ඔය virus එක හැදෙන උන්ගෙන් බහුතරයක් රෝග ලක්ශණ පෙන්නන්නෙ නෑ. රෝග ලක්ශණ පෙන්නපු උන්ගෙන් බහුතරයක් දැනට මැරිලා.![]()
IDH eke doctor nam kiwwe lankawe confirm wuna ayata nam fever and dry cough eka kaledi awe kiyala.
ඔය virus එක හැදෙන උන්ගෙන් බහුතරයක් රෝග ලක්ශණ පෙන්නන්නෙ නෑ. රෝග ලක්ශණ පෙන්නපු උන්ගෙන් බහුතරයක් දැනට මැරිලා.![]()
This is why social distancing is crucial. Stay home people, stay home!
![]()





කොහේ හරි දක්කා කොරියන් කාරයෝ තත්වේ පාලනය කරගත්තේ සැක අ යට කොරෝනා පොසිටිව් ද නැද්ද කලින්ම චෙක් කරපු නිසා කියලා ???
eyala portable testing stations damma. minissu awith check karan gedara yanawa. ita passe phone ekata text or call enawa positive negative kiyala.
)

වැඩකරන විරුවා ට කරන්න වැඩ
ලෝක් ඩවුන් කරගෙන ලංකාවේ කරගන්න අමාරුයි NHSL වැඩ කරන ඩොකෙක් කිව්වා පැතීරණ එක නැවැත්තුවේ නැත්නම් වෙන රට වලට වඩා ලංකාවේ දිගට හරහට මැරෙනවා කියලා (හැබැයි එයා UNP)
UNP වුනාට මිනිහා පහසුකම් ගැන දන්නාවා ඇතිනේ
ශ්‍රී ලංකාවේ covid-19 රෝගීන් 18 දෙනෙක් වාර්තා වෙලා ඉන්න වෙලාවේ පොඩි දෙයක් කියන්න හිතුණා.. මේ සටහන මම පටන් ගන්නෙ "Don't try to be like patient 31" කියලා ...
කවුද මේ patient 31 කියන්නෙ? දකුණු කොරියාව කියන්නෙ චීනයට පස්සෙ ඉතාම සීඝ්රයෙන් මේ වෛරසය මුලින්ම ව්‍යාප්ත වුන රටක්.. හැබැයි ඒ යම් හේතුවක් නිසා.. ඒ හේතුව තමයි " patient 31" කතාව.
පෙබරවාරි 18 වෙනකන් වගෙ දවසට එකා දෙන්නා වගෙ වාර්තා වුනු දකුණු කොරියානු රෝගීන් සංඛ්‍යාව තිබුණෙ 30ක් විදියට.. Daegu වල 61 හැවිරිදි කාන්තාවක් 31 වෙනි රෝගියා විදියට කොරෝනා පොසිටිව් වෙනවා..
කතන්දරේ පටන් ගන්නෙ එතනින්. පෙබරවාරි 28 වෙනකොට රෝගීන් 31 ක්ෂණයකින් රෝගීන් 1000 න් එහා පැත්තට පනිනවා.. 31 වෙනි රෝගියාගෙ ඉතිහාසය පරීක්ශා කරනකොට තමයි ඉහමොළ රත් වෙන්න ගන්නෙ..
මේ කාන්තාව පෙබරවාරි 6 රිය අනතුරකට මුහුණ දීලා රෝහල් ගත වෙලා තියෙනවා.. ඊට පස්සෙ 7 වෙනිදා රෝහලෙන් discharge වෙලා එයාගෙ ප්‍රියතම Shincheonji කියන පල්ලියට ගිහින් තියෙනවා.. උණ එක්ක හිසරදයක් මෙයාට ඇවිත් තියෙනවා.. වැඩිය ගණන් අරන් නෑ.. උණ ගතිය වැඩි වෙනකොට වෛද්‍යවරු කියලා තියෙනවා විවේක ගන්න කියලා .. අහලා නෑ.. පෙබරවාරි 15 කොරෝනා ටෙස්ට් එක කරන්න කීවට එයා අහලා නෑ. සාමාන්‍ය උණක් කියලා හිතාගෙන එදා යාළුවෙක් එක්ක හෝටලයක දවල් ආහාරයත් අරගෙන Shincheonji කියන පල්ලියේ යාඥා වලට උණ ගතියෙන්ම ගිහින් තියෙනවා.. මොකද ඒ පල්ලිය ක්‍රිස්තියානි කිව්වට වෙනම නිකායක්.. ඒ පල්ලියේ නිර්මාතෲට අනුව " අසනීප වීම කියන්නෙ දේව යාඥාවන්ට සහභාගි නොවීමට තියෙන නිදහසට කාරණාවක් නෙමෙයි".. එදා පෙබරවාරි 15 කොරෝනා ටෙස්ට් එක කරන එක ප්‍රතික්ෂේප කරන්න පල්ලියේ බලපෑමත් ඇයට හේතුවක් වෙන්න ඇති.
ඉතින් මෙයා හෙන භක්තිමත් කාන්තාවක්.. ගිහින් තියෙනවා 16 වෙනිදත්.. එදා ඒ පල්ලියට 9000ක් විතර ඇවිත් තියෙනවා. යාඥාව පැය දෙකක් වගෙ තිබිලා තියෙනවා.. යාඥාවෙන් පස්සෙ කැවිලි කෑම එහෙම බෙදාගෙන කන එකත් සිරිතක්ලු..
17 මෙයාට තදට අසනීප වෙලා රෝහලේ ඇඩ්මිට් වුනාලු.. 18 තහවුරු වුනාලු කොරෝනා කියලා.. ඊට පස්සෙ දවසින් දවස වාර්තා වුනු රෝගීන් ගාණ අසාමාන්‍ය ලෙස ඉහල ගිහින් තියෙනවා. අර පල්ලියේ යාඥාවට සහභාගි වුන අයගෙන් 1200ට විතර උණ ලක්ශණ එන්න පටන් තියෙනවා. ඒ පල්ලියට ආපු විරෝධය එක්ක පල්ලිය වහලා තියෙනවා.. පල්ලියට එන අයගෙ නාම ලේඛණයක් අරගෙන කට්ටියව වෙනමම කොරෝනා වෛරසය ආසාධිතද කියලා පරීක්ශණ කරනකොට patient 31 හරහා ආසාධනය වුනු රෝගීන් දවස ගානෙ වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා..
මේක නොසැලකිල්ල සහ මුරණ්ඩු කමට දෙන්න පුලුවන් ජීවමාන උදාහරණයක් .. ලංකාව වගෙ රටක මෙහෙම අය සෑහෙන්න වැඩියි. හිතට සහනයක් දෙන හේතුව තමයි තවමත් ලංකාවෙන් වාර්තා වෙන්නෙ කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයෙන් සිදුවීම් බහුතරයක් වීමත් පිටින් වාර්තා වුනු කොරෝනා රෝගීන්ගෙ සබඳතා හරහා බෝ වුනා යැයි සැලකෙන රොගීන් සංඛ්‍යාව තුනක් වගෙ අවම මට්ටමක තිබීමත්..
ඒත් ඉතාලියේ ඉදන් ඇවිත් නිරෝධායනය නොවී බොරු තොරතුරු දීලා හැංගිලා ඉන්න එක්කෙනෙක් හරි 'patient 31' වගෙ උනොත් ලංකාවට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා.. එහෙම නොවේවා කියලා පතන ගමන් තව කාරණාවක් කියන්නම ඕන.
පාසල් කලින් නිවාඩු දුන්නෙ, 16 වෙනිදා නිවාඩු දුන්නෙ පවුල් පිටින් විනෝද චාරිකා යන්න නෙමෙයි ... ශ්‍රී පාද වන්දනාවේ තෙරපි තෙරපි දහස් ගණනක් අය වන්දනාවේ යනවලු මේ කාලයේ..මේ ඒකට කාලය නෙමෙයි ... ' Patient 31' කෙනෙක් ඔය අතරේ හිටියොත් අර කොරියාවේ පල්ලියෙන් නාම ලේඛණය ඉල්ල ගත්තා වගේවත් link එකක් නෑ... ආයෙ ලංකාවට නැගිටින්න බැරි වෙන්න අඩාල වෙනවා ඒම වුනොත්..
ඉතින් තමන්ගෙ පුද්ගල වගකීම ඉෂ්ඨ කරන්නම ඕන වෙලාවක් මේක.. ' Patient 31' කතාව කිව්වේ කාවවත් බය කරන්න නෙමෙයි .. අවදානම පෙන්නන්න. ඉතින් හැමෝම තමන්ගෙ පුද්ගල වගකීම ඉෂ්ඨ කරමු.. කොරෝනාවට ලංකාව බිලි ගන්න දීම හෝ නොදීම තීරණය කරන්න පුලුවන් ලාංකික අපිටමයි.. අර හැංගිලා ඉන්න අයටයි..
Gihan Sameera Gallage මහතාගේ ලිපියකි!
diamond prince eke case eka iwarai... anthimata case ekak hambune dawas 5kata kalin wage..Diamond prince wala karapu de waradi.
Unwa godabimata aran wenama quarantine karanna thibbe.
Thanikara miyo tikak kuduwaka daala experiment ekak karanawa wage kare.
Eka hinda hitapu hema ekatama wage haduna
කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය ගණන 6000 ඉක්මවයි
ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368 ක්

ඉතාලියේ බෙර්ගමෝ පල්ලියේ දිනක දර්ශනයක්
https://www.facebook.com/102786861256192/videos/588148001910519/

