සියැට් motorcycle ටයර් එකක මිල!!
අපේ ගෙවල් ලඟ ඔන්න ටයර් කඩයක් තියනවා... මම මගෙ බයික් එකේ හුලන් එහෙම බැස්සහම ඔතනින් තමා ඔන්න ගහගන්නෙ... එදා මන් හුලන් ගහන්න ගිහාම පොර කිව්වා...මල්ලි ඉස්සරහ ටයර් එක ගෙවිලා නේද ටයර් එකක් දාගමු කියලා..මන් කිව්ව හා... එම් ආර් එෆ් ටයර් තියනවද කියලා ...මිනිහ කිව්වා.. නෑ තියෙන්නෙ සියැට් ඒක හොඳයි...ඒක දාගමු කියලා..ඉතින් මම බෑ කිව්වෙ නෑ..ගෙවල් ලඟ කඩේනෙ කියලා..ඔන්න අද ගියා ටයර් එකක් දාන්න.. වෙන එක්කෙනෙක් කලින් ඒ ටයර් එකක ගාන අහලා තිබ්බා තුන්දාස් අටසියා ගානක්ද කොහෙද කියලා තිබ්බා... ටියුබ්ලස් එකක්..දැන් ඔන්න මිනිහා කිව්වා ඒ ටයර් එකත් කලින් තිබ්බ ටයර් එකේ මහතමයි කියලා..දාල බලද්දී හීනියි..පොර අහනවා කමන්නෑ නේද මල්ලී දෙකෙන්ම එක වැඩේනෙ වෙන්නෙ කියලා...මමත් ඉතින් ගෙවල් ලඟ කඩේනෙ තරහ වෙන්නත් බෑ නෙ කියලා කමන්නෑ කිව්වා..දැන් ටයර් එක දාලා ඉවරයි 4500 යි කිව්වා...දැන් මට ඉස්සෙල්ලා අහපු ගානත් මතකයි..මම ඉතින් කමන්නෑ ගෙවල් ලඟ කඩේනෙ තරහ වෙන්නත් බෑ නෙ කියලා ඒගාන ගෙවලා ආවා. දැන් ඇවිල්ලා පොඩ්ඩක් කල්පනා කරනකොට හිතුනා යකෝ මූ මාර පොරක් නෙ.. කියලා..මට දැන් දැන ගන්න ඕනෙ ඇත්තටම 3.00-17 ටියුබ්ලෙස් සියැට් ටයර් එකක් කීයද කියලා.. කියන්න තියෙන්නෙ සමහර අය පොඩ්ඩක් ඉඩ දුන්නොත් කරෙත් නගිනවා කියන එකයි........

ඌ උබව මොඩය කරලනේ තියෙන්නේ දැන්ම ගිහින් අහපන් කලින් කිව්වේ වෙන ගානක්නේ වැඩි උනේ කොහොමද කියලා 