ආදරය .....

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ආදරය කියන්නේ විශ්ව භාෂාවක් වගේ හැම හදවතකටම දැනෙන, වැටහෙන අපූර්වතම හැඟීමකටයි. ආදරයේ ප්‍රභේද ගණනාවක් පවතින අතර මනෝ විද්‍යාත්මකව අන්තර් පුද්ගල ආදරය ලෙස විග්‍රහ කරන්නේ පුද්ගලයන් දෙදෙනකු අතර ඇතිවන භාවාත්මක හා චිත්තවේගී බැඳීමක්. ආදරය යනු කුසගින්න, පිපාසය මෙන් තවත් ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් බවත්, එය ඇති වීමට බලපාන්නේ සිරුර තුළ නිපදවන හෝමෝන බවත් ජීව විද්‍යාඥන්ගේ අදහසයි.


කිතුනු දහමට ප්‍රේමය යනු පරාර්ථකාමී පාරමිතාවක්. ඉවසීම සහ කරුණාව වැනි මෘදු ගුණ කැටිකරගත් ආදරය කිසිවිටෙක නපුරු හෝ ආත්මාර්ථකාමී හැඟීමක් නොවන බව ශුද්ධවූ බයිබලයේ 'ප්‍රේම පාරමිතාව' තුළ සඳහන් වනවා. විවාහය යනු ආදරයේ අපූර්වතම ඵලය බවත් දෙවියන් විසින් එක්කළ අය මිනිසුන් විසින් වෙන්නොකළ යුතු බවත් පවසන බයිබලය නිතරම විවාහ ජීවිතයේ පාරිශුද්ධ භාවය පිළිබඳ කතා කරනවා.
 
  • Like
Reactions: netlife007