    රසදිය වලට අනෙකුත් ලෝහ වර්ග දිය කිරීමේ හැකියාවක් ඇත. එසේම පාරද වලට වයසට යාම , වේදනාව , අකල් මරණය යන ක්‍රියා වැළැක්ීමට හා පිළියම් කිරීමට හැකියාව ඇත.

    "රසනාත් සර්ව ධාතුනාම් - රස ඉත්යභීධීයතේ
    ජරාවෘම් මෘතයනාශාය - රස්යතේවා රසෝ මතම්."

    රස ඖෂධ වල විශිෂ්ඨත්වය

    "අල්ප මාත්‍රෝප යෝගිත්වා අරුචේරුප්‍රසන්නතා
    ශිප්‍රමාරෝග්ය දායිත්වා භේෂජෙභ්යෝ දිකෝරසං
    සාර්දේෂු භේෂජං සර්ව කථිතං සුචිකිත්සකං
    අසාධ්‍යභී ධාතවයේ රසොත: ශ්‍රෙෂ්ඨ:"

    තේරුම-
    ස්වල්ප ප්‍රමාණයෙන් අවශ්‍ය වේ. අරුචියක් නැත.
    රෝග ඉක්මනින් සුව වේ. භේෂජ ගුණයෙන් යුක්තයි. අසාධ්‍ය මෙන්ම සාධ්‍ය රෝග වලදීද භාවිත කල හැකිය.එම නිසා රස ඖෂධ විශිෂ්ට යයි පවසයි.

    2 Aspects of Rasa Sastra

    1.දේහ සිද්ධි - රෝග වලට ප්‍රතිකාර කිරීමට ලෝහ ඛනිජ යොදා ගැනීම.
    2.ලෝහ සිද්ධි - ප්‍රාථමික ලෝහ වලින් වටිනා ලෝහ නිපදවීම.(යකඩ ,තඹ ආදී ලෝහ වලින් රන් ,රිදී ආදිය සැදීම.):P

    රස ශාස්ත්‍ර කාලය

    8 වන සියවස අවසානයේ මෙම කාලය උදා විය.රස ක්ෂේස්ත්‍රයට සිද්ධ නාගර්ජුන ප්‍රවිෂ්ට විය.සිද්ධ නාගර්ජුන රස ශාස්ත්‍රයේ කැපී පෙනෙන පුද්ගලයෙකි.
    ආරම්භයේදී, ඔහු මේ විද්යාව බොහෝ නීරස ,අලුත් සොයා ගැනීම් සහිත ක්‍රියා සමග හදුන්වා දුන්නේය. පසු කලීනව ඔහු රසායන විද්‍යා/ ධාතු වාද / ලෝහ සිද්ධි වල නවොත්පාදකයා විය. ඔහු රත්‍රන් නිෂ්පාදනයට විවිධ මුලදර්ම හදුන්ව දුන්නේය. මොහු රස නාගර්ජුන ලෙසද හදුන්වයි. මොහු බෞද්ධකි.
    ඔහු නාලන්දාවේ අධ්‍යාපනය ලබා ඇත. මොහු බෞද්ධ තන්ත්‍ර හා රස තන්ත්‍ර වල පොත් 58 ක් පමණ රචනා කර ඇත.

    උදා:
    නාගර්ජුන තන්ත්‍රය
    ලෞහ ශාස්ත්‍ර
    යෝග ශාස්ත්‍ර
    කක්ෂපුට
    ආරෝග්‍ය මංජරී

    ධාතු වාදයේ දැනුමින් ඔහු පහත් ලෝහ , රත්රන් බවට පරිවර්තනය කිරීමෙ සමීකරණ විස්තර කරන ලදී.

    අදට ඇති . අද රස ශාස්ත්‍රය ගැන පොඩි හැදින්වීමක් කලේ .වෙලාවක් හම්බුනාම තව විස්තර දාන්නම්. රස බෙහෙත් හදන එක සැහෙන වෙලාවක් යන(සමහර ඖෂධ හදන්න දවස් ගානක් යනවා.) සෑහෙන අමාරු වැඩක්.

    මම දන්න විදිහට ගම්පහ වික්‍රමාරච්චි සිද්ධායුර්වේද ඖෂධ සමාගමෙයි ක්‍රිමිරාජ එකෙයි රස බෙහෙත් හදනව.

