මෙහෙමයි මචන්, දැක්ක ගමන් රැල්ලට වගේ නිශාන්තයියට බැනගෙන බැනගෙන යන එක ලේසියි. ඒත් මෙතන ප්‍රශ්ණ විසඳන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක ඔය මහලොකු විබාග පාස් වෙච්ච වියත්තුන්ට වඩා නූගත් උනත් ප්‍රැක්ටිකල් කෙනෙක් ප්‍රශ්න වෙනස් විදිහකට දකිනවා. නිශාන්තයියා කියපු වෙරල සංරක්ශනයි වන සංරක්ශනයි වෙල් සංරක්ශනයි ගඟවල් සංරක්ශනයි ඔය විකාර එක්ක රටේ කිසිම සංවර්ධනයක් කරන්න වෙන්නෙ නෑ. මේ ආන්ඩුව ආවේ 2015න් පස්සෙ රටේ සංවර්ධනය නවත්තපු තැනේ ඉඳන් පටන් ගන්න. මලකඩ කකා තිබිච්ච ලොරි බැකෝ ග්‍රීස් කරලා ගත්තා නම් රට සංවර්ධනය කරන්න දීලා පැත්තකට වෙලා හිටපල්ලා. ප්ලීස් සංවර්ධනේ අඩාල කරන්න එපා