Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    awurudu gana nam danne naha
    eth u kiyana kathawe aththak thiyenwa


    ehe arthike watunoth eelangata eka pelata ratwal wala arthike watenna gannwa.


    lankawa wunath dan me okkoma sahana denne rata geniyanne naya walin.


    gota ge awurudu 6 iwarawenna kalin china ta lankawe thawa kohe hari denna weyi
    cheena nathnam wena ratakata hari.


    hamadama sahandara walin yanna ba aniwaryen cost cutting yanna wenwa:(


    rate wiyadam godak adu wela thiyenne.
    225 ta giya gaana, petrol, vehicle import
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Nuwan Thotawaththa - Facebook
    https://web.facebook.com/photo.php?fbid=2832764983474006&set=a.150600348357163&type=3&theater
    මාස්ක් දාල කොරෝනා වලින් බේරෙන්න පුලුවන් ද ?
    ............................................................................
    ( මේ ලිපිය ටිකක් දිග වීම ගැන මුලින් ම සමාව ඉල්ලනවා )

    කොරෝනා රෝගයත් එක්කම කතා බහට ආපු තවත් දෙයක් තමයි ෆේස් මාස්ක්. එහෙමත් නැත්තම් මුඛ ආවරන. ඇත්තටම මේ වෙලාවෙ මුඛ ආවරන පැලඳීම වැදගත් ද ?

    අපි ෆේස් මාස්ක් කියල කතා කරන්නෙ සාමාන්‍ය එදිනෙදා රෝහල් වල භාවිතා කරන එක වරක් පාවිච්චි කරල ඉවත් කරන මුහුනු ආවරන ගැන.

    කොරෝනා වලදි විතරක් නෙවෙයි කැස්ස සෙම තියෙන ඕනෙම ලෙඩකදි මුහුනු ආවරනයක් පැලඳීම වැදගත් . හැබැයි ඒ තමන්ට රෝගයෙන් බේරෙනවට වඩා තමන්ට තියෙන ලෙඩේ අනිත් අයට බෝ වෙන එක නවත්තන්න. ඒ නිසා තමන්ට කැස්ස සෙම තියෙනව නම් තවත් කෙනෙක් ලඟට යනව නම් ෆේස් මාස්ක් එකක්, ලේන්සුවක් වගේ මොනම හරි දෙයකින් නාසය කට ආවරණය කරගන්න එක වැදගත්.

    ඔපරේශන් එකක් කරනකොට දොස්තරල මූන වහගෙන ඉන්නෙත් තමන්ගෙ ඇඟෙන් පිටවෙන විසබීජ ලෙඩාගෙ තුවාලයට යන එක නවත්තන්න මිසක් තමන් ආරක්ශා වෙන්න නෙවෙයි.

    විශේෂයෙන් ඔබට කැස්ස තියෙනවා නම් ඔබ පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරනව නම් අනිවාර්යෙන් මුහුණු ආවරණයක් පාවිච්චි කරන්න. එතකොට ඔයාගෙන් අනිත් අයට රෝගය බෝ වෙන එක අඩු වෙනව.

    දැන් බලමු සාමාන්‍ය නිරෝගී කෙනෙක් ෆේස් මාස්ක් එකක් දා ගත්තම එයාට කොරෝනා වලින් බේරෙන්න පුලුවන් ද කියලා. ඒකට අපි කොරෝනා රෝගය කෙනෙක් ගෙන් කෙනෙක් ට බෝ වෙන හැටි දැන ගන්න ඕන.

    මුලින්ම ලෙඩේ තියෙන කෙනෙක් ඉන්න ඕන. ඒ කෙනා කහින කොට එයාගෙ නාසයෙන් සහ කටින් එලියට විසිවෙන වතුර බින්දු වල මේ මේ ලෙඩේ හදන වෛරසය තියෙනව.

    වෛරසය කුඩා වුනාට වෛරසය අරගෙන එන කෙල බින්දු ලොකුයි. ඒව බර නිසා ඒවට ගොඩක් දුරකට යන්න බෑ. දැනට තියෙන තොරතුරු වලට අනුව ඒ බින්දු විසිවෙන්නෙ මීටරයක් දුරට විතරයි. ඊට පස්සෙ කහින කෙනාට මීටරයක් විතර දුරකින් බිම හරි මේසයක් වගේ වෙනත් තැනකට හරි වැටෙනව.

