දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීම ගැන සාකච්ඡාවක්
දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම තාවකාලිකව අත්හිටවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ.
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් ඊයේ දහවල් සියලූම දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත්‍ර සඳහා මුදල් ලබාගැනීම අත්හිටුවනු ලැබුවා.
එමෙන්ම, දුම්රිය ප්‍රවාහනය කිරීම සදහා පාර්සල් ද ලබා නොගැනීමටයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කරනු ලැබුවේ.
ටිකට්පත් නිකුත් කරන පුද්ගලයින්ට අවශ්‍ය මුහුණු ආවරණ සහ අනෙකුත් උපකරණ දුම්රිය පාලනාධිකාරිය විසින් ලබා දී නොමැති බව පවසමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබුණා.
කෙසේ වෙතත්, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම ගැටලූ පිළිබදව සාකච්ඡා කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු සදහන් කළේ.
මේ අතර, දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සදහා බූස්ස නාවික හමුදා කදවුරේ ද නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත එම කදවුරේ මහල් 4 කින් යුත් ගොඩනැගිල්ලක් මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කර ඇති බවයි වාර්තා වන්නේ.
එහි පුද්ගලයින් 136 දෙනෙකුට නිරෝධායන කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.

tiny tiny rats where are you