BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඔය virus එක හැදෙන උන්ගෙන් බහුතරයක් රෝග ලක්ශණ පෙන්නන්නෙ නෑ. රෝග ලක්ශණ පෙන්නපු උන්ගෙන් බහුතරයක් දැනට මැරිලා. :(

    IDH eke doctor nam kiwwe lankawe confirm wuna ayata nam fever and dry cough eka kaledi awe kiyala.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    This is why social distancing is crucial. Stay home people, stay home!

    ezgif-7-ea14f75b8021.gif

    :cool::cool::yes::yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශ්‍රී ලංකාවේ covid-19 රෝගීන් 18 දෙනෙක් වාර්තා වෙලා ඉන්න වෙලාවේ පොඩි දෙයක් කියන්න හිතුණා.. මේ සටහන මම පටන් ගන්නෙ "Don't try to be like patient 31" කියලා ...

    කවුද මේ patient 31 කියන්නෙ? දකුණු කොරියාව කියන්නෙ චීනයට පස්සෙ ඉතාම සීඝ්‍රයෙන් මේ වෛරසය මුලින්ම ව්‍යාප්ත වුන රටක්.. හැබැයි ඒ යම් හේතුවක් නිසා.. ඒ හේතුව තමයි " patient 31" කතාව.

    පෙබරවාරි 18 වෙනකන් වගෙ දවසට එකා දෙන්නා වගෙ වාර්තා වුනු දකුණු කොරියානු රෝගීන් සංඛ්‍යාව තිබුණෙ 30ක් විදියට.. Daegu වල 61 හැවිරිදි කාන්තාවක් 31 වෙනි රෝගියා විදියට කොරෝනා පොසිටිව් වෙනවා..

    කතන්දරේ පටන් ගන්නෙ එතනින්. පෙබරවාරි 28 වෙනකොට රෝගීන් 31 ක්ෂණයකින් රෝගීන් 1000 න් එහා පැත්තට පනිනවා.. 31 වෙනි රෝගියාගෙ ඉතිහාසය පරීක්ශා කරනකොට තමයි ඉහමොළ රත් වෙන්න ගන්නෙ..

    මේ කාන්තාව පෙබරවාරි 6 රිය අනතුරකට මුහුණ දීලා රෝහල් ගත වෙලා තියෙනවා.. ඊට පස්සෙ 7 වෙනිදා රෝහලෙන් discharge වෙලා එයාගෙ ප්‍රියතම Shincheonji කියන පල්ලියට ගිහින් තියෙනවා.. උණ එක්ක හිසරදයක් මෙයාට ඇවිත් තියෙනවා.. වැඩිය ගණන් අරන් නෑ.. උණ ගතිය වැඩි වෙනකොට වෛද්‍යවරු කියලා තියෙනවා විවේක ගන්න කියලා .. අහලා නෑ.. පෙබරවාරි 15 කොරෝනා ටෙස්ට් එක කරන්න කීවට එයා අහලා නෑ. සාමාන්‍ය උණක් කියලා හිතාගෙන එදා යාළුවෙක් එක්ක හෝටලයක දවල් ආහාරයත් අරගෙන Shincheonji කියන පල්ලියේ යාඥා වලට උණ ගතියෙන්ම ගිහින් තියෙනවා.. මොකද ඒ පල්ලිය ක්‍රිස්තියානි කිව්වට වෙනම නිකායක්.. ඒ පල්ලියේ නිර්මාතෲට අනුව " අසනීප වීම කියන්නෙ දේව යාඥාවන්ට සහභාගි නොවීමට තියෙන නිදහසට කාරණාවක් නෙමෙයි".. එදා පෙබරවාරි 15 කොරෝනා ටෙස්ට් එක කරන එක ප්‍රතික්ෂේප කරන්න පල්ලියේ බලපෑමත් ඇයට හේතුවක් වෙන්න ඇති.

    ඉතින් මෙයා හෙන භක්තිමත් කාන්තාවක්.. ගිහින් තියෙනවා 16 වෙනිදත්.. එදා ඒ පල්ලියට 9000ක් විතර ඇවිත් තියෙනවා. යාඥාව පැය දෙකක් වගෙ තිබිලා තියෙනවා.. යාඥාවෙන් පස්සෙ කැවිලි කෑම එහෙම බෙදාගෙන කන එකත් සිරිතක්ලු..

    17 මෙයාට තදට අසනීප වෙලා රෝහලේ ඇඩ්මිට් වුනාලු.. 18 තහවුරු වුනාලු කොරෝනා කියලා.. ඊට පස්සෙ දවසින් දවස වාර්තා වුනු රෝගීන් ගාණ අසාමාන්‍ය ලෙස ඉහල ගිහින් තියෙනවා. අර පල්ලියේ යාඥාවට සහභාගි වුන අයගෙන් 1200ට විතර උණ ලක්ශණ එන්න පටන් තියෙනවා. ඒ පල්ලියට ආපු විරෝධය එක්ක පල්ලිය වහලා තියෙනවා.. පල්ලියට එන අයගෙ නාම ලේඛණයක් අරගෙන කට්ටියව වෙනමම කොරෝනා වෛරසය ආසාධිතද කියලා පරීක්ශණ කරනකොට patient 31 හරහා ආසාධනය වුනු රෝගීන් දවස ගානෙ වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා..

    මේක නොසැලකිල්ල සහ මුරණ්ඩු කමට දෙන්න පුලුවන් ජීවමාන උදාහරණයක් .. ලංකාව වගෙ රටක මෙහෙම අය සෑහෙන්න වැඩියි. හිතට සහනයක් දෙන හේතුව තමයි තවමත් ලංකාවෙන් වාර්තා වෙන්නෙ කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයෙන් සිදුවීම් බහුතරයක් වීමත් පිටින් වාර්තා වුනු කොරෝනා රෝගීන්ගෙ සබඳතා හරහා බෝ වුනා යැයි සැලකෙන රොගීන් සංඛ්‍යාව තුනක් වගෙ අවම මට්ටමක තිබීමත්..

    ඒත් ඉතාලියේ ඉදන් ඇවිත් නිරෝධායනය නොවී බොරු තොරතුරු දීලා හැංගිලා ඉන්න එක්කෙනෙක් හරි 'patient 31' වගෙ උනොත් ලංකාවට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා.. එහෙම නොවේවා කියලා පතන ගමන් තව කාරණාවක් කියන්නම ඕන.

    පාසල් කලින් නිවාඩු දුන්නෙ, 16 වෙනිදා නිවාඩු දුන්නෙ පවුල් පිටින් විනෝද චාරිකා යන්න නෙමෙයි ... ශ්‍රී පාද වන්දනාවේ තෙරපි තෙරපි දහස් ගණනක් අය වන්දනාවේ යනවලු මේ කාලයේ..මේ ඒකට කාලය නෙමෙයි ... ' Patient 31' කෙනෙක් ඔය අතරේ හිටියොත් අර කොරියාවේ පල්ලියෙන් නාම ලේඛණය ඉල්ල ගත්තා වගේවත් link එකක් නෑ... ආයෙ ලංකාවට නැගිටින්න බැරි වෙන්න අඩාල වෙනවා ඒම වුනොත්..

    ඉතින් තමන්ගෙ පුද්ගල වගකීම ඉෂ්ඨ කරන්නම ඕන වෙලාවක් මේක.. ' Patient 31' කතාව කිව්වේ කාවවත් බය කරන්න නෙමෙයි .. අවදානම පෙන්නන්න. ඉතින් හැමෝම තමන්ගෙ පුද්ගල වගකීම ඉෂ්ඨ කරමු.. කොරෝනාවට ලංකාව බිලි ගන්න දීම හෝ නොදීම තීරණය කරන්න පුලුවන් ලාංකික අපිටමයි.. අර හැංගිලා ඉන්න අයටයි.. 🙂

    Gihan Sameera Gallage මහතාගේ ලිපියකි!
     
