Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වැළඳී ඉතාලියේදී ශ්‍රී ලාංකිකයෙකු මියගොස් නැහැ - වැඩබලන තානාපති කියයි

    කොරෝනා වැළඳී ඉතාලියේ මෙසීනා - ක්‍රිස්තෝ රේ හි සාත්තු නිවාසයකදී ශ්‍රී ලාංකිකයෙකු මියගිය බවට පළවන වාර්තා අසත්‍ය බව ඉතාලියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනෙවිරත්න පවසනවා.
    හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ එහි කොරෝනා වැළඳී කිහිපදෙනෙකු ප්‍රතිකාර ලබන නමුත් ඔවුන් අතර ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුත් නොමැති බවයි.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නේ මිනිහගේ තේ කෝප්ප තුන වැඩ කරලා නෑ වගේ

    ආන්න ඒක තමයි මටත් හිතුනෙ,තිබ්බ වැඩත් එක්ක බොන්ඩ බරි උනාද දන්නෙ නැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,442
    2
    53,942
    113
    ආන්න ඒක තමයි මටත් හිතුනෙ,තිබ්බ වැඩත් එක්ක බොන්ඩ බරි උනාද දන්නෙ නැ.

    කොත්තමල්ලි එහෙම විකිණෙන විකිණිල්ල දැකල තේ කොළ විකුණන අයටත් හිතෙන්ඩැති වතුර බොර වෙලේ මාළුවෙක් දෙන්නෙක් බාගන්ඩ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    [QUOTE=yapa100;25249816] චාල්ස් කුමරුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුවෙයි.[/QUOTE]

    සද්දො ටික ඉතාලි මිනිස්සු වගේ ආතල් ගත්තා. දැන් බඩු තමයි. අපි ඕවා මුලින්ම කියල ඇති.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනාවලට පිළියම "තේ" ? - ඇත්ත එළියට

    මුළු ලෝකයම COVID 19 හෙවත් කොරෝනා වෛරසය සමඟින් පොර බඳිමින් සිටින අතර, ලෝක නායකයින්, පර්යේෂකයින් මෙන්ම වෛද්‍යවරුන් ද ඒ සඳහා පිළියම් සොයමින් සිටිනවා.
    මේ ගෙවෙමින් පවතින කාලය තුළ වඩාත් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ, ව්‍යාජ පුවත් සහ තවමත් නිශ්චිතව ඔප්පු කර නොමැති කරුණු කාරණා සමාජ ජාලා ඇතුළු අන්තර්ජාල ඔස්සේ හුවමාරු වීමයි.
    මෙවන් පුවතක් විදෙස් මාධ්‍යක්වන CNN විසින් වාර්තා කළා යැයි සඳහන් කරමින්, සමාජ මාධ්‍යන්හි මේ වන විට හුවමාරු වනවා.
    එම පුවත නම් "තේ පානය කිරීම කොරෝනා රෝගය සුව කිරීමට හේතුවක් වන" බවයි.
    මාරාන්තික කොරෝනා වෛරසය මුලින්ම හඳුනාගත් සහ එම වෛරසයෙන් මියගිය චීන වෛද්‍යවරයා ලේඛනගත කළා යැයි සඳහන් කරමින් CNN පුවත් සේවය මෙම "විශේෂ පුවත" වාර්තා කර තිබූ බවයි සමාජ මාධ්‍යන්හි විවිධ රටවල පුද්ගලයන් සඳහන් කර තිබුනේ.
    එහි දැක්වෙන්නේ, "අදාළ චීන වෛද්‍යවරයා වන ලී වෙන්ලියන්ග්(Li Wenliang), සිය ලිපිගොනු මඟින් කොරෝනා සඳහා ප්‍රතිකාරයක් යෝජනා කර ඇතැයි" යන්නයි. ඒ නම් "ඉන්දියාවේ තේ" මේ සඳහා වන ප්‍රතිකාරය බවටයි එහි දැක්වෙන්නේ.
    නමුත් එවැනි පුවතක් CNN මගින් ප්‍රචාරය කර ඇති බව සොයාගැනීමට නැහැ.
    මෙම පුවත ෆේස් බුක්, වට්ස්ඇප් සහ ට්විටර් ඔස්සේ හුවමාරු වන අතර ශ්‍රී ලංකාවේද සමාජ මාධ්‍ය මෙන්ම පුවත් අඩවි කිහිපයකම මේ පිලිබඳ දක්වා තිබුණා.
    කෙසේ වෙතත්, ඉන්දියා ටුඩේ ප්‍රකාශ කරන්නේ, මෙම පුවත නොමඟ යවන සුළු ව්‍යාජ පුවතක් බවත් CNN මාධ්‍ය තුළ මෙවැන්නක් සොයා ගත නොහැකි බවයි.
    CNN විසින් එම වෛද්‍යවරයා සම්බන්ධව වාර්තා කරන නමුත් එහිදී කොරෝනා සඳහා වන ඖෂධයක් ගැන හෝ වෙනත් යමක් ගැන සඳහනක් කර නොමැති බව සඳහන්.
    මෙවන් කිසිදු සාක්ෂියක් නොමැති "ව්‍යාජමය පුවත්" සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම ගැටලු සහගත බවයි ඉන්දියා ටුඩේ (IndiaToday) පෙන්වා දෙන්නේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    [QUOTE=yapa100;25249816] චාල්ස් කුමරුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුවෙයි.

    සද්දො ටික ඉතාලි මිනිස්සු වගේ ආතල් ගත්තා. දැන් බඩු තමයි. අපි ඕවා මුලින්ම කියල ඇති. [/QUOTE]

    :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොත්තමල්ලි එහෙම විකිණෙන විකිණිල්ල දැකල තේ කොළ විකුණන අයටත් හිතෙන්ඩැති වතුර බොර වෙලේ මාළුවෙක් දෙන්නෙක් බාගන්ඩ

    චීනෙන් ආව සීන් එකක් මචන් ඕක..සමහර විට ඇත්ත වෙන්ඩත් ඇහැකියි..අපේ රටේ කොරෝනා නොහැදුනොත් ඒවට මුල ඔය කොත්තමල්ලි පෙරුම්කායම් තුනපහ අරව මේව සහ තව විශේශ දෙයක් ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    A look at this evening's COVID-19 headlines:

    Prince Charles, the heir to Britain’s throne, has tested positive for COVID-19. https://cna.asia/2UgGQZY

    Indonesia reports 105 new COVID-19 cases to bring the total to 790. 3 more people have also died. https://cna.asia/2xk6Wm6

    From India to the US, a third of the world are now under orders to stay indoors. https://cna.asia/2WEYZ5k

    All work pass holders entering Singapore from Malaysia must get the Manpower Ministry’s approval before travelling across the Causeway. https://cna.asia/2UGd7ce

    Clubs in Singapore ditch plans for farewell shows ahead of mandated closure from Thursday night. https://cna.asia/2WIAuo8

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් හමුවී නෑ - සෞඛ්‍ය ඇමතිනිය කියයි

    අද (25) දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසයට ගොදුරුවූ කිසිදු පුද්ගලයෙක් මේ දක්වා වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.
    ලෝකයේ තත්ත්වය හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් බවත් මෙම ක්‍රමය ඉදිරියට පවත්වා ගෙන යාමට මහජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් පිළිපැදිය යුතු බවයි සෞඛ්‍ය ඇමැතිවරිය කියා සිටියා.

    ඒ හේතුවෙන් සෑම විටම මිටරයක පරතරය පවත්වා ගෙන යාමට කටයුතු කරන ලෙසයි ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    එමෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යාමෙන් මෙම තත්ත්වය දිගටම පවත්වාගෙන යා හැකි බවත් ඒ සඳහා මහජනතාව පෙළ ගැසිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියා.

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,250
    20,358
    113
    චීනෙන් ආව සීන් එකක් මචන් ඕක..සමහර විට ඇත්ත වෙන්ඩත් ඇහැකියි..අපේ රටේ කොරෝනා නොහැදුනොත් ඒවට මුල ඔය කොත්තමල්ලි පෙරුම්කායම් තුනපහ අරව මේව සහ තව විශේශ දෙයක් ..

    චීන්නුත් බොන්නේ බන් තේනම් :confused:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අද පස්වරු 4.30 දක්වා කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තාවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරිය කියයි.
    #lka #News1st

    Sinhalu are safe machan. We can go to work from monday

    ;):yes::yes::):love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනාවලට පිළියම "තේ" ? - ඇත්ත එළියට

    මුළු ලෝකයම COVID 19 හෙවත් කොරෝනා වෛරසය සමඟින් පොර බඳිමින් සිටින අතර, ලෝක නායකයින්, පර්යේෂකයින් මෙන්ම වෛද්‍යවරුන් ද ඒ සඳහා පිළියම් සොයමින් සිටිනවා.
    මේ ගෙවෙමින් පවතින කාලය තුළ වඩාත් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ, ව්‍යාජ පුවත් සහ තවමත් නිශ්චිතව ඔප්පු කර නොමැති කරුණු කාරණා සමාජ ජාලා ඇතුළු අන්තර්ජාල ඔස්සේ හුවමාරු වීමයි.
    මෙවන් පුවතක් විදෙස් මාධ්‍යක්වන CNN විසින් වාර්තා කළා යැයි සඳහන් කරමින්, සමාජ මාධ්‍යන්හි මේ වන විට හුවමාරු වනවා.
    එම පුවත නම් "තේ පානය කිරීම කොරෝනා රෝගය සුව කිරීමට හේතුවක් වන" බවයි.
    මාරාන්තික කොරෝනා වෛරසය මුලින්ම හඳුනාගත් සහ එම වෛරසයෙන් මියගිය චීන වෛද්‍යවරයා ලේඛනගත කළා යැයි සඳහන් කරමින් CNN පුවත් සේවය මෙම "විශේෂ පුවත" වාර්තා කර තිබූ බවයි සමාජ මාධ්‍යන්හි විවිධ රටවල පුද්ගලයන් සඳහන් කර තිබුනේ.
    එහි දැක්වෙන්නේ, "අදාළ චීන වෛද්‍යවරයා වන ලී වෙන්ලියන්ග්(Li Wenliang), සිය ලිපිගොනු මඟින් කොරෝනා සඳහා ප්‍රතිකාරයක් යෝජනා කර ඇතැයි" යන්නයි. ඒ නම් "ඉන්දියාවේ තේ" මේ සඳහා වන ප්‍රතිකාරය බවටයි එහි දැක්වෙන්නේ.
    නමුත් එවැනි පුවතක් CNN මගින් ප්‍රචාරය කර ඇති බව සොයාගැනීමට නැහැ.
    මෙම පුවත ෆේස් බුක්, වට්ස්ඇප් සහ ට්විටර් ඔස්සේ හුවමාරු වන අතර ශ්‍රී ලංකාවේද සමාජ මාධ්‍ය මෙන්ම පුවත් අඩවි කිහිපයකම මේ පිලිබඳ දක්වා තිබුණා.
    කෙසේ වෙතත්, ඉන්දියා ටුඩේ ප්‍රකාශ කරන්නේ, මෙම පුවත නොමඟ යවන සුළු ව්‍යාජ පුවතක් බවත් CNN මාධ්‍ය තුළ මෙවැන්නක් සොයා ගත නොහැකි බවයි.
    CNN විසින් එම වෛද්‍යවරයා සම්බන්ධව වාර්තා කරන නමුත් එහිදී කොරෝනා සඳහා වන ඖෂධයක් ගැන හෝ වෙනත් යමක් ගැන සඳහනක් කර නොමැති බව සඳහන්.
    මෙවන් කිසිදු සාක්ෂියක් නොමැති "ව්‍යාජමය පුවත්" සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම ගැටලු සහගත බවයි ඉන්දියා ටුඩේ (IndiaToday) පෙන්වා දෙන්නේ.

    ඔය ඉන්දියාවෙ කසල තේ බියුවට හොද වෙන්නෙ නැ..අපේ ජනාධිපතිතුමා චිනෙට කොරෝනා අස්සෙ තේ ටොන් ගානක් නොමිලේ දුන්න ආන්න ඒව බිල වෙන්ඩ ඔනෙ සුව වෙලා තියෙනෙ..

    මේක හොද අවස්තාවක් ලෝකෙටම පතුරෝමු..පස්සෙ රුපියල් 10 පෙරුම්කායන් කෑල්ල 150 වික්ක වගේ තේ මිල වැඩි කරල රටක් විදිහට ගොඩ යමු..:yes::yes::yes:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් හමුවී නෑ - සෞඛ්‍ය ඇමතිනිය කියයි

    අද (25) දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසයට ගොදුරුවූ කිසිදු පුද්ගලයෙක් මේ දක්වා වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.
    ලෝකයේ තත්ත්වය හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් බවත් මෙම ක්‍රමය ඉදිරියට පවත්වා ගෙන යාමට මහජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් පිළිපැදිය යුතු බවයි සෞඛ්‍ය ඇමැතිවරිය කියා සිටියා.

    ඒ හේතුවෙන් සෑම විටම මිටරයක පරතරය පවත්වා ගෙන යාමට කටයුතු කරන ලෙසයි ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    එමෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යාමෙන් මෙම තත්ත්වය දිගටම පවත්වාගෙන යා හැකි බවත් ඒ සඳහා මහජනතාව පෙළ ගැසිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියා.