    අපිට ලෙඩේ හැදෙන්න නම් මේ කෙල බින්දු අපේ නාසයේ කටේ එහෙමත් නැත්තම් ඇස් වල ගෑවෙන්න ඔනෙ.

    දැන් තේරෙන්න ඔනෙ කෙලින්ම මේ බින්දු නාසයට කටට නැතිනම් ඇස් වලට වැටෙන්න නම් අපි කැස්ස තියෙන කෙනාට මීටරයකට වඩා ලඟින් ඉන්න ඕන කියන එක.

    ඒ කෙනාට මීටරයකට වඩා දුරින් ඉන්න කෙනෙකුට ලෙඩේ හැදෙන්න පුලුවන් ක්‍රමය තමයි අර බිම හරි මේසයක් උඩ හරි වැටුනු කෙල බින්දු අතේ ගාගෙන ඒ අතෙන් මූන අල්ලන එක. එහෙමත් නත්තම් ඒ කෙල බින්දු අතේ ගෑවුන කෙනෙක් ගෙ අතින් අල්ලලා ඒ අතින් මූන අල්ලන එක. වෛරසය නාසයේ කටේ එහෙමත් නැත්තම් ඇස් වල ගෑවුනොත් ලෙඩේ හැදෙනවා.

    ගොඩක් දෙනා මේ වෙලාවෙ අහන ප්‍රශ්නය තමයි නිරෝගි කෙනෙක් වුනත් ෆේස් මාස්ක් එකක් දාගත්තම පොඩි හරි ආරක්ශාවක් ලැබෙනව නේද කියන එක.

    ඔව් ,
    ඔබේ ඉස්සරහ කොරෝනා රෝගියෙක් ඉන්නවා නම්,
    එයා ඉන්නෙ මීටරේකට වඩා ලඟින් නම් ,
    එයා මුහුණු ආවරනයක් දාල නැත්නම් ,
    එයා ඔබේ මුහුනට මීටරයකට වඩා ලඟින් ඉන්න වෙලාවක කහිනව නම් ( කොරෝනා රෝගියෙක් හැම වෙලාවකම කැහැ කැහැ ඉන්නෙ නෑ) , එයා කහිනකොට ලේන්සුවක් හරි වැලමිටේ ඇතුල් පැත්ත හරි පාවිච්චි කරන්නෙ නැත්නම් ,
    ඔබ දාගෙන ඉන්නෙ ඉස්පිරිතාල වල පාවිච්චි කරන සර්ජිකල් මාස් එකක් නම් අන්න ඒ වෙලාවට ඔබට සර්ජිකල් මාස්ක් එකක් ( මුහුනෙ ගැටගහගත්ත රෙදි කෑල්ලකින් නෙවෙයි ) දාගෙන නැති කෙනෙකුට වඩා ආරක්ශාවක් ලැබෙනවා.

    හැබයි මේ අවස්තාව උදා වෙන්න තියෙන ඉඩ කඩ කොයි තරම් අඩුද ?

    අපි හිතමු ලංකාවෙ මේ වෙනකොට කොරෝනා ආසාදිතයො කී දෙනක් නිදැල්ලෙ ඉන්නවද කියලා. අපි හිතමු 1000ක් කියලා. එහෙම නම් මේ මොහොතේ ඔබේ ඉදිරියේ ඉන්න කෙනා කොරෝනා රෝගියෙක් වෙන්න තියෙන ඉඩ කඩ තියෙන්නෙ

    1000 / 22000000 = 1/ 22000. තරම් අඩු ඉඩක්

    ඔන්න දැන් කෙනෙකුට අහන්න පුලුවන් ඕකත් අවධානමක් නේද ? ජීවිතයක් නේද කියලා.

    හරි අපි හැමෝම දන්නවා ලංකාවෙ දවසකට රථවාහන අනතුරු වලින් සෑහෙන ප්‍රමානයක් මැරෙන බව. ඒ අයගෙන් සැලකියයුතු පිරිසක් මැරෙන්නෙ ඔලුවට වෙන තුවාල වලින් බව. ඒ වගේම අපි දන්නවා හෙල්මට් එකක් දාගෙන ගියාම වාහන අනතුරකදී හිසට වෙන්න පුලුවන් හානිය අඩු වෙන බව. එහෙමයි කියලා අපි කවුරුවත් පාරෙ පයින් යනකොට හෙල්මට් දාගෙන යනවද ? අඩුම තරමේ කාර් එකක යනකොට හෙල්මට් දානවාද ? අපි රටේ හැමෝම හැමදාම හෙල්මට් දැම්මොත් රිය අනතුරු නිසා හිසට හානි වෙලා මැරෙන පදිකයින් එක්කෙනෙක් දෙන්නෙක් බේරගන්න බැරිද ?

    හැබැයි අපි හෙල්මට් දාන්නෙ මෝටර් සයිකලයක යනකොට විතරයි. ඊට අමතරව ඔයාල දැකල ඇති කාර් රේස් පදින අය හෙල්මට් දානවා. එහෙම නැතුව ඕන කෙනෙක් වාහනේක හැප්පෙන්න පුලුවන් කියල රටේ මිලියන විස්සම හෙල්මට් දාගෙන පාරෙ යන එක ප්‍රායෝගික නෑ වගේම ලොකු නාස්තියක් සහ කරදරයක්.

    ඒ නිසා තමයි අපි පාරෙ යන කෙනෙකුට වම් පැත්තෙන් යන්න , කහ ඉරෙන් පාර පනින්න, පාර පනින්න කලින් දෙපැත්ත බලන්න, නොපෙනෙන වංගුවකදී පාර පනින්න එපා වගේ කිසිම වියදමක් නැති හෙල්මට දානවට වඩා ගොඩක් ආරක්ශා සහිත ක්‍රම කියලා දීල තියෙන්නෙ. කවුරු හරි ඒ ටික පිලිපදින්න අකමැති නිසා හප්පුනොත් ඔලුව බේරෙන්න කියලා හෙල්මට් එකක් දාගෙන යනව නම් ඇත්තටම ඒක විහිලුවක්.

    ඉතිං කොරෝනා රෝගයටත් අපි කියන්නෙ හරිම සරල උපදෙස් කීපයයි.

    නිතර සබන් යොදා අත් සෝදන්න
    පුලුවන් තරම් ගේ ඇතුලට වෙලා ඉන්න
    කිසිම කෙනෙක් ලඟට මීටරයකට වඩා කිට්ටු වෙන්න එපා.
    මුහුන අල්ලන්න එපා

    ඊට අමතරව

    ඔබට සෙම කැස්ස තියෙනවා නම්

    නිතර සබන් යොදා අත් සෝදන්න
    පුලුවන් තරම් ගේ ඇතුලට වෙලා ඉන්න
    කිසිම කෙනෙක් ලඟට මීටරයකට වඩා කිට්ටු වෙන්න එපා.
    මුහුන අල්ලන්න එපා

    කහින විට ලේන්සුවක් / වැලමිටේ ඇතුල් පැත්ත පාවිච්චි කරන්න
    සෙනග ඉන්න තැනකට යනකොට අනිත් අයගෙ යහපත පිනිස මුහුනු ආවරනයක් පලඳින්න.

    අන්තිම සරලයි.

    හැමෝම දන්නවා මේ මොහොතේ හැමෝගෙම නිදහස සීමා වෙලා තියෙන්නෙ. ගේ ඇතුලට වෙලා ඉන්න අමාරුයි. මිනිස්සුන්ට ලං නොවී ඉන්න අමාරුයි. ඒත් කවුරු හරි කෙනෙක් හිතනවා නම් මුහුනු ආවරනයක් ඒ කියන්නෙ ෆේස් මාස්ක් එකක් දාගෙන ලෙඩේ හැදෙන එකෙන් බේරිලා නිදහසේ ඇවිද අවිද ඉන්න පුලුවන් කියලා අන්න එතනදි නම් අපිට වරදිනව.

    අර මුලින් කියපු දේවල් ටික නොකරනව නම් අපිට ෆේස් මාස් එකක් දාල කොහ්මට වත් ලෙඩෙන් බේරෙන්න බෑ. ඒ වගේම මුලින් කියපු දේවල් ටික හරියට පිලිපදිනවා නම් නිරෝගී කෙනෙක් මුහුනු ආවරනයක් පලඳින්න ඕනෙ නෑ.

