ආයුර්වේදය කියන්නෙ ජීවිතය පිළිබඳ වූ විද්‍යාවට.
ආයුර්වේදයේ ප්‍රධාන අරමුණු දෙක තමයි ,
1.රෝගියාගේ රෝග වලට පිළියම් කිරීම
2.නිරොගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කර ගැනීම.
ආයුර්වේදයේදී ඖෂධ සංස්කරණයට ද්‍රව්‍ය වර්ග 3ක් භාවිතා කරනවා.
1.උද්භිද ද්‍රව්‍ය
2.සත්ව ද්‍රව්‍ය
3.පාර්තිව ද්‍රව්‍ය
පාර්තිව ද්‍රව්‍ය කියන්නෙ ලෝහ හා ඛනිජ වර්ග වලට. මෙම ද්‍රව්‍ය යොදාගෙන ඖෂධ නිෂ්පාදනය රස වෙදකමේදී සිදු කරනවා .
"රසෝජලේ රසෝහර්ෂ: රසස් ශෘංගාර පූර්වක:
ස්වාද්වාදීෂු නිර්යාසේ පාරදෙපි රසෝ විෂං "
රස ජලයටද , රස සතුටටද , රස සාහිත්‍යයේද , මධුර ආදී රසද , මැලියම් ද , රසදිය ද , විෂ ද රස ලෙස හදුන්වනව.
රස වෙදකමේදී රසදිය (Hg/පාරද) රස ලෙස හදුන්වනවා.
රස වෙදකම ඇති විමට හේතු
5 වන ශතවර්ෂය පමණ කාලයේ අෂ්ටාංග ආයුර්වේදයේ අංගයක් වන ශල්‍ය තන්ත්රය හිංසාකාරී සහ ප්රචණ්ඩ ලෙස සැලකුණි.එයට හේතුව එම කාලයේ නායකයන් අවිහින්සාවට සහ අප්රචණ්ඩත්වයට ගරු කළ නිසාය . එම නිසා ශල්‍ය තන්ත්රයේ ක්‍රියා තහනම් විය. නමුත් ශාක ඖෂධ ශල්‍ය තන්ත්රය තරම් සාර්ථක වුයේ නැත.
මේ නිසා පර්යේෂකයන් විසින් රෝග සදහා පිලියමක් ලෙස ඖෂධ භාවිතය දියුණු කිරිඉමට පටන් ගන්නා ලදී .මෙහිදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුක විය .එයින් ඖෂධ පිළිබද වූ නව විද්‍යාවක් ඇති විය. එය රස ශාස්ත්‍රය වේ.
රස වෙදකමේ රජු. - රසදිය
සංස්කෘත භාෂාවෙ රසදිය වලට කියන්නෙ පාරද කියල.
රසදිය වලට අනෙකුත් ලෝහ වර්ග දිය කිරීමේ හැකියාවක් ඇත. එසේම පාරද වලට වයසට යාම , වේදනාව , අකල් මරණය යන ක්‍රියා වැළැක්ීමට හා පිළියම් කිරීමට හැකියාව ඇත.
"රසනාත් සර්ව ධාතුනාම් - රස ඉත්යභීධීයතේ
ජරාවෘම් මෘතයනාශාය - රස්යතේවා රසෝ මතම්."
රස ඖෂධ වල විශිෂ්ඨත්වය
"අල්ප මාත්රෝප යෝගිත්වා අරුචේරුප්රසන්නතා
ශිප්රමාරෝග්ය දායිත්වා භේෂජෙභ්යෝ දිකෝරසං
සාර්දේෂු භේෂජං සර්ව කථිතං සුචිකිත්සකං
අසාධ්යභී ධාතවයේ රසොත: ශ්‍රෙෂ්ඨ:"
තේරුම-
ස්වල්ප ප්‍රමාණයෙන් අවශ්‍ය වේ. අරුචියක් නැත.
රෝග ඉක්මනින් සුව වේ. භේෂජ ගුණයෙන් යුක්තයි. අසාධ්‍ය මෙන්ම සාධ්‍ය රෝග වලදීද භාවිත කල හැකිය.එම නිසා රස ඖෂධ විශිෂ්ට යයි පවසයි.
2 Aspects of Rasa Sastra
1.දේහ සිද්ධි - රෝග වලට ප්‍රතිකාර කිරීමට ලෝහ ඛනිජ යොදා ගැනීම.
2.ලෝහ සිද්ධි - ප්‍රාථමික ලෝහ වලින් වටිනා ලෝහ නිපදවීම.(යකඩ ,තඹ ආදී ලෝහ වලින් රන් ,රිදී ආදිය සැදීම.)
රස ශාස්ත්‍ර කාලය
8 වන සියවස අවසානයේ මෙම කාලය උදා විය.රස ක්ෂේස්ත්රයට සිද්ධ නාගර්ජුන ප්‍රවිෂ්ට විය.සිද්ධ නාගර්ජුන රස ශාස්ත්රයේ කැපී පෙනෙන පුද්ගලයෙකි.
ආරම්භයේදී, ඔහු මේ විද්‍යාව බොහෝ නීරස ,අලුත් සොයා ගැනීම් සහිත ක්‍රියා සමග හදුන්වා දුන්නේය. පසු කලීනව ඔහු රසායන විද්‍යා/ ධාතු වාද / ලෝහ සිද්ධි වල නවොත්පාදකයා විය. ඔහු රත්රන් නිෂ්පාදනයට විවිධ මුලදර්ම හදුන්ව දුන්නේය. මොහු රස නාගර්ජුන ලෙසද හදුන්වයි. මොහු බෞද්ධකි.
ඔහු නාලන්දාවේ අධ්‍යාපනය ලබා ඇත. මොහු බෞද්ධ තන්ත්ර හා රස තන්ත්ර වල පොත් 58 ක් පමණ රචනා කර ඇත.
උදා:
නාගර්ජුන තන්ත්රය
ලෞහ ශාස්ත්‍ර
යෝග ශාස්ත්‍ර
කක්ෂපුට
ආරෝග්‍ය මංජරී
ධාතු වාදයේ දැනුමින් ඔහු පහත් ලෝහ , රත්රන් බවට පරිවර්තනය කිරීමෙ සමීකරණ විස්තර කරන ලදී.
අදට ඇති . අද රස ශාස්ත්‍රය ගැන පොඩි හැදින්වීමක් කලේ .වෙලාවක් හම්බුනාම තව විස්තර දාන්නම්. රස බෙහෙත් හදන එක සැහෙන වෙලාවක් යන(සමහර ඖෂධ හදන්න දවස් ගානක් යනවා.) සෑහෙන අමාරු වැඩක්.
මම දන්න විදිහට ගම්පහ වික්‍රමාරච්චි සිද්ධායුර්වේද ඖෂධ සමාගමෙයි ක්‍රිමිරාජ එකෙයි රස බෙහෙත් හදනව.

+