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    අනික්වා නම් දන්නෙ නැහැ
    යකඩ තඹ එහෙම රත්‍රන් කරන කතාව නම් අමූලික බොරුවක් එහෙම කරන්න න්‍යශ්ටික ප්‍රතික්‍රියා කරවන්න ඕන, සාමාන්‍යෙන් මේ වගේ ප්‍රතික්‍රියා වෙන්නෙ තරු වල කෝර් එකේදි වගේ. එතනදි ආවර්තිතා වගුවෙ පහල තියන මූලද්‍රව්‍ය ටික ටික උඩ තියන එවට පත් වෙනවා මුලින්ම වෙන්නෙ හයිඩ්‍රජන්, හීලියම් බවට, අන්තිම හරියෙදි අයන් එහෙම හැදෙනවා, gold එහෙම හැදෙන්නෙ සුපර්නෝවා එකකදි එහෙම නැත්නම් නියුට්‍රෝන් ස්ටාර් දෙකක් එකට හැපෙන්න වගේ දෙයක් වෙන්න ඕන. මේ ටික කිවුවෙ අර බාල ලෝහ රත්‍රන් කරන්න කොයි තරම් අමාරුද කියන එක පැහැදිලි කරන්න

    අනික් එක රසදිය බෙහෙත් විදියට ගන්න එක පට්ටම භයානකයි, බොහොම සුළු ප්‍රමානයක් ශරීරගත වෙලා මැරෙන්න පුලුවන්
    එක එක මගුල් හදන්න ගිහින් Organic mercury(විශේශයෙන් methyl mercury වගේ එකක් හැදුනොත්) වගේ මොනව හරි හැදුනොතින් එහෙම සොරිම තමයි, බිංදුවක් විතර ඇගේ ගෑවුනත් ඇති මැරෙන්න, සාමාන්‍ය ග්ලවුස් හරහා පවා යන්න පුලුවන් මේවට, විශේශ ග්ලවුස් එහෙම දාල නැත්නම් ග්ලවුස් එකේ ගෑවුනත් ඇති මැරෙන්න.
    බොහොම භයානක මරණයක් ලැබෙන්නෙ සරලව කිවුවොතින් මර්කරි ශරීරගත උනාම කෙලින්ම ස්නායු පද්ධතියට සහ මොලේට බලපාන්නෙ, අන්තිමේදි ස්නායු වලින් මොලේට සිග්නල් යන්නෙ නැතුව යනවා, ඇහෙන්නෙ නැති වෙනවා පේන්නෙ නැති වෙනවා අතපය සහ කිසිම මසල් එකක් හොල්ලන්න බැරි වෙනවා, ඒත පණ තියනවා. හරියට අපේ බොඩි එක ඇතුලෙ අපි හිරවෙලා වගේ. කියන්න කතා කරන්න බැහැ ඒත් හිතන්න එහෙම මොලේ වැඩ කරනවා. නිකමට හිතපන් මෙහෙම තත්වයක් කොයි තරම් භයානකද කියලා.( ස්ලීප් පැරලයිසිස් එහෙම වෙලා තියන අය නිකමට හිතපන් ඒකෙදි කොයි තරම් පැනික් වෙනවද කියලා එතකොට මෙහෙම උනොත් මොනවා හිතෙයිද අනිවාර්යෙන් මැරෙන්න කලින් පිස්සු හැදිලා තමයි මැරෙන්නෙ ඒත් පිටින් පේන්නෙ කොමා තත්වයට පත් වෙලා වගේ)
    සමහර රටවල අතීත පාලකයො එහෙම මැරිලා තියනවා මර්කරි බෙහෙත් විදියට අරගෙන, ඒ කාලෙ මර්කරි බෙහතක් කියලා ඒ රටවලත් විශ්වාස කරා
    සමහර විට ලෙඩ හොද වෙනව වගේ තේරෙන්න පුලුවන් මොකද ස්නායු වලින් සිග්නල් යන එක අඩු වෙනකොට වේදනවාල් එහෙමත් දැනෙන එක අඩු වෙන්න පුලුවන් ඒ වෙන්නෙ ලේඩේ හොද වෙලා නෙමයි ස්නායු පද්ධතියට කෙල වෙලා

    ඒක නිසා අද කාලෙ මේ වගේ ඒව කරන්න යන්න එපා
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ

    රසදිය භාවිතය භයානකයි තමයි..ඒත් හරි ආකාරව රසදිය ශෝධන මාරන වලට ලක් කරලා ගත්තම තියන ගුණ අනන්ත අප්‍රමාණයි.
     
    බාල ලෝහ රත්තරන් කෙරුවෙ කොහොමද කියලනම් දන් නෑ මචන්. සමහරවිට මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඇති. ශාල්වහන් කියන රජ කෙනෙක්ගෙ කාලෙක පළමු නාගර්ජුන කියන පුද්ගලය ඒ රජ තුමාගේ හිස් වෙච්ච භාණ්ඩාගාරය තම දැනුම භාවිත කරලා රත්තරන් වලින් පිරෙව්වා කියල ඉතිහාස කතාවක් තියෙනවා .

    රසදිය විතරක් නෙමෙයි මචන් රස වෙදකමේදී ගන්න ගොඩක් දේවල් විස ද්‍රව්‍ය. ශෝධන මාරන කර්ම කරලා ඒවගේ තියෙන impurities අයින් කරන්න ඕන.
    රස වෙදකමේ සදහන් වන විදිහට රසදිය වල අශ්ටමහා දෝෂ තියෙනවා.
    නාග,වංග ,මල,අග්නි ,චාන්චල්ය ,විෂ,ගිරි,අසහ්යග්නි,
    මේ දෝෂ හින්ද වෘණ,කුෂ්ට,සිහිය නැති වීම,දාහය ,වීර්ය නාශනය,මරණය ,ජඩතාවය,සැරව පිරුණු ගෙඩි ඇති වෙන්න පුළුවන්.
    මිට අමතරව නෛසර්ගික දෝෂ,සප්ත කංචුක දෝෂ,,යෞගික දෝෂ කියලත් තියෙනවා.

    ඉතින් මේ දෝෂ අයින් කරන්න රසදිය සංස්කරණය කරන්න ඕන.
    සාමාන්‍යයෙන් ඖෂධ නිෂ්පාදනයට අෂ්ට මහා සංස්කරණ කරන්න ඕන.
    ස්වෙදන,මර්දන,මුර්ජන,උත්තාපන,පාතන,රෝදන,නියාමන,දීපන.

    මිට අමතරව අෂ්ටා දස සංස්කරණ(18) , ඌන විංශති සංස්කරණ (19) කියල සංස්කරණ ක්‍රම තියෙනවා. මේ සංස්කරණ ක්‍රම යොදා ගන්නේ ලෝහ සිද්ධි වලදී.(බාල ලෝහ වලින් වටිනා ලෝහ හදනකොට.) මේ ගැන රස වෙද පොත් වල සදහන් වෙලා නෑ බන්.
    :no:
     
    රසදිය වලින් හැදෙන හැම සංයෝගයක්ම වගේ විසයි, සමහර ඒව තියනවා විස නැති ඒවා, ඒව විස නැති වෙලා තියෙන්නෙ ඒ සංයෝග සෑහෙන්න වතුරෙ දියවෙනවා, එතකොට ඒ රසදිය සේරම වකුගඩු වලින් ෆිල්ටර් කරලා මුත්‍රා එක්ක ඇගෙන් අයින් වෙනවා. එතකොට විස වෙන්න රසදිය ඇගේ ඉතුරු වෙන්නෙ නැහැ. ඒක නිසා ඔය Impurities අයින් කරනවා කියන වැඩේදි මේ වගේ සංයෝගයක් හැදෙනවා නම් එතොට ඒවයෙන් ලෙඩක් සනීප වෙනවා නම් සනීප වෙන්න ඕන ඒ බෙහෙත් වල තියන වෙන මොකක් හරි නිසා මොකද රසදිය ටික සේරම වගේ ඇගෙන් අයින් වෙන නිසා

    ඒ ඇරෙන්න රසදිය වල විස නැති කරන්න පුලුවන් විදියක් නැහැ. රසදිය විදියට තිබුනත් සංයෝගයක් විදියට තිබුනත් මිනිස්සුන්ට විසයි. ලංකාවෙ විතරක් නෙමයි ලෝකෙ ගොඩක් රටවල රසදිය බෙහෙත් විදියට බාවිතා කරා. රසදිය වලින් ස්නායු පද්ධයියට බලපෑමක් තියන නිසා හැසිරීම් වල එහෙම වෙනස්කම් වෙන්න පුලුවන්, මේක වරදවා වටහා ගන්න පුලුවන් ලෙඩේ සනීප වෙලා කියලා. ලෙඩා මැරුනොත් අර මුලින් තිබුනු ලෙඩේ නිසා මැරුනා කියලා හිතනවා. කවුරුවත් රසදිය වල බලපෑම නිසා මැරුන කියලා හිතන්නෙ නැහැ.

    වෙන ලෝහයක් රත්‍රන් වලට පත් කරන එක නම් අමූලික බොරුවක්, ඉතිහාස කතා වල තියන සේරම ඇත්ත නෙමයිනේ.

    හරියටම දන්නවා නම් ඔය Impurities අයින් කරනවා හරි so-called "රසදිය ශෝධන මාරන" වලින් හරියටම වෙන්නෙ මොකද්ද කියලා(සයන්ටිෆිකලි) මාත් ආසයි දැනගන්න

    Last edited: