‘ඇවිගන්’

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්

    කොවිඩ් -19 වෛරසය ආසාදය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානය විසින් සොයාගත් ‘ඇවිගන්’ නමැති ඖෂධය කඩිනමින් දිවයිනට ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

    ඇවිගන් ඖෂධ පෙති 5000ක් පළමු අදියරේදී ආනයනය කිරීමට නියමිතය. මෙම අඟහරුවාදා වන විට එම ඖෂධ මෙරටට ළඟාවනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. ඒ සඳහා වූ ගිවිසුම්ද මේ වන විට අත්සන් කර ඇත.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    කොවිඩ් -19 වෛරසය ආසාදය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානය විසින් සොයාගත් ‘ඇවිගන්’ නමැති ඖෂධය කඩිනමින් දිවයිනට ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

    ඇවිගන් ඖෂධ පෙති 5000ක් පළමු අදියරේදී ආනයනය කිරීමට නියමිතය. මෙම අඟහරුවාදා වන විට එම ඖෂධ මෙරටට ළඟාවනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. ඒ සඳහා වූ ගිවිසුම්ද මේ වන විට අත්සන් කර ඇත.

    meka bro covid 19 walata hoyagaththa ekak newei, Favipiravir kiyana beheth eka.. meka RNA virus walata use kala ekak,, Influenza, yellow fever wage virus walata wagema wediya nethath zika virus , rabies walata pawa meka use karala tynwa,, covid 19 ekata thawama thiyenne experimental level eke, Wuhan wala meka weda kala kiyanwa,, balamu,, koi widiyen hari goda gyoth hari
    btw tfs.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113

    කොවිඩ් -19 වෛරසය ආසාදය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානය විසින් සොයාගත් ‘ඇවිගන්’ නමැති ඖෂධය කඩිනමින් දිවයිනට ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

    ඇවිගන් ඖෂධ පෙති 5000ක් පළමු අදියරේදී ආනයනය කිරීමට නියමිතය. මෙම අඟහරුවාදා වන විට එම ඖෂධ මෙරටට ළඟාවනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. ඒ සඳහා වූ ගිවිසුම්ද මේ වන විට අත්සන් කර ඇත.

    ඇයි එතකොට මේක Italy, America වල use කරන්නෙ නැත්තෙ "මිතුරේ" :confused:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    මේ මොහොත වනවිට කොරෝනා රෝගය සදහා ලොවපුරා විවිධාකාර බෙහෙත් වර්ග අත්හදා බලමින් තිබෙන අතර වැඩි සාර්ථකත්වයක් දැකිය හැකිව ඇත්තේ Avigan ලබාදුන් රෝගීන් තුලයි. චීනයේදී මෙම බෙහෙත සාර්ථකවූ බව චීන රජය පවසයි. මේ වනවිට Avigan මහාපරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට සහය වනලෙස ජපාන අගමැති ශින්සෝ අබේ මහතා විසින් WHO සහය ඉල්ලා තිබෙන අතර ඉදිරියේදී Avigan වැඩි වැඩියෙන් නිෂ්පාදනය කෙරෙනු ඇතැයි බලාපොරොත්තුවේ.

    දැනට Avigan යනු ජපානයේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගය සදහා වෛද්‍ය උපදෙස් මත ලබාදෙන ප්‍රත්‍යක්ෂ බෙහෙතකි. මෙය හිතුමනාපේ බෙහෙත්හල් වලින් මිලදීගත නොහැක. මේ වනතුරුත් කොරෝනා සදහා හරියටම මෙය යැයි කීමට හැකි ප්‍රතිකාරයක් නොමැතිවීම තුල චීනය සාර්ථකවූ බව කියන Avigan පිළිබදව ලෝකයම දැඩි උනන්දුවකින් පසුවිය. මේ අතරතුර
    ජපානයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති, චන්දන වීරසේන මහතා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ගේ සංගමයේද සහයෝගයෙන් Avigan ලංකාවට ලබාගැනීමේ ක්‍රියාවලියක් සුදානම් කළේය. නමුත් එය පහසු කටයුත්තක් වුයේ නැතත් අවසානයේ ජයග්‍රහණය කළේය. ඔවුන්ගේ එම කැපවීම නොවන්නට Avigan ශ්‍රී ලංකාවට ලබාගන්නට කිසිසේත්ම හැකිවන්නේ නැත. බෙහෙත නිෂ්පාදනය කරන්නේ Fujifilm Toyama Pharmaceutical Co Ltd ආයතනයෙන් වුවද ජපාන රජය මගින් එම බෙහෙත වෙනත් රටවලට (සාම්පල ලෙස සීමිත ප්‍රමාණයක් චීනයට පමණක් ලබාදී තිබිණ) අලෙවි කිරීමට තහංචි පනවා තිබේ. කෙසේ වෙතත් ලෝකයේ බලවත් රටවල් වලට පවා ලබා නොදