Ranil Wickremesinghe | Full Address and

Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,948
    6,827
    113
    Nawala
    මෙතන ගිහිං කතා කරන්නෙ unp පොහොට්ටු පක්ශ දේශපාලනයක් ගැන නෙමේ බං ලංකාව ගැන. ලංකාව ඇතුලෙ පක්ශ කරන දේවල් oxford union society එකේ තියන speech අහන්න එන උන්ට වැඩක් නෑ බං. රට ඇතුලෙ පක්ශ දේශපාලනයෙන් අන්ද වෙලා ලංකාවෙ මිනිස්සුන්ට පක්ශවලිං තොරව දේශපාලනය ගැන හිතන්න බැරිවෙන්නම ඔලු කුරුවල් වෙලා දුකයි වෙලා තියෙන දේ දැක්කහම :(

    උබටත් පිස්සුනේ බන් , මේ 69ලක්ශෙ බයියන්ට ඕවා පැහැදිලි කරන්න කාලේ ගතකරනවා ... යකෝ ඔය 69ලක්ශෙ බයියන්ට තියන අනිවාර්‍ය හා ප්‍රමානත්මක සාදකය තමයි නුගත් කමයි කුහකත්වයයි ....උන්ට ඕවා තේරෙන්නෙත් නෑ තේරුම් ගන්න ඕනෙත් නෑ...

    ප්‍රථම වතාවට UDS 1 = 185/- (පොහොට්ටු දර්ශනයට ජය !!!)

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    ඔය කතාව දැන් ගැලපෙන්නේ නැහැ බං. ලක්ෂ 69 ම මෝඩ කම එකට එකතු කරත් සජිත් ගේ මෝඩ කමට කිට්ටු කරන්න බැහැ :rofl:
    උගේ වටේ එකතුවෙනෙත් ඒ වගේ මිනිස්සු

    සජිත් ආවොත් මොනවා කරයිද කියල හිතාගන්න බැහැ වඳුරට machine gun එකක් දුන්න වගේ වෙයි.
    :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රනිල්ගෙ සටන් විරාමෙයි මිලේනියම් සිටි පාවාදීමයි ගැන කතා කරන අයට:
    රනිල් මේකෙ ltte එකට හොඳ කියන්නෙ නෑ. ltte එකම බොරු කරල තමන්ව යුදමය වශයෙන් පරාජය කරගන්න පාර කපාගත්ත කියල කියන්නෙ. Q&A ටික බලන්න ඒකෙ කියන්නෙ.
    අනික හමුදාවට එල්ල කරන මානව හිමිකම් කඩකිරීම් ඡෝදනා වලටත් උත්තර දෙනව.
    මිනිස්සු ලංකාවෙ පක්ශ දේශපාලනේ ඇතුලෙ දකින රනිල් කියන කොටිය නෙමේ මේ ඉන්නෙ මෙතනදි රනිල් ලංකාව වෙනුවෙන් කතා කරන වෙනස්ම මනුස්සයෙක්.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    සජිත්ට තියෙන වාසිය ඉතිං උට වයස තියෙනව තව අවුරුදු විස්සක් විතර අදින්න පුළුවන් නෙ කවදහරි දිනයි.

    හැබැයි එන චන්දෙන් කොළඹ මනාප වලින් රනිල්ට පැරදුනොත් හරි චන්දෙන් ටෙලිපෝන් එක අලියට පැරදුනොත් හරි මනුස්සයගේ ප්‍රතිරුපේ සෑහෙන බහිනව. පොහොට්ටුවට පරදින එක එකක් හැබැයි පක්ෂේ ඇතුලේ දෙවනිය උනාම අප්සට් නෙ.

    2010 කොහොම දිනපු මහින්දද 2015 පැරදුනේ
    සිරස ගහන ගේම ලංකාවේ මිනිස්සුන්ට හිතාගන්න බැහැ.

    මේ පාර පරදුනෙත් උන් ම තමයි UNP එකට ගහගත්තේ මහින්දලට කරන්න දෙයක් තිබ්බේ නැහැ.
    UNP එකෙන් හරි UNP ඉන්න සන්ධානෙකින් හරි ඉල්ලුවොත් අනිවා 2025 ඌ දිනනවා

    මටනම් පෙන එකම විසඳුම රනිලුයි මහින්දයි deal එකක් ගහන එක තමයි :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2010 කොහොම දිනපු මහින්දද 2015 පැරදුනේ
    සිරස ගහන ගේම ලංකාවේ මිනිස්සුන්ට හිතාගන්න බැහැ.

    මේ පාර පරදුනෙත් උන් ම තමයි UNP එකට ගහගත්තේ මහින්දලට කරන්න දෙයක් තිබ්බේ නැහැ.
    UNP එකෙන් හරි UNP ඉන්න සන්ධානෙකින් හරි ඉල්ලුවොත් අනිවා 2025 ඌ දිනනවා

    මටනම් පෙන එකම විසඳුම රනිලුයි මහින්දයි deal එකක් ගහන එක තමයි :rofl:
    අනේ සිරසට එච්චර දෙයක් පුළුවන් නං බැරිය. :P රනිලව නායකකමෙන් එලවන්න දැන් කොයි කාලේ ඉඳන්ද මඩ ගගහ දත කන්නෙ තාම බැරිවුනානේ.

    2025 ලේසියෙන් දිනන්න තිබුන තදියම අල්ලල ගිය පාර ඉල්ලලා පැරදුනේ නැත්තන්. දැන් එන චන්දෙත් රනිල්ට පැරදුනොත් ඉන්නේ එකපාරක් ගෝටට පැරදුන, දෙවැනි පාර රනිල්ටත් පැරදුන නැවුම් ගතිය ගිය සජිතෙක්. අනික 2025 ගෝටම ඉල්ලුවොත් එකපාරක් ගෝටට පැරදුන සජිත්ට වඩා අලුත් මූනක් දාන්න ඉඩ වැඩියි යූඑන්පිය.

    සජිත් මේ පාර චන්දෙන් රනිල්ගේ සෙට් එක පැරද්දුවොත් නං වැඩේ හරි
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Ape boarding eketh hitiya, katha karanna giyama nodanna deyak na. Poth kiyawala thiyanawa baraganan. Kiyanneth a poth walin ahulagena. Eth wedak karanna giyama naagannawa. Mokada practricaly wenas challenges awama ewa karanna danne na. Ayi pothe thibbe nane. Ehema porak thamai ranil kiyanne.

    Yatharthaya thamai, Naturaly thamanta ona Skill ekak nathi minihek skill eka hadaganna eka eka krama yodagannawa. Darshanika poth kiyawana ekath a wagema scene ekak. Ranjath kiwwe Ranil poth kiyawana ekamai wede kiyala :rofl:
     
    උන් තමයි පොහොට්ටුව දිනෙව්වේ මහින්දලට කරන්න දෙයක් තිබ්බේ නැහැ. උන් උන්ගේ වැඩේ හරියටම කරා
    2015 උන්ට ඕන එකා දිනෙව්ව. 2020ත් උන්ට ඕන වැඩේ කරගත්ත. හැබැයි UNP එකට ගහපු ඒවා හින්ද සජිත්ටත් කෙල උනා. ඒක හෙමිට හෝදලා ගනීවි උන් :rofl:

    සිරස හොඳ දේවල් ඉස්සරහට දාගෙන පස්සෙන් වෙන ගේමක් යන්නේ.පාවෙන චන්ද ටික එහෙ මෙහෙ කරන එක උන්ට ගේමක් ම නැහැ.
    උන් Mind Manipulation හොඳටම කරනවා. ගම්මැද්ද Ureporter වගේ ඒවා. රටේ කරදරයක් උනාම ඒවාට බහින්නේත් ඔක්කොම එකම ගේම් එක. වෙන කිසිම channel එකක් ඔය ගානට organise වෙලා නැහැ.

    ගිය පාර 30 ගානක් චන්දෙට ආවෙ වෙන mindset එකක් මිනිස්සුන්ගේ තිබුනේ. එක හැදුවේ සිරස. හැබැයි එක බොරු කියල චන්දෙන් ඔප්පු උනා. හිතපන් රටේ නැති දෙයක් උන් මවල තිබුනේ

    දාන කෙනා නෙවෙයි උන් රටේ මතය හදනවා. පවතින ආණ්ඩුව එපා කරවන එක ලේසි
    එක උන්ට ගෙමක්ම නැහැ තමන්ගේ පක්ෂේ නායකයාව එපා කරවන එක ලේසි වැඩක් නෙවෙයි.

    සජිත් UNP එකෙන් එනවා කියන්නේ පොහොට්ටුව හැර වෙන විකල්පයක් නැති වෙනවා මටනම්.

    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Ape boarding eketh hitiya, katha karanna giyama nodanna deyak na. Poth kiyawala thiyanawa baraganan. Kiyanneth a poth walin ahulagena. Eth wedak karanna giyama naagannawa. Mokada practricaly wenas challenges awama ewa karanna danne na. Ayi pothe thibbe nane. Ehema porak thamai ranil kiyanne.

    Yatharthaya thamai, Naturaly thamanta ona Skill ekak nathi minihek skill eka hadaganna eka eka krama yodagannawa. Darshanika poth kiyawana ekath a wagema scene ekak. Ranjath kiwwe Ranil poth kiyawana ekamai wede kiyala :rofl:

    දේශපාලකයෝ හරිනම් එහෙම වෙන්න ඕන. වැඩේ practical කරන්න තමයි පහලින් ඉන්න එවුන් ඉන්නේ.
    රනිල් ඇමති කාලේ පට්ටම වැඩ කරලා තියෙනවා උට ගොඩක් දුර දිග පෙනිලා තියෙනවා කියල පේනවා.

