කොවිඩ් 19 පාලනයට HIV ප්‍රතිකාර
කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය සීඝ්රයෙන් ඉහළයාම හේතුවෙන් ආසාදිතයන් සඳහා ප්‍රතිකාර ලබාදීමට HIV ප්‍රතිකාර ක්‍රමවේද යොදාගැනීම සම්බන්ධයෙන් ජපානයේ අවධානය යොමුව තිබේ.
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් සදහා ප්‍රතිකාර කිරීමේදී HIV වෛරසය සඳහා ලබාදෙන ප්‍රතිකාර භාවිත කිරීමට ජපානය තීරණය කර තිබේ.
රට තුළ වෛරස ආසාදිතයන්ගේ ප්‍රමාණය කැපී පෙනන ලෙසින් ඉහළයාම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන තිබුණි.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජපාන රජයේ මාධ්‍ය ප්‍රකාශක යොෂිහිඩේ සුගා සදහන් කළේ, HIV ප්‍රතිකාර ක්‍රමවේද හැකි ඉක්මනින් භාවිතය ආරම්භ කිරීමට සිය රජය සුදානම් බවයි.
කොවිඩ් ආසාදිතයන් 355ක් හදුනාගත් ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව තවදුරටත් ජපානයේ වරායක නැංගුරම් ලා තිබේ.
එම කරුණ ජපානයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළයාමට හේතුවිය.
අද වනවිට පවතින අර්බුදකාරී තත්ත්වය ජපාන ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.