    සර්ජිකල් මාස්ක් , එහෙනත් නැත්තම් ඉස්පිරිතාලවල දාන මාස්ක් නැත්තම් රෙදි මාස්ක් එකක් දාන එක හොඳ නැද්ද ? කලින් සර්ජිකල් මාස්ක් ගැන කියපු සියලූම දේවල් රෙදි මාස්ක් වලටත් අදාලයි.

    හැබැයි

    සර්ජිකල් මාස්ක් එකක් එලියෙ තියෙනවා පොලිතීන් වගේ තට්ටුවක්. ඒකෙන් කෙල බිඳිති උරාගන්නෙ නැතිව එලියට ඉවත් කරල දානවා. හැබැයි රෙදි මාස්ක් එකක් ඉක්මනින් ම කෙල බින්දු වලින් පෙඟෙනවා. ඊට පස්සෙ වෛරස් ටික එතන එකතු වෙලා තියෙනවා. මාස්ක් එක නැති වෙලාවට වඩා වැඩි වෙලාවක් වෛරසය මූන අවට ගෑවි ගෑවි තියෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නෙ කියලා තමන් ම හිතල බලන්න.

    මුහුණු ආවරණයක් දාපු වෙලාවෙ ඉඳන් අපි කරන්නෙ ඒක අල්ලන එක සහ සකස් කරන එක. එහෙම කළාම අතේ තියෙන විසබීජ මූ⁣ණෙ ගෑවෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙලා ලෙඩේ හැදෙන්න තියෙන ඉඩ වැඩි වෙනවා. අනික නහය සහ කට වහගත්තත් කෙළ බින්දු ඇහැට වැටුණොත් ලෙඩේ බෝ වෙන්න පුළුවන්. ඒ නිසා මුහුණු ආවරණයක් දාගෙන ඒක අල්ල අල්ල ඉන්නවට වඩා ගොඩක් ලේසියි කෙනෙක්ට ටිකක් දුරින් ඉන්න එක සහ තමන්ගෙ මුහුණ අල්ලන්නෙ නැතිව ඉන්න එක.

    තවත් කාරනයක්. සාමාන්‍ය රෙදි මාස්ක් එකක් තියෙන සිදුරු වල ප්‍රමානය නැනෝ මීටර දහදාහක් පනස්දාහක් අතර වගේ වෙනව. කොරෝනා වෛරසය නැනෝමීටර එකසිය විස්සක් විතර. ඒ කියන්නෙ අඩුම තරමෙ රෙදි වල නූල් අතර තියෙන සිදුරක් වයිරසය වගේ සිය ගුනයකට වඩා ලොකුයි. කෙල ටික වේලුනාම වෛරසය ඔය සිදුර ඇතුලෙන් යන හැටි අපිට සමාන කරන්න පුලුවන් ජනේලයකින් වෙරලු ගෙඩිය විසිකරන ඒකට.

    එතකොට බැරිවෙලාවත් වෛරසය හුලඟින් බෝවෙනව නම් ? වෛරසය සුලඟින් පැතිරෙන බවට මේ වන තෙක් කිසිම සාදකයක් නෑ. අනිත් කාරණා බැරිවෙලාවත් එහෙම වෙනව කිවුවත් ඔය කියන සාමාන්‍ය මාස්ක් එකකින් ඒකට ආරක්ශාවක් ලැබෙන්නෙ නෑ.

    එතකොට අර වෛරස් වලින් ආරක්ශා වෙන විශේෂ මාස්ක් තියෙනවා නේද ? ඔව් තියෙනවා. N - 95 කියන්නේ එහෙම එකක්. ඒකෙන් පුලුවන් වෛරසය ඇඟට එන එක සෑහෙන දුරකට පාලනය කරන්න. හැබැයි ඒ මාස්ක් එක පලඳින්න පුලුවන් ඉතාම විශේශ තත්ව යටතේ විතරයි. ඒක දාගත්තට පස්සෙ විශේෂ පරීක්ශනයක් පවා කරන්න ඕනෙ ඒක හරියට සවි වෙලාද බලන්න. අනික ඒක හරිම මිල අදිකයි. වැදගත්ම කාරණාව මේ දවස් වල ලෝකෙ හැම තැනම මේව හරිම හිඟයි.

