BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීම ගැන සාකච්ඡාවක්

    දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම තාවකාලිකව අත්හිටවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

    දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

    කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් ඊයේ දහවල් සියලූම දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත්‍ර සඳහා මුදල් ලබාගැනීම අත්හිටුවනු ලැබුවා.

    එමෙන්ම, දුම්රිය ප්‍රවාහනය කිරීම සදහා පාර්සල් ද ලබා නොගැනීමටයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කරනු ලැබුවේ.

    ටිකට්පත් නිකුත් කරන පුද්ගලයින්ට අවශ්‍ය මුහුණු ආවරණ සහ අනෙකුත් උපකරණ දුම්රිය පාලනාධිකාරිය විසින් ලබා දී නොමැති බව පවසමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබුණා.

    කෙසේ වෙතත්, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම ගැටලූ පිළිබදව සාකච්ඡා කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු සදහන් කළේ.

    මේ අතර, දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සදහා බූස්ස නාවික හමුදා කදවුරේ ද නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

    නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත එම කදවුරේ මහල් 4 කින් යුත් ගොඩනැගිල්ලක් මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කර ඇති බවයි වාර්තා වන්නේ.

    එහි පුද්ගලයින් 136 දෙනෙකුට නිරෝධායන කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.

    • Like
    Reactions: sdlrs6

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පුද්ගල ආරක්ෂක උපකරණ තොගයක් ඇමරිකාව පරිත්‍යාග කරයි

    ඇමරිකාව විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට පුද්ගලාරක්ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

    කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සදහන් කළේ ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමටත් වෛරසය පැතිර යාම වැළැක්වීමටත් මේවා උපකාරි වනු ඇති බවයි.

    මෙම ගෝලීය වසංගතයට එරෙහි සටනේදී ඇමරිකාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනට සහයෝගය ලබා දෙන බව ද ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

    මේ අතර, කොරෝනා වෛරසය සදහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදා බැලීමට චීනය අනුමැතිය ලබාදී තිබෙනවා.

    ඒ අනුව එය මෙම සතිය තුළ අත්හදා බැලීමට නියමිත බවයි එරට වාර්තා සදහන් කළේ.

    කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස චීන මහජන හමුදාවට අනුබද්ධ, හමුදා වෛද්‍ය විද්‍යා ඇකඩමයේ පරීක්ෂකයින් පිරිසක් විසින් මෙම එන්නත නිපදවා තිබෙනවා.

    පළමු අදියර යටතේ මෙම එන්නත වෛරසය වැළදුණු පුද්ගලයින් 108 දෙනෙකු ලබාදීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Rep kapanan ona nane okata:lol::lol:mage rep kapala kiyawanan kiyala
    ponsla wahi wahala corona hoda karanna ba mehema:lol::lol:

    Someone did the same to me as well. Though the majority here might appreciate something, there are nameless mental cases as well. Just ignore. Sadly this is the mentality of some and cannot be fixed.:(
    I do not post here for my benefit. I respond or post something on the premise that it's going to be helpful to someone.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හෙනයා;25227717 said:
    sirawata? :eek::nerd:

    OW yako... Ubala danne nadda?
    GOTA tikak aulen idala thiyenawa mokada hamuda pathita order eka dila thiyenne GOTA. Passe eke MR hamuda pathita kiyala epa kiyala.

    Podi case ekak gihin thiyenawa.
    GOTA kala kirimen inne. ekai iyeth miniha ge katin pita une. Parana pawakata president una kiyala.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක්

    නව කෙරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.
    නව කෙරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, බූස්ස නාවික හමුදා කඳවුරේ මහල් හතරකින් (04) යුත් ගොඩනැඟිල්ලක් නිරෝධායන කටයුතු සඳහා මෙසේ සූදානම් කර ඇත.
    මේ සඳහා නාවික හමුදා පුද්ගලයින් වෙත අවශ්‍ය උපදෙස් හා පුහුණුවීම් ලබා දීම කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය්‍ය මණ්ඩලයක් විසින් සිදු කර තිබේ.
    මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 136 දෙනෙකු හට නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ඇත.
    නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිණෙන පුද්ගලයින් හට අවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, වයිෆයි පහසුකම්, රූපවාහිනී, විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර ආදී සියලු පහසුකම් ලබා දීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.
    නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ නාවික හමුදා සූපවේදීන් විසින් පිසින ලද පෝෂ්‍යදායි ආහාර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නන් හට ලබා දීමටද අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත.

    (VIDEO)

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    CNN පුවත් සේවයේ පිලිපීන විකාශය අත්හිටුවයි
    සී.එන්.එන් පුවත් සේවයේ පිලිපීන විකාශය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
    ඒ එම පුවත් කාර්යාලයේ පිහිටි ගොඩනැඟිලි සංකීර්ණයේ කොරෝනා වෛරස ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟයි.
    මැනිලා නුවර පිහිටි අදාල ගොඩනැඟිල්ලේ වෙනත් ආයතනයක සේවකයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
    ඒ අනුව ආරක්ෂිත පියවරක් ලෙස පැය 24 ක කාලයක් විකාශන කටයුතු අත්හිටුවා කාර්යාලය විෂබීජහරණයට ලක් කිරීමට සී.එන්.එන්. ආයතනය පියවර ගෙන ඇත.
    මේ වන විට පිලිපීනයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයින් 187 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එරට ප්‍රදේශ රැසක වැසියන්ට අත්‍යාවශ්‍ය කටයුතුවලට හැර නිවෙස්වලින් බැහැරව යාම රජය විසින් තහනම් කර තිබේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    OW yako... Ubala danne nadda?
    GOTA tikak aulen idala thiyenawa mokada hamuda pathita order eka dila thiyenne GOTA. Passe eke MR hamuda pathita kiyala epa kiyala.

    Podi case ekak gihin thiyenawa.
    GOTA kala kirimen inne. ekai iyeth miniha ge katin pita une. Parana pawakata president una kiyala.

    :nerd::dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    උබලා මේ කොල්ලගෙ වීඩියෝ එක බැලුවද? :eek:

    එහෙ කේස් එක දරුනුවටම ගිය එකට මානසිකව වැටිල තමා ඔහොම කතා කරන්නේ.. :(

    අපිටත් එහෙම නොවේවා කියලා තමා හිතන් ඉන්න වෙන්නෙ... :dull:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හෙනයා;25227973 said:
    එහෙ කේස් එක දරුනුවටම ගිය එකට මානසිකව වැටිල තමා ඔහොම කතා කරන්නේ.. :(

    අපිටත් එහෙම නොවේවා කියලා තමා හිතන් ඉන්න වෙන්නෙ... :dull:

    අපිටත් එහෙම නොවෙන්න ඉඩ තියෙන සාධක මොනවද බං? :(
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හෙනයා;25227973 said:
    එහෙ කේස් එක දරුනුවටම ගිය එකට මානසිකව වැටිල තමා ඔහොම කතා කරන්නේ.. :(

    අපිටත් එහෙම නොවේවා කියලා තමා හිතන් ඉන්න වෙන්නෙ... :dull:

    :(:(:(:(
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Bollywood නැවැත් වු COVID 19

    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් බොලිවුඩ් සිනමාවේ සියළු චිත්‍රපට නිෂ්පාදන කටයුතු අත්හිටු වීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව ලබන 19 වනදා සිට 31 වනදා දක්වා සියළු බොලිවුඩ් සිනමා නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    ලෝකයේ වැඩි වශයෙන් චිත්‍රපට නිර්මාණය වන රට ලෙස ඉන්දියාව සැලකෙන අතර වාර්ෂිකව භාෂා 20 කට අධික චිත්‍රපට දෙදහසක් පමණක් නිර්මාණය වේ.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉතාලියේ පැය 24 ක් තුළ මරණ 345ක්
    අද වනවිට නව කෙරෝනා ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපානු කලාපය පත්ව තිබේ.
    ඉතාලිය ඉන් වැඩිම බලපෑමට ලක් වූ රට වන අතර ගෙවුණු පැය 24 තුළ එරටින් කොරෝනා මරණ 345 ක් වාර්තා වී ඇත්තේ මුළු මරණ ගණන 2503 දක්වා ඉහළ නංවමින්.
    එය ඊයේ දිනයට සාපේක්ෂව සියයට 16ක වැඩිවීමක්.
    එරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට තිස් එක්දහස ඉක්මවයි.
    ඉතාලියෙන් පසු වැඩිම පීඩාවට ලක්වූ රට ස්පාඤඤයයි.
    එරට කොරෝනා මරණ ගණන 491 ක්.
    වෛරසය ආසාදිතයන් ගණන එකොළොස් දහස ඉක්මවා ගොස් තිබේ.
    ඒ අනුව හදිසි තත්ත්වයක් නම්කර, ස්පාඤ්ඤය අර්ධ වශයෙන් අකර්මණ්‍ය කර තැබීමට අගමැති පෙඩ්‍රෝ සැන්චේස් ඊයේ තීරණය කළේය.
    ප්‍රංශයෙන් අද වනවිට වාර්තා වන කොරෝනා මරණ ගණන175 ක්.
    එමෙන්ම එරට පළාත් පාලන මැතිවරණයේ දෙවන අදියර අත්හිටුවීමටද බලධාරීන් පියවර ගත්තේය.
    ඊයේ දිනයේදී ඉරානයෙන් නව පුද්ගල මරණ 135 ක් වාර්තා වුණේ සමස්ත මරණ සංඛ්‍යාව 988 දක්වා ඉහළ නංවමින්.
    එවන් පසුබිමක සිරකරුවන් අසූපන්දහසක් තාවකාලිකව නිදහස් කිරීමටත් එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
    මේ වන විට එරටට කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධ ඉහළම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Someone did the same to me as well. Though the majority here might appreciate something, there are nameless mental cases as well. Just ignore. Sadly this is the mentality of some and cannot be fixed.:(
    I do not post here for my benefit. I respond or post something on the premise that it's going to be helpful to someone.
    This is what happen in srilanka dude:lol:

    fools do foolish things:lol:
    The thing is they hide like rats they don't talk openly:lol::lol:cause they afraid :lol::lol:
    :Ptiny tiny rats where are you:P
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අමෙරිකාවේ කොරෝනා මරණ 100 ඉක්මවයි

    අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන සියය ඉක්මවයි.
    එරට බටහිර වර්ජිනියා ප්‍රාන්තයෙන්ද කොරෝනා ආසාදිතයෙක් හමුවීමත් සමග ප්‍රාන්ත 50ම වෛරසයට ගොදුරුවී ඇති බව නිවේදනය කෙරුණි.
    එරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 6400කට අධිකයි.
    අමෙරිකාවේ අවමඟුල් උත්සවත් තහනම්

    අවමංගල්‍ය අවස්ථා සඳහා අධික පිරිස් ඒකරාශි වීම තාවකාලිකව තහනම් කිරිමට අමෙරිකාව තීරණය කර තිබේ.

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක්

    නව කෙරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.
    නව කෙරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, බූස්ස නාවික හමුදා කඳවුරේ මහල් හතරකින් (04) යුත් ගොඩනැඟිල්ලක් නිරෝධායන කටයුතු සඳහා මෙසේ සූදානම් කර ඇත.
    මේ සඳහා නාවික හමුදා පුද්ගලයින් වෙත අවශ්‍ය උපදෙස් හා පුහුණුවීම් ලබා දීම කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය්‍ය මණ්ඩලයක් විසින් සිදු කර තිබේ.
    මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 136 දෙනෙකු හට නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ඇත.
    නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිණෙන පුද්ගලයින් හට අවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, වයිෆයි පහසුකම්, රූපවාහිනී, විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර ආදී සියලු පහසුකම් ලබා දීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.
    නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ නාවික හමුදා සූපවේදීන් විසින් පිසින ලද පෝෂ්‍යදායි ආහාර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නන් හට ලබා දීමටද අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත.

    (VIDEO)

    Apit oke hitiyane SB ge nayakathwa puhunawata. Okanam patta.
     
    Status
    Not open for further replies.