    • Like
    Reactions: awjas2621

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මට හිතුනු දෙයක් ඔය ඉතාලි දකුණු කොරියා එන අය නිරෝදානය කරන්න ඕනේ නැතිවෙයි

    ලංකා වට එනවානම් අනිවාර්යෙන් covid-19 වලට ටෙස්ට් කරගන්න ඕනේ කියලා නීතියක් දැම්මා නම් . අසාදිත්යෙක් නම් මාට්ටු වෙයි . නිරෝදනය වෙනකොට බෝවෙන තියෙන ඉඩත් අඩුයි නේ ප්‍රශ්නයක් නැහැ .

    ප්‍රශ්නේ මෙච්චර ටෙස්ට් කරන්න පහසුකම් තියනවාද කියලා ?
    අසිරි වගේ තැන් 17000කට ටෙස්ට් කරනවා හදිසි නිතිය ගෙනල්ලා හරි සාදාරන විදියට මේ ගාන අඩු කරලා පෞද්ගලික ලැබ් ටිඅකත් එක්ක ඒකාබද්ද ගේමක් ගැහුවොත් හොද නැද්ද

    එන ඔක්කොම නිරෝදානයකට යන්න කලින් අනිවාර්යෙන් ටෙස්ට් එක කරනවා සල්ලි ගෙවා ගෙන ???

    මෙතනින් පොසිටිව් වෙන අය අයින් කරන්න පුළුවන් ? නෙගටිව් ආවත් දවස් 14 තියා ගත්තත් කමක් නැහැ අරුන්ට හිතට බය නැහැනේ ?

    මේක ටුවරිස්ට් ලාටත් දැම්මානම් හරි වුන්ට 17000ක් කියන්නේ නැතින්ග් නේ සංචාරක කර්මාන්තයටත් ප්‍රශ්නයක් නැහැ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොහේ හරි දක්කා කොරියන් කාරයෝ තත්වේ පාලනය කරගත්තේ සැක අ යට කොරෝනා පොසිටිව් ද නැද්ද කලින්ම චෙක් කරපු නිසා කියලා ???
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    කොහේ හරි දක්කා කොරියන් කාරයෝ තත්වේ පාලනය කරගත්තේ සැක අ යට කොරෝනා පොසිටිව් ද නැද්ද කලින්ම චෙක් කරපු නිසා කියලා ???

    eyala portable testing stations damma. minissu awith check karan gedara yanawa. ita passe phone ekata text or call enawa positive negative kiyala.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    eyala portable testing stations damma. minissu awith check karan gedara yanawa. ita passe phone ekata text or call enawa positive negative kiyala.

    වැඩකරන විරුවා ට කරන්න වැඩ

    ලෝක් ඩවුන් කරගෙන ලංකාවේ කරගන්න අමාරුයි NHSL වැඩ කරන ඩොකෙක් කිව්වා පැතීරණ එක නැවැත්තුවේ නැත්නම් වෙන රට වලට වඩා ලංකාවේ දිගට හරහට මැරෙනවා කියලා (හැබැයි එයා UNP :lol:)

    UNP වුනාට මිනිහා පහසුකම් ගැන දන්නාවා ඇතිනේ :sorry::sorry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,031
    8,289
    113
    Chilaw
    වැඩකරන විරුවා ට කරන්න වැඩ

    ලෝක් ඩවුන් කරගෙන ලංකාවේ කරගන්න අමාරුයි NHSL වැඩ කරන ඩොකෙක් කිව්වා පැතීරණ එක නැවැත්තුවේ නැත්නම් වෙන රට වලට වඩා ලංකාවේ දිගට හරහට මැරෙනවා කියලා (හැබැයි එයා UNP :lol:)

    UNP වුනාට මිනිහා පහසුකම් ගැන දන්නාවා ඇතිනේ :sorry::sorry:

    ape minissu podi podi testing karagannnath masa ganan list wala inna widiyata kohomada bn api podi hari balaporoththuwak tiyaganne mewa gena,
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මහ මැතිවරණය සැලසුම් කළ පරිදි

    පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) පැවසීය.