    එතකොට අර පිට රට පින්තූර වල හැමෝම මාස්ක් දාගෙන ඉන්නෙ ? චීනෙත් දාගෙන හිටියෙ ? කෙනෙක් එහෙම අහන්න පුලුවන්.

    මාස්ක් දැමීම අනුමත කරන්නෙ සමාජයේ කෙනෙක් ගෙන් තව කෙනෙකුට ඔහේ බෝවෙන ගානට ලෙඩේ පැතිරුනොත් විතරයි. ඒ කියන්නෙ කොරෝනා රෝගීන් ගොඩ දෙනෙක් පරිසරයේ ඔහේ ඉන්න තත්වයකදී විතරයි. ( community spread )

    බැරි වෙලාවත් එහෙම තත්වයක් උදා වුනොත් හැමෝටම එලියට යද්දී මාස්ක් දාන්න වෙයි. අපේ වගකීම ඒ තත්වයට පත් නොවී ඉන්න එක. ඒක කරන්න පුලුවන්

    එළියට නොයා ඉඳීම
    අත් සේදීම
    එකිනෙකා අතර මීටරයක දුරක් පවත්වා ගැනීම
    සහ මුහුන ඇල්ලීමෙන් වැලකී සිටීම

    කියන දේවල් හරියටම පිලිපැදීමෙන් මිසක් ෆේස් මාස්ක් පැලඳීමෙන් නෙවෙයි.

    මේ කතාව ලියන්න වෙන්නෙ අද වෙනකොට අපිට තියෙන පිලිගත් විද්‍යාත්මක සාදකත් එක්ක. රූපවාහිනි නාලිකා ඇතුලු ගොඩක් මාධ්‍ය වලින් කෙරුනු විධ්‍යාත්මක පදනමක් නැති ප්‍රචාර නිසා ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නෙ මාස්ක් එකක් නැතිවුනොත් ලෙඩේ බෝ වෙනව කියල. හැබැයි අදටත් ලෝක සෞඛ්‍ය සංවිදානය නම් කියන්නෙ කිසිම රෝග ලක්ෂනයක් නැති නිරෝගී කෙනෙක් ෆේස් මාස් එකක් පලඳිනවා කියන්නේ තනිකරම නාස්තියක් කියලා. ඒ අය එහෙම කියන්න විශේශ හේතුවක් තියෙනවා. ඒ තමයි රෝගය පාලනය කරන්න නම් ෆේස් මාස්ක් දාන්න ඕනෙ පිරිසක් ඉන්නවා. ඒ තමයි රෝගීන් එක්ක කෙලින් ම ගනුදෙනු කරන සෞඛ්‍ය සේවකයො. ඒ කියන්නෙත් ඉස්පිරිතාලෙ ඉන්න හැමෝම නෙවෙයි. අවධානම් කියලා හඳුනාගත්ත අය. ඒ අයට ලෙඩේ හැදුනොත් ඒ අයගෙන් අනිත් අයට ලෙඩේ බෝ වෙන අවධානමක් වගේම රෝගීන්ට ප්‍රතිකාර කරන කාර්ය මණ්ඩලය අඩුවීම නිස ඉස්පිරිතාල කඩා වැටෙන්නත් පුලුවන්.

    ලංකාවටම දැනට තියෙන්නෙ මාස්ක් ටිකයි. මාස්ක් හදන්නෙ චීනෙ නිසා තව සෑහෙන කාලෙකට අලුතින් මාස්ක් එන එකකුත් නෑ. ඒ කියන්නෙ අපි තියෙන මාස්ක් ටික පුලුවන් තරම් පරිස්සම් කරගන්න වෙනව. පහුගිය දින වල රටේ ජනතාව හැසිරුනු හැටියට තව ටික කාලෙකින් අපිට මාස්ක් උවමනා වෙන කාලයක් එන්නෙ නැතිවෙයි කියලම කියන්නත් අමාරුයි. ඒ නිසා මේ වෙලාවෙ රට ඇතුලෙ ඉතිරි වෙලා තියෙන මාස්ක් ටික උවමනා වෙලාවට ගන්න ආරක්ශා කරගමු. එහෙම නැති වුනොත් මාස්ක් හිඟය නිසා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන එක අඩාල වෙන්න පුලුවන්.

