කොරෝනා මැද මහින්දානන්ද චීනයට - විදෙස් ගමන් තහනම ඉවතට !
2015 ජනාධිපතිවරණ සමයේදී බෙදා හැරීම සඳහා සතොස ආයතනය හරහා රුපියල් කෝටි 05ක් වටිනා කැරම් බෝඩ් ඇතුළු ක්‍රීඩා භාණ්ඩ ගෙන්වීම තුළින් රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධ නඩුවට අදාළව රාජ්‍ය අමාත්‍ය, රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (31) නියම කළේය.
ඒ, පෙබරවාරි 10 - 25 අතර කාලය තුළ රාජකාරි කටයුත්තක් සඳහා තමන්ට චීනයේ සංචාරය කිරීමට අවශ්‍යව ඇති හෙයින් විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඒ මහතා සිය නීතීඥයින් මාර්ගයෙන් කළ ඉල්ලීමක් විනිසුරු මඬුල්ල විසින් සලකා බැලීමෙන් අනතුරුවය.
නඩු විභාගය මාර්තු 11 වනදා දක්වා කල් තබන ලදී.
කෙසේවෙතත් චීනය තුළ කොරෝනා වෛරසය පැතිරයාම නිසා දැනට චීනයෙහි සිටින ශ්‍රී ලාංකිකයින් ද රජයේ මැදිහත් වීමෙන් ආපසු ශ්‍රී ලංකාව කරා රැගෙන එමින් සිටින මොහොතක මහින්දානන්ද අලුත්ගමගේ මහතාව චීනයට යැවීමට තීරණය කිරීම පිළිබඳ අන්තර්ජාලය තුළ බොහෝ කතාබහ පැතිර යමින් පවතී.
https://www.lankanewsweb.net/sinhala/127-general-news/55674-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7---%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7--