යුද්ධය, ජේවීපී සහ කොරෝනා
====================
2009 යුද්ධය අවසාන කාලේ ජේවීපී
----------------------------------------
> හමුදාව ලබන ජයග්‍රහණ මහින්ද පාවා දෙනවා...
> යුද්ධ කළාට වැඩක් නෑ ඉන්දියාවට බයේ බලය බෙදනවා...
> සටන් විරාමයකට ආණ්ඩුව ලෑස්ති වෙන්නයි යන්නේ...
> භූමිය විතරක් අල්ල ගත්තාට වැඩක් නෑ ආණ්ඩුව ලොකු කොටි ටික බේරනවා...
> අන්න බර අවි ප්‍රහාර නතර කරලා... ඒ කියන්නේ ආණ්ඩුව යුද්දෙ නවත්තලා...
> ආණ්ඩුව ප්‍රභාකරන්ව ඇමරිකාවට බාරදෙනවා.
>යුද්ධෙ විකුණලා ඡන්ද ගන්න මේ කෑදර ආණ්ඩුව පරද්දන්න ඕන.
> ඉස්කෝල ප්‍රශ්න පත්තරේක අකුරු වැරදියි. ප්‍රශ්න පත්තරයක්වත් හදාගන්න බැරි ආණ්ඩුවක් යුද්ධෙ කරයිද?
> පිටරටින් ගෙනාපු ඉන්ජෙක්ෂන්වල වීදුරු කටු තිබුණා. ඒ නිසා මේ ආණ්ඩුව පරද්දන්න ඕන...
> මේ අයවැයේදී අපි දූෂිත ආණ්ඩුවට පාඩමක් උගන්නනවා.
2020 කොරෝනා අර්බුදය හමුවේ ජේවීපී
---------------------------------------------
> වුහාන්වල ඉන්න අය ලංකාවට ගේන්න එපා.
> වූහාන්වල ඉන්න අය වහාම ලංකාවට ගෙන්වනු.
> වුහාන්වල හිටපු අයව ගෙනාවේ විමල් වීරවංශගේ පුතා එහෙ හිටපු නිසා...
> චීනේ ඉන්න සල්ලිකාරයන්ව ගෙන්නුවාට අරාබියේ ඉන්න පීඩිත ශ්‍රමිකයන්ට නම් ඔහොම කරයිද?
> නිරෝධායනේට ආණ්ඩුවට කිසි වැඩපිළිවෙළක් නෑ...
> නිරෝධායනය ගැන හමුදාපති කතා කරන්නේ මේක හමුදා ආණ්ඩුවක්ද?
> අන්න හිඟන ආණ්ඩුව නිරෝධානයේට 7500ක් අය කරනවා.
> නිරෝධායනේ කරන තැන්වල කෝපි දෙන්නේ ප්ලාස්ටික් බෝතල් කපලා...
> ඉස්කෝල නිවාඩු දුන්නේ ගුරු වර්ජනේ නවත්තන්න.
> ලංකාව ලොක් ඩවුන් නොකර ඡන්ද තියන්න යනවා.
> දවස් තුනේ නිවාඩුව හරි දුන්නේ අනුර 360 කියපු කතාව නිසා.
> අනුර කුමාර නැත්නම් රටටම කොරෝනා.
> ගෝඨාභය ජාතිය අමතලා කතා කළේ පරිප්පුයි සැමනුයි ගැන විතරයි.