    ඒ නිසා මිනිස්සු ඉන්න තැනක මාස්ක් එකක් නොදා කැහැ කැහැ ඉන්න කෙනෙක් දැක්කොත් එයාට මාස්ක් එකක් අරන් දෙන්න. හැබැයි මාස්ක් නොදා ඉන්න නිරෝගී කෙනෙක් දැක්කොත් එයා එක්ක ගහගන්න යන්න එපා. ඔබ නිරෝගී කෙනෙක් නම් එයා වගේ වෙන්න.
     
    • Like
    Reactions: janaka_jr

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Indian Prime Minister Narendra Modi called for a nationwide lockdown starting midnight to contain the novel coronavirus. The duration of the lockdown will be 21 days.

    #lka #News1st #IndianLockdown #PMNarendraModi
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    what about SL
    Our Director General of health asking people to do normal things even after closure of schools
    Our president could not stop big matches and he and his relatives participating in both Ananda Nalanda and Royal Thominan
    we did not stop Chinese or people coming from countries badly affected
    Our president wanted to have elections admist all these and said that we had elections during civil war
    Did our intelligence told GR that there is a difference between virus infection and civil war(any educated person should know!)
    Did our intelligence whichich is priority under GR govt warn him or authorities or is this another ester bomb scenario
    Do we need another commission to investigate....
    Where was GR when other countries got affected , his priority was elections and this was clear from is address to nation where he canvessed for votes! for his brother MR
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    mata hithuna widiyata mama kiwwe ...wena amuthu game natha ...mama waradi wenna puluwan ...oya kiyana miniha gana newei mama kiwwe ...mulu proccess eka diha balanakota thaga dala meka karanna puluwanda kiyala mama danne naha ...ehema puluwan nam awulak naha ...kiyana de kattiyata terila naha ...

    uba oya kiyana widiyata korana europe wala thama puka hoda ganna welawak nethi tharamata corona game eka deela tiyenne

    nikan bana kiyanna epa bn.

    balapan new Zealand ada weddi. day before yesterday apita godak pahala hitiye. ada 155+ wela. ane nikan palayan ban yanna. ube matha wada.

    uba oya kiyana thaga danne nethi italy, spain, US ada udinma innawa. uba ei SL inne thaga danawa nam. palako e ratakata. disaster management best ratakata. ube katandara patta mala gedara night ekak gahana gaman kiyawanna

    harakek unata kamak ne. public place wala eka display karanna epa. ube achchige methodology ekak ube disaster management eka.:lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    කොරෝනා රෝගීන් වෙනුවෙන් රෝහල් 30ක් සූදානම් කෙරේ..


    කොරොනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් රට පුරා රෝහල් 30ක් සූදානම් කිරීමට රජය කටයුතු කර ඇත.

    එම රෝහලට අමතරව තවත් රෝහල් දෙකක් අලුත් ඇති ස්ථාපිත කිරීමට ද තීන්දු කර තිබේ.

    ඉරණවිල ඇමෙරිකානු හඬ ගුවන් විදුලියට අයත් ගොඩනැගිලිවල එක් රෝමලක් ස්ථාපිත කිරීම මේ දිනවල හමුවා විසින් සිදු කරමින් ඇත.

    හලාවත ප‍්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක්ද රෝහලක් ලෙස ස්ථාපිත කරමින් ඇත.

    කොරෝනා රෝගයට සූදානම් කරන රෝහලට වලට සියලු පහසුකම් ස්ථාපිත කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

    Lankacnews
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,998
    4,687
    113
    Loading...
    බලපන් අපේ ඡන්ද වලින් පාර්ලිමේන්තු ගිහින් සැප ගන්න එක හිඟන්නෙක් මිනිස්සු වෙනුවෙන් දෙයක් කළා ද කියලා මේ ⁣වෙලාවෙ තාමත්. සද්දයක් නැහැ. අඩුම තරමෙ මාස්ක් ටිකක් බෙදපන් අවංකව ඉදිරිපත් වෙලා. ඔය මහලු මඩමට බෝ වෙලා ඔය පට්ට හොරු ඔක්කොම ඉවරයක් වෙලා යන්න ඔනි. මේකෙන් ලංකාව බේරුනොත් පට්ට හොරු ටික ඔක්කොම ආපහු ස්ටේජ් නැගලා පොර ටෝක් දෙන්න එයි. පුකට පයින් ගහලා එළවන්න ඕනි ඕකුන්ව. මුං ඉන්නකන් ලංකාවට ගොඩ යාමක් නැහැ. රට කාපු පට්ට හොරු.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බලපන් අපේ ඡන්ද වලින් පාර්ලිමේන්තු ගිහින් සැප ගන්න එක හිඟන්නෙක් මිනිස්සු වෙනුවෙන් දෙයක් කළා ද කියලා මේ ⁣වෙලාවෙ තාමත්. සද්දයක් නැහැ. අඩුම තරමෙ මාස්ක් ටිකක් බෙදපන් අවංකව ඉදිරිපත් වෙලා. ඔය මහලු මඩමට බෝ වෙලා ඔය පට්ට හොරු ඔක්කොම ඉවරයක් වෙලා යන්න ඔනි. මේකෙන් ලංකාව බේරුනොත් පට්ට හොරු ටික ඔක්කොම ආපහු ස්ටේජ් නැගලා පොර ටෝක් දෙන්න එයි. පුකට පයින් ගහලා එළවන්න ඕනි ඕකුන්ව. මුං ඉන්නකන් ලංකාවට ගොඩ යාමක් නැහැ. රට කාපු පට්ට හොරු.



    පලාත් සභාවත් නැහැ , පාර්ලිමේන්තුවත් නැහැ.. ඒත් ලංකාවෙ වැඩ ටික ගානට වෙනව.. :nerd:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    ape kalakanni sakkili kiyanawa ape rate lu thaga danne
    me thiyenne china disaster management karana widiya
    ko ara lord pakeer?

    ow me ubata thama kiyanne. balapan ape minissu, ape medical industry eka, ape army eka kochchara manussada kiyala..!

    ubala wage sakkili ballo thama loketa kiyanne ape army eka minissu maranawa, ape doctors la minissu maranawa kiyala..! awajathaka ballo:angry:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,998
    4,687
    113
    Loading...
    පලාත් සභාවත් නැහැ , පාර්ලිමේන්තුවත් නැහැ.. ඒත් ලංකාවෙ වැඩ ටික ගානට වෙනව.. :nerd:

    සජියට බැන්නට ඌ ලයිව් ඇවිත් ගොං කතාවක් හරි කිව්වා. අනිත් ඔස්තාර්ලා එකෙක්වත් දැක්කෙවත් නැහැ. රෙවිලා ඇත්තෙ ඇයි හැදුනොත් පරලොවනෙ වයසෙ හැටියට. ලප කුමාර එහෙම දැක්කෙත් නැහැ. දැන් මිනිස්සු පෝලිමේ ගිහින් කන්න අඳින්න ගෙනත් දෙනකන් ඇති 3%. කලිසම ගලවලා යවන්න ඕනි පොර ටෝක් දීගෙන ආවොත්.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    පලාත් සභාවත් නැහැ , පාර්ලිමේන්තුවත් නැහැ.. ඒත් ලංකාවෙ වැඩ ටික ගානට වෙනව.. :nerd:
    ඕකුන් කරන දෙයක් නැ නේ බන් අනික දෙයක් හිතලා කරන්ඩ තරම් මොලෙකුත් නැ නේ, ගොඩාක් ඉන්නේ හන්දී ගානේ හිටපු රස්තියාදු කාරයොනේ,
    ජනාදිපතිතුමා නිදහසේ වැඩ කරනවා
    වෙලාවට මේ වෙලාවේ විසුරවව්වේ නැත්තම් ඕකුන් මෙලහකට විසි පාරක් විතර රැස් වෙලා කොරෝනා වලට තීන්දු තීරණ ගන්ඩ පින් බත් කකා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකුන් කරන දෙයක් නැ නේ බන් අනික දෙයක් හිතලා කරන්ඩ තරම් මොලෙකුත් නැ නේ, ගොඩාක් ඉන්නේ හන්දී ගානේ හිටපු රස්තියාදු කාරයොනේ,
    ජනාදිපතිතුමා නිදහසේ වැඩ කරනවා
    වෙලාවට මේ වෙලාවේ විසුරවව්වේ නැත්තම් ඕකුන් මෙලහකට විසි පාරක් විතර රැස් වෙලා කොරෝනා වලට තීන්දු තීරණ ගන්ඩ පින් බත් කකා

    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.