    සාර්ක් නායකයින්ගේ විඩීයෝ සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    http://www.lankadeepa.lk/latest_news/මහ-මැතිවරණය-සැලසුම්-කළ-පරිදි/1-567806
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ශ්‍රී ලංකාවේ covid-19 රෝගීන් 18 දෙනෙක් වාර්තා වෙලා ඉන්න වෙලාවේ පොඩි දෙයක් කියන්න හිතුණා.. මේ සටහන මම පටන් ගන්නෙ "Don't try to be like patient 31" කියලා ...

    කවුද මේ patient 31 කියන්නෙ? දකුණු කොරියාව කියන්නෙ චීනයට පස්සෙ ඉතාම සීඝ්‍රයෙන් මේ වෛරසය මුලින්ම ව්‍යාප්ත වුන රටක්.. හැබැයි ඒ යම් හේතුවක් නිසා.. ඒ හේතුව තමයි " patient 31" කතාව.

    පෙබරවාරි 18 වෙනකන් වගෙ දවසට එකා දෙන්නා වගෙ වාර්තා වුනු දකුණු කොරියානු රෝගීන් සංඛ්‍යාව තිබුණෙ 30ක් විදියට.. Daegu වල 61 හැවිරිදි කාන්තාවක් 31 වෙනි රෝගියා විදියට කොරෝනා පොසිටිව් වෙනවා..

    කතන්දරේ පටන් ගන්නෙ එතනින්. පෙබරවාරි 28 වෙනකොට රෝගීන් 31 ක්ෂණයකින් රෝගීන් 1000 න් එහා පැත්තට පනිනවා.. 31 වෙනි රෝගියාගෙ ඉතිහාසය පරීක්ශා කරනකොට තමයි ඉහමොළ රත් වෙන්න ගන්නෙ..

    මේ කාන්තාව පෙබරවාරි 6 රිය අනතුරකට මුහුණ දීලා රෝහල් ගත වෙලා තියෙනවා.. ඊට පස්සෙ 7 වෙනිදා රෝහලෙන් discharge වෙලා එයාගෙ ප්‍රියතම Shincheonji කියන පල්ලියට ගිහින් තියෙනවා.. උණ එක්ක හිසරදයක් මෙයාට ඇවිත් තියෙනවා.. වැඩිය ගණන් අරන් නෑ.. උණ ගතිය වැඩි වෙනකොට වෛද්‍යවරු කියලා තියෙනවා විවේක ගන්න කියලා .. අහලා නෑ.. පෙබරවාරි 15 කොරෝනා ටෙස්ට් එක කරන්න කීවට එයා අහලා නෑ. සාමාන්‍ය උණක් කියලා හිතාගෙන එදා යාළුවෙක් එක්ක හෝටලයක දවල් ආහාරයත් අරගෙන Shincheonji කියන පල්ලියේ යාඥා වලට උණ ගතියෙන්ම ගිහින් තියෙනවා.. මොකද ඒ පල්ලිය ක්‍රිස්තියානි කිව්වට වෙනම නිකායක්.. ඒ පල්ලියේ නිර්මාතෲට අනුව " අසනීප වීම කියන්නෙ දේව යාඥාවන්ට සහභාගි නොවීමට තියෙන නිදහසට කාරණාවක් නෙමෙයි".. එදා පෙබරවාරි 15 කොරෝනා ටෙස්ට් එක කරන එක ප්‍රතික්ෂේප කරන්න පල්ලියේ බලපෑමත් ඇයට හේතුවක් වෙන්න ඇති.

    ඉතින් මෙයා හෙන භක්තිමත් කාන්තාවක්.. ගිහින් තියෙනවා 16 වෙනිදත්.. එදා ඒ පල්ලියට 9000ක් විතර ඇවිත් තියෙනවා. යාඥාව පැය දෙකක් වගෙ තිබිලා තියෙනවා.. යාඥාවෙන් පස්සෙ කැවිලි කෑම එහෙම බෙදාගෙන කන එකත් සිරිතක්ලු..

    17 මෙයාට තදට අසනීප වෙලා රෝහලේ ඇඩ්මිට් වුනාලු.. 18 තහවුරු වුනාලු කොරෝනා කියලා.. ඊට පස්සෙ දවසින් දවස වාර්තා වුනු රෝගීන් ගාණ අසාමාන්‍ය ලෙස ඉහල ගිහින් තියෙනවා. අර පල්ලියේ යාඥාවට සහභාගි වුන අයගෙන් 1200ට විතර උණ ලක්ශණ එන්න පටන් තියෙනවා. ඒ පල්ලියට ආපු විරෝධය එක්ක පල්ලිය වහලා තියෙනවා.. පල්ලියට එන අයගෙ නාම ලේඛණයක් අරගෙන කට්ටියව වෙනමම කොරෝනා වෛරසය ආසාධිතද කියලා පරීක්ශණ කරනකොට patient 31 හරහා ආසාධනය වුනු රෝගීන් දවස ගානෙ වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා..

    මේක නොසැලකිල්ල සහ මුරණ්ඩු කමට දෙන්න පුලුවන් ජීවමාන උදාහරණයක් .. ලංකාව වගෙ රටක මෙහෙම අය සෑහෙන්න වැඩියි. හිතට සහනයක් දෙන හේතුව තමයි තවමත් ලංකාවෙන් වාර්තා වෙන්නෙ කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයෙන් සිදුවීම් බහුතරයක් වීමත් පිටින් වාර්තා වුනු කොරෝනා රෝගීන්ගෙ සබඳතා හරහා බෝ වුනා යැයි සැලකෙන රොගීන් සංඛ්‍යාව තුනක් වගෙ අවම මට්ටමක තිබීමත්..

    ඒත් ඉතාලියේ ඉදන් ඇවිත් නිරෝධායනය නොවී බොරු තොරතුරු දීලා හැංගිලා ඉන්න එක්කෙනෙක් හරි 'patient 31' වගෙ උනොත් ලංකාවට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා.. එහෙම නොවේවා කියලා පතන ගමන් තව කාරණාවක් කියන්නම ඕන.

    පාසල් කලින් නිවාඩු දුන්නෙ, 16 වෙනිදා නිවාඩු දුන්නෙ පවුල් පිටින් විනෝද චාරිකා යන්න නෙමෙයි ... ශ්‍රී පාද වන්දනාවේ තෙරපි තෙරපි දහස් ගණනක් අය වන්දනාවේ යනවලු මේ කාලයේ..මේ ඒකට කාලය නෙමෙයි ... ' Patient 31' කෙනෙක් ඔය අතරේ හිටියොත් අර කොරියාවේ පල්ලියෙන් නාම ලේඛණය ඉල්ල ගත්තා වගේවත් link එකක් නෑ... ආයෙ ලංකාවට නැගිටින්න බැරි වෙන්න අඩාල වෙනවා ඒම වුනොත්..

    ඉතින් තමන්ගෙ පුද්ගල වගකීම ඉෂ්ඨ කරන්නම ඕන වෙලාවක් මේක.. ' Patient 31' කතාව කිව්වේ කාවවත් බය කරන්න නෙමෙයි .. අවදානම පෙන්නන්න. ඉතින් හැමෝම තමන්ගෙ පුද්ගල වගකීම ඉෂ්ඨ කරමු.. කොරෝනාවට ලංකාව බිලි ගන්න දීම හෝ නොදීම තීරණය කරන්න පුලුවන් ලාංකික අපිටමයි.. අර හැංගිලා ඉන්න අයටයි.. 🙂

    Gihan Sameera Gallage මහතාගේ ලිපියකි!

    bump
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    Diamond prince wala karapu de waradi.
    Unwa godabimata aran wenama quarantine karanna thibbe.
    Thanikara miyo tikak kuduwaka daala experiment ekak karanawa wage kare.
    Eka hinda hitapu hema ekatama wage haduna
    diamond prince eke case eka iwarai... anthimata case ekak hambune dawas 5kata kalin wage..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලෝකයේම කොරෝනා ආසාදිත සංඛ්‍යාව - 162,201 යි
    කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය ගණන 6000 ඉක්මවයි
    ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368 ක්

    කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරිදා දිනයේදී පමණක් මරණ 368ක් වාර්තා වූයේ යැයි ඉතාලි බලධාරීහු අද (15) ප්‍රකාශ කළහ.
    ඒ අනුව කොරෝනා වයිරසයේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,809ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඉතාලි බලධාරීහු කීහ.
    ඉතාලියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව බව 24,747ක් දක්වා ඉහළ ගොස් ඇත.

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉතාලියේ කොරෝනා හැදුණු වයස්ගත රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ : දිනක් තුල මරණ 368ක්
    නව කොරෝනා වෛරසය හේතුවෙන් ගතවූ පැය 24 තුලදී ඉතාලියෙන් පුද්ගල මරණ 368ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර සිටිනවා. ලොම්බර්ඩියා නගරයෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 252ක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.
    ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 1,809ක් දක්වා ඉහළ ගොස් ඇත.
    ඉතාලියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව බව 24,747ක් වන බවයි බලධාරින් සඳහන් කරන්නේ.
    මේ අතර වයස කොරෝනා වෛරසය හේතුවෙන් රෝගයට පත්ව සිටින වයස්ගත පුද්ගලයින්ට ඉතාලියේ රෝහල් තුලදී ප්‍රතිකාර ලබාදීම සෙමින් සිදුවන බවට චොද්නා එල්ල වනවා.
    ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ වයෝවෘද්ධ රෝගීන්ට ඉතාලියේ රෝහල් වල දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබාදීම වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කරන බවයි.
    වයස්ගත පුද්ගලයින් වෙනුවෙන් කාලය වෙන් කරනවාට වඩා ජිවත්විය හැකි වයස් සිමාවේ පසුවන කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් පෙළඹී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
    වෛද්‍ය කාර්ය මණ්ඩල සේවකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ එරට රෝහල් වලට දෛනිකව වාර්තා වන කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව "සුනාමියක්" ලෙස ඉහළ යමින් පවතින බවයි.

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,461
    6,642
    113
    Land of Lions
    කොරෝනා වයිරසය හමුවේ වික්ටෝරියානු ප්‍රාන්තයට සහ ACT වෙත හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ.

    කොරෝනා වයිරසය වැළක්වීමේ අරමුණින් වික්ටෝරියානු ප්‍රාන්තය පුරාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.

    එම හදිසි තත්ත්වය අද (16/03) මධ්‍යහන 12 සිට ක්‍රියාත්මක වන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.

    මෙය සති හතරක කාලයක් බල පැවැත්වෙනු ඇති බවත් අවශ්‍යතාව අනුව දීර්ග කිරීමටද ඉඩ ඇති බව පැවසේ.

    විදෙස් රටක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඕනෑම අයෙකු දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයකට යටත් වී සිටීම සහ පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් එක්රැස් වන ජන හමු පැවැත්වීම සහ සහභාගී වීම යන නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට මෙම හදිසි තත්ත්වය යටතේ නඩු පැවරිය හැකිවේ.

    500 කට අධික ජනයා ඒකරාශී වීමේ නීතිය පොදු ප්‍රවාහන සේවා, ආහාර පොළවල්, සේවා ස්ථාන, පාසල්, TAFE හෝ විශ්ව විද්‍යාල සඳහා අදාළ නොවන බවද සඳහන්.

    ජනතාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ සිතා මෙම නීති හඳුන්වා දුන් බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.

    මේ අතර කොරෝනා වයිරසය වැළක්වීමේ අරමුණින් Australian Capital Territory ද හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට සූදානම් වෙයි.

    SOURCE SBS NEWS

    025236531523b2ea52aed2e467451b3db8defa30.png
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    රට ගැන නොසිතන මිනිසුන් නිසා රටම අවධානමට වැටෙද්දී කොරෝනා නිරෝධායනයට සියළු සේසත දන් දුන් උතුම් මිනිසා (VIDEO)

    මේ වෙද්දි අපේ රටේ කොරෝනා වෛරසය ආසාදනය වුන පුද්ගලයින් ගණන 10 ක් දක්වා ඉහල ගිහින් තියෙනවා. ඒ අතරින් වැඩි පිරිසක් විවිධ රටවල ඉඳලා ලංකාවට ආපු අය වීමත් විශේෂත්වයක්. විදේශ රටවල් වල ඉඳලා ලංකාවට එද්දි රජය විසින් සිදුකරන නිරෝධායන ක්‍රියාවලියට සහය නොදක්වමින් ඇතැම් පිරිස් හැසිරුණ ආකාරය ගැන වගේම වෛරසය ආසාධනය වූ බව දැනගෙනත් සූක්ෂම ලෙස රටට ඇතුලුවූ පුද්ගලයින් දෙදෙනා ගැනත් මේ වෙද්දි සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ විවේචනයට ලක්වෙමින් තිබෙනවා.
    කොහොම වුනත් රටම එකතු වෙලා ‍කොරෝනා වෛරසය පරද්දන්න කටයුතු කරන්න ඕන මේ වගේ වෙලාවක රට ගැන නොසිතන එවන් මිනිසුන් අතරින් මතුවුන් උතුම් මිනිසෙකු පිළිබඳ අපට දැනගන්නට ලැබුනා.
    මේ කියන්න යන කතාවෙ කතා නායකයා තමයි ප්‍රියන්ත. හංවැල්ලේ අවිස්සාවේල්ල පාරේ අනෝමා හෝටලය නමින් කාමර 15 කින් යුතු සංචාරක හෝටලයක් පවත්වාගෙන යන ඔහුගෙ කාර්ය වුනේ දෙස් විදෙස් සංචාරකයන්ට සංචාරක පහසුකම් සැලසීම. ඒ ව‍ගේම ඔහුට ඒ හෝටලයේ වායුසමනය කළ උත්සව ශාලාවකුත් තියෙනවා.
    පිටරටවල ඉඳලා කොරෝනා උවදුර නිසා පවුල් පිටින් ලංකාවට එන ශ‍්‍රී ලාංකිකයන්ව නිරෝධායනය කරන්න රජය ස්ථානයක් තෝරගන්න කොට ඊට විරුද්ධ වෙන මිනිසුන් ඉන්න මේ ලංකාවේ, ප‍්‍රියන්ත කළේ තම හෝටලය වසා දමා එය සෞඛ්‍යය අමාත්‍යාංශයට පවරා දීපු එක. සියලූ නීත්‍යනුකූල කටයුතු වලට ලිපි ලේඛන අත්සන් කරලා පසුගිය 12 වෙනිසා උදේ ප්‍රියන්ත තමන්ගෙ හෝටලය සෞඛ්‍යය අමාත්‍යාංශයට පවරා දුන්නෙ සියළු ශ්‍රී ලාංකිකයින්ට ආදර්ශයක් ලබා දෙමින්.
    මේ සම්බන්ධයෙන් නෙත් එෆ්.එම් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගියදා කඳාන ලාදුරු රෝහල අසල ඇතිවූ සිද්ධිය තමන් මෙම තීරණය ගැනීමට පෙළඹවූ බවයි.
    එම වීඩියෝව පහතින්.
     
    Status
    Not open for further replies.