    We can go to work from monday. We are safe :D
     
    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    ඔය ඉන්දියාවෙ කසල තේ බියුවට හොද වෙන්නෙ නැ..අපේ ජනාධිපතිතුමා චිනෙට කොරෝනා අස්සෙ තේ ටොන් ගානක් නොමිලේ දුන්න ආන්න ඒව බිල වෙන්ඩ ඔනෙ සුව වෙලා තියෙනෙ..

    මේක හොද අවස්තාවක් ලෝකෙටම පතුරෝමු..පස්සෙ රුපියල් 10 පෙරුම්කායන් කෑල්ල 150 වික්ක වගේ තේ මිල වැඩි කරල රටක් විදිහට ගොඩ යමු..:yes::yes::yes:

    :lol::lol::lol: ඔන්න පටන් අරන්. මම බැලුවා ඒත් පරක්කු මොකද කියලා. මදි පාඩුවට දේවාලෙකුත් අටෝ ගනින්
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඇඳිරිනීතිය කාලයේදී ගෘහස්ථ හිංසනය හා කෲරත්වය වැඩිවෙලා

    ඇඳිරිනීතිය පවතින කාලයේ දී ළමා අපයෝජන සිදුවීම් වර්තාවීම 33%කින් ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි.

    මේ පැමිණිලි සියල්ලම ගෘහස්ථ හිංසනය හා කෲරත්වය හේතුවෙන් සිදුවූ අපයෝජන බව ද ලිංගික අපයෝජනය සම්බන්ධ පැමිණිලි නොවන බවද හෙතෙම කියයි.

    ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඇඳිරිනීතිය බලපැවැත්වෙන බැවින් අපයෝජකයා සහ වින්දිතයා වන දරුවන් ද නිවසට කොටුවී සිටීම මෙයට හේතුවක් බවයි.

    ළමා අපයෝජනයක් යනුවෙන් හැඳින්වෙන්නේ ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව, ඔහු ගේ හෝ ඇයගේ යහපතට, හා මනා කල්ක්‍රියාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් ක්‍රියාවකි.

    ඇඳිරිනීතිය පැනවීමට පෙර ළමයින් සම්බන්ධ පැමිණිලි දිනකට 40ක් පමණ ලැබුණු අතර ඉන් 10% පමණ ළමා අපයෝජන සම්බන්ද පැමිණිලි විය. ඇඳිරිනීතිය පැනවූ පසු ගත වූ දින 07ක කාලයේ දී ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 111 කි. ඉන් පැමිණිලි 36ක් ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි බව සභාපතිවරයා සඳහන් කළේය.
    ''ඇඳිරිනීති කාල සීමාවේ දී ළමා අපයෝජන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාත්මකව අඩුවී ඇතත් එහි ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. " යැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම පැමිණිලි වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ ළමා උපකාරක සේවාවේ 1929 හදිසි ඇමතුම් අංකයටය. එමෙන්ම වෙනත් දුරකථන මාර්ග ඔස්සේ ද ෆැක්ස් පණිවිඩ මගින් ද පැමිණිලි ලැබී තිබේ.මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
    ''ළමා අපයෝජනයන් සිදු කරන්නේ දරුවා හඳුනන අය වන දෙමාපියන්, වැඩිහිටියන් සහ දරුවන්ට රැකවරණය ලබාදෙන අය විසින්මයි. ඇඳිරිනීතියේ දී සිදුවන්නේ වෙනදා පාසල් ගිය, පන්ති ගිය දරුවන් ගෙදරට කොටුවීමයි. දෙපැත්තම ගෙදරට කොටුවීම නිසා ගෘහස්ථ හිංසනය, කෲරත්වය වැඩි වනවා, අපයෝජනය සිදුවෙනවා.

    ඉතින් මේ නිසා දෙමාපියන්ට ලොකු වගකීමකින් තියෙනවා දරුවන් නිසි පරිදි රැකබලා ගැනීමට. ඔවුන්ට ආදරය සෙනෙහස දැක්විය යුතුයි. ළමයකුට පහරදීමෙන් ඒ ළමයා කායික හා මානසිකව තවදුරටත් හිංසනයට පත්වෙනවා. මේ වගේ අවස්ථාවක දී දරුවන් නිවෙස්වලට කොටුවී පීඩනයට පත්ව සිටින බව සියලු දෙමාපියන් වැඩහිටියන් තේරුම්ගත යුතුයි. අපිට පැමිණිල්ලක් ලැබුණාම අපි එ් සම්බන්ධයෙන් සොයා බලා අදාල අපයෝජකයා අත්අඩංගුවට ගන්නවා.

    Status
    Not open for further replies.