මැත්ස් කරපු මාමා කෙනෙක්

Leo_nardo

Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    මැත්ස් කරපු මාමා කෙනෙක්

    මැත්ස් කරපු මාමා කෙනෙක් කියන්නකෝ සංයුක්ත ගණිතය විවික්ත ගණිතය කියන එකේ වෙනස
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    මට O/L ගණිතයට D එකක් තියෙනව (1998)
    D එකක් ගත්තෙ පට්ට ඊසි විදියට

    ඒත් මට A/L මැත්ස් අමාරු වුණා. ඒ කාලෙ තමා මගේ අසනීපෙත් වැඩි වුණේ
    මට A/L කරන්ඩ වෙන ඉස්කෝලෙකට යන්ඩ වුණා
    ඉගෙන ගත්ත ගමේ ඉස්කෝලෙ A/L නැති නිසා

    ඒ වුණාට අදටත් මම ගණිතයට ආසයි, පස්සෙ පස්සෙ A/L ගණන් තේරුම් ගන්ඩ විසඳන්ඩ පට්ට ගේමක් දුන්න, තාමත් මැරෙනකනුත් මම ගණං වලට ආසයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ඉස්සර තිබුණෙ ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය
    2000 ඉඳ වගේ තමා ඔය දෙක එකට දාල සංයුක්ත ගණිතය කියල තනි විශයක් හැදුවෙ
    ඊට කලින් රසායන විද්‍යාව භෞතික විද්‍යාව එක්ක ඔක්කොම විෂයන් 4ක් තිබුණ

    විවික්තද මොකක්ද ඒකනං දන්නෙ නෑ මම. අලුත් සීන් එකක් වෙන්ඩ ඇති
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,847
    1,279
    113
    සන්තතික දත්ත, විවික්ත දත්ත කියල එකක් නම් අහල තියනව.
    විවික්ත ගණිතය කියල එකක් නම් දන්නෙ නෑ.
     

    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    සන්තතික දත්ත, විවික්ත දත්ත කියල එකක් නම් අහල තියනව.
    විවික්ත ගණිතය කියල එකක් නම් දන්නෙ නෑ.

    :)
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,851
    8
    35,429
    113
    ඉස්සර තිබුණෙ ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය
    2000 ඉඳ වගේ තමා ඔය දෙක එකට දාල සංයුක්ත ගණිතය කියල තනි විශයක් හැදුවෙ
    ඊට කලින් රසායන විද්‍යාව භෞතික විද්‍යාව එක්ක ඔක්කොම විෂයන් 4ක් තිබුණ

    විවික්තද මොකක්ද ඒකනං දන්නෙ නෑ මම. අලුත් සීන් එකක් වෙන්ඩ ඇති

    Because විවි, I initially thought it was the branch of mathematics invented by our famous politician.... like 2/2 = 0 :P
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy
    මට හිතෙන්නේ මේක වියුක්ත (abstract ) සහ සංයුක්ත යන වචන වෙන්න ඕන. In that case,

    වියුක්ත (abstract ) ගණිතය යනු ඉන්ද්‍රිය ගෝචර (පොල් ගෙඩි, ග්‍රහ ලෝක, තරුකා) සංකල්ප වලින් තොරව ස්වසිද්ධි මගින් ආරම්භ කොට අනෙකුත් ප්‍රමේයයන් (සාධාරණ ලෙස )සාධනය කෙරීම ලෙස ගත හැක. පැරණි විෂය නිර්දේශයේ ශුද්ධ ගණිතයෙහි බොහොදුරට මෙම ක්‍රමය අනුගමනය කරනුලැබීය. තව දුරටත් පැහැදිලි කරොත් වියුක්ත ගණිතයෙහි සාමාන්‍ය ලෝකයේ පවතින වස්තුන් හෝ සංකල්ප ගැන කිසිදු සඳහනක් නොකෙරෙයි. වියුක්ත ගණිතය සහ එදිනෙදා ලෝකයේ සංකල්ප සම්බන්ද කරනු ලබන්නේ ව්‍යවහාරික(applied ) ගණිතයෙහිදීය. මෙහිදී ත්‍රිකෝණමිතික සම්බන්දතා යොදාගෙන බිම් මැනීමේ සිට නිව්ටන් නියම, quantum mechanics දක්වා ඇති සියලු දේ අයත් වෙයි (සාධාරණ ප්‍රමෙයන් ඒ ඒ අවස්ථාවට යොදාගැනීම).
    නව නිර්දේශයෙදී මෙම ශුද්ද සහ ව්‍යවහාරික කොටස් එකතුකොට සංයුක්ත (compact ) ගණිතය යන විෂය නිර්මාණය කොට ඇති බව මගේ අදහසයි. නමුත් මැත්ස් කරපු මාමා කෙනෙකු වන මට එම නව විෂයෙහි අන්තර් ගතය ගැන එතරම් දෙනීමක් නොමැත.

    ඔබ මෙවැනි සංකල්පීය කරුණු ගැන උනන්දු වන්නෙක් නම් නලින් ද සිල්වා ගේ "මගේ ලෝකය" වැනි දෑ කියවන්න.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ශුද්ධ ගණිතයයි ව්‍යවහාරික ගණිතයයි එකතු කරලා සංයුක්ත ගණිතය කියල එක විෂේකට ගෙනාවනේ.. ඒකනේ කම්බයින්ඩ් මැත්ස් කීවේ. විවික්ත ගණිතය කියල එකක් නෑ ඉතින්. තේරෙනවනෙ ?
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    විවික්ත කියන්නේ APID එකේ තියන විදියට Mathamatics කියල සබ්ජෙක්ට් එකක් නෑ. හැබැයි විශයයන් වෙනවෙනම පේපර්ස් වලට ලියන්න ඕනේ. සංයුක්ත කිව්වත් ප්‍රශ්ණ 3/5කට ලියන්න ඕනේ වගේ. මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.

    https://apcentral.collegeboard.org/about-ap/awards/international-diploma
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මැත්ස් කරපු මාමා කෙනෙක් කියන්නකෝ සංයුක්ත ගණිතය විවික්ත ගණිතය කියන එකේ වෙනස

    මචන් දෙමළ පුතේ විවික්ත ගණිතය නැත්නම් Discrete Mathematics කියන්නෙ තාර්කික ප්‍රකාශන, කුලක, සංයෝජන සහ සංකරන වගේ
    එකිනෙකින් වෙන් (distinct) කරල අඳුරගන්න පුළුවන් mathematical objects ගැන ගණිතයේ උගන්වන කොටසට. උදාහරණයක්
    විදියට කියනවනම් 1,2,3,4 .. වගේ යන නිඛිල සංක්‍යා කුලකය ගත්තොත් ඒක discrete concept එකක්. 1 ත් 2 ත් අතර තියෙන සංක්‍යා
    ගැන නිඛිල වලදී කතා කරන්නෙ නෑ. එත් තාත්වික ස්න්ක්‍යා කුලකය ගත්තොත් 1 ත් 2 ත් අතර 1.0001,1.0002,... වගේ අනන්ත විචලනයකින්
    යුතු සංක්‍යා තියෙනව. මේවගේ සුමට විචලනයක් තියෙන mathematical objects ගැන ඉගෙන ගන්න කොටසට කියන්නෙ
    Continuous Mathematics කියල. අවකලනය අනුකලනය අයිති වෙන්නෙත් මේ ගොඩටම තමයි.

    Discrete Mathematics පරිගණක විද්‍යාව (BSc) එකක් කරනව නම් ගැඹුරටම උගන්නවනව. Cryptography, Blockchain වගේ දේවල්
    වැඩ කරන විදිය දැනගන්න Discrete Mathematics ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන.

    Discrete Mathematics සහ Continuous Mathematics කියන දෙකම ශුද්ධ ගණිතය (Pure Maths) කියන කොටස යටතේ
    උගන්නනව. ශුද්ධ ගණිතය සහ ව්‍යවාහාරික ගණිතය (Applied Maths) කියන කොටස් දෙක එකතු කරල සංයුක්ත ගණිතය යටතේ උගන්නවනව.


     
    Last edited:
    • Like
    Reactions: D_Mad