    නීති සම්පාදනය ප්‍රතිපත්ති වගේ ඒවාට තමයි දේශපාලකයෝ ඉන්නේ. හැබැයි ඉන්දියාව ලංකාව වගේ නොදියුණු රටවල් වල මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ රජ කෙනෙක්

    එකයි රනිල්ට ඕක කරන්නත් බැහැ ගෝටට කරන්නත් බැහැ. උන් දෙන්නම ලංකාවේ politics අල්ලාගෙන නැහැ.
    මහින්ද කියන ව්දියට වැඩ කරොත් ගෝට දිනයි ඊළඟ පාරත් නැත්නම් කොච්චර හොඳ දේවල් කරත් මිනිස්සුන්ට ඒවා වැඩක් නැහැ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,948
    6,827
    113
    Nawala
    ඔය කතාව දැන් ගැලපෙන්නේ නැහැ බං. ලක්ෂ 69 ම මෝඩ කම එකට එකතු කරත් සජිත් ගේ මෝඩ කමට කිට්ටු කරන්න බැහැ :rofl:
    උගේ වටේ එකතුවෙනෙත් ඒ වගේ මිනිස්සු

    සජිත් ආවොත් මොනවා කරයිද කියල හිතාගන්න බැහැ වඳුරට machine gun එකක් දුන්න වගේ වෙයි.
    :rofl::rofl:

    100% agreed!!!

    සජිත් කියන්නේ කිසිම දුරදැක්මක් තියන මිනිහෙක් නෙමේ :nerd:

    රනිල්ගෙ සටන් විරාමෙයි මිලේනියම් සිටි පාවාදීමයි ගැන කතා කරන අයට:
    රනිල් මේකෙ ltte එකට හොඳ කියන්නෙ නෑ. ltte එකම බොරු කරල තමන්ව යුදමය වශයෙන් පරාජය කරගන්න පාර කපාගත්ත කියල කියන්නෙ. Q&A ටික බලන්න ඒකෙ කියන්නෙ.
    අනික හමුදාවට එල්ල කරන මානව හිමිකම් කඩකිරීම් ඡෝදනා වලටත් උත්තර දෙනව.
    මිනිස්සු ලංකාවෙ පක්ශ දේශපාලනේ ඇතුලෙ දකින රනිල් කියන කොටිය නෙමේ මේ ඉන්නෙ මෙතනදි රනිල් ලංකාව වෙනුවෙන් කතා කරන වෙනස්ම මනුස්සයෙක්.

    සටන් විරාමය කාලේ රනිල් කරුණා අම්මාන්ව LTTE එකෙක්න් කැඩුවා ...(ඒක වෙනම analyze කරන්න ඕනේ කතාවක් ) කොටින්ට නැගෙනිර තිබුන බලය නැතිවුනේ රනිල්ගේ මේ කපටි වැඩේ නිසා. කරුණා ප්‍රබාගෙන් වෙන්වුණේ නැතිනම් යුද්දේ අවසන්කරනවා බොරු !!:nerd::nerd:
     
    • Like
    Reactions: Oli_Vili

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    100% agreed!!!

    සජිත් කියන්නේ කිසිම දුරදැක්මක් තියන මිනිහෙක් නෙමේ :nerd:

    සටන් විරාමය කාලේ රනිල් කරුණා අම්මාන්ව LTTE එකෙක්න් කැඩුවා ...(ඒක වෙනම analyze කරන්න ඕනේ කතාවක් ) කොටින්ට නැගෙනිර තිබුන බලය නැතිවුනේ රනිල්ගේ මේ කපටි වැඩේ නිසා. කරුණා ප්‍රබාගෙන් වෙන්වුණේ නැතිනම් යුද්දේ අවසන්කරනවා බොරු !!:nerd::nerd:

    රනිල් කැඩුව නෙමේ ඡන්දෙට කලිං unp දේශපාලඥයෙක් ඕක වේදිකාවක කිව්ව. මම රනිල්ට ඡන්දෙ දීලත් නෑ දෙන්නෙත් නෑ. මේක දැම්මෙ ලංකාව ඇතුලෙ පක්ශ දේශපාලනේ ගැන කතා කරන්න නෙමේ. ඔය ගැන රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොතේ විස්තර කරල තියෙනව කියවල බලන්න. නැවතත් මේක දැම්මෙ ලංකාව ඇතුලෙ පක්ශ දේශපාලනේ ගැන කතා කරන්න නෙමේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,731
    28,643
    113
    රනිල් කැඩුව නෙමේ ඡන්දෙට කලිං unp දේශපාලඥයෙක් ඕක වේදිකාවක කිව්ව. මම රනිල්ට ඡන්දෙ දීලත් නෑ දෙන්නෙත් නෑ. මේක දැම්මෙ ලංකාව ඇතුලෙ පක්ශ දේශපාලනේ ගැන කතා කරන්න නෙමේ. ඔය ගැන රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොතේ විස්තර කරල තියෙනව කියවල බලන්න. නැවතත් මේක දැම්මෙ ලංකාව ඇතුලෙ පක්ශ දේශපාලනේ ගැන කතා කරන්න නෙමේ

    😂 lol
    Adde form kera ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,948
    6,827
    113
    Nawala
    මූ ඇමති කමක් කරගෙන හිටපු කාලේ පට්ට වැඩ කොටසක් කරපු එකෙක්.

    චන්ද්‍රික හිටපු කාලේ මූ ඉඳල ඊට පස්සේ මහින්ද අවනම් රට මිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා දැන්

    80 ගණන් වල මූ ගෙනාපු ධවල පත්‍රිකාවට මාර විරෝධයක් ආව.පනත පරාජය උනා
    එත් අද වෙනකොට එකේ තිබ්බ හරි කියල ගෝටගේ වියත් මගේ එවුන්ම ආපහු ඒවා ගේනවා

    අවුරුදු 40කට කලින් ඒවා කරානම් අද රැකියා ප්‍රශ්නයක් නැහැ භාෂා ප්‍රශ්න නැහැ

    නොමිලේ පෙළපොත් නිල ඇඳුම් දෙන්න ගත්තේ මු.

    විද්‍යා පීඨ 9ක් හැදුව, කාර්මික විද්‍යාල පටන් ගත්ත NAITA, කටුනායක TTI , වුර්තිය පුහුණු අධිකාරිය
    රාජ්‍ය ආයතන වලට විභාග තියල රැකියා දෙන ඒවා එහෙම මූ පටන් ගත්තේ.

    වෙන රටවල් වල කැම්පස් යන්න පුළුවන් වෙන්න GCE A/L O/L කියල පටන් අරන් තියෙනේ මු

    අදටත් ලංකාවේ වැඩිම අපනයන ආදායම නිදහස් වෙළඳ කලාප වලින් එන්නේ. බියගම නිදහස් වෙළඳ කලාපේ පටන් අරන් කර්මාන්ත ප්‍රතිපත්ති හදල තියෙනව.

    කරපු දේවල් පට්ට ලොට් එකක් තියෙනවා.

    ධවල පත්‍රිකාව

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනසක්‌ ඇතිකිරීම අරමුණු කොටගත් අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා හෙවත් අධ්‍යාපන ධවල පත්‍රිකාව එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ යෞවන කටයුතු, රැකීරක්‍ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 1982 ජනවාරි මස 21 දාය.
    එහෙත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා මුලින්ම ප්‍රකාශයට පත්කරන ලද්දේ 1981 අගෝස්‌තු මාසයේ දීය. පවතින අධ්‍යාපන ක්‍රමය උඩුයටිකුරු කිරීමට හේතුවන මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවට රටපුරා සිව්දෙසින් දැඩි විරෝධයක්‌ එල්ල විය.
    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා වල අඩංගු වී තිබූ ප්‍රධාන යෝජනා කිහිපයක්‌ මෙසේය.

    • පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.

    • බාලාංශ පංතිය අහෝසි කෙරේ.

    • පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.

    • ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.

    • අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.

    • එසේම අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.

    • පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.

    • පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීමටද අවසර දෙනු ඇත.

    • රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.

    • ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.

    • පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.

    • විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි.

    --------------------------------------

    තාමත් බුද්දිමත් යෝජනාවලියක් ... මේවා ඒ කාලේ ක්‍රියාත්මක කලානම් අද තියන ගොඩක් ප්‍රශ්න විසදෙනවා..... කොහෙද අපේ පිනට කන්න හදන ලොන්ත හැත්ත ඉන්නකම් මේ රටවල් ධියුනු කරන්න බෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ගිවිසුමේ කියවල බල්ලන්න මොනවද බන් තියෙන්නේ......ඒ කාලේ ලංකාවේ තිබ්බ රටවල් දෙකකටම මම ගියා....උඹ ගියාද ?

    milenium city වල මොනා කතාකරන්නද බන්.....මේකේ ඇලෙව්වොත් එහෙම පෙසියගේ thread එකම කෙලවෙනවා...

    කොටින්ම රනිල් කියන්නේ මේ රටට කරුමයක්...

    .

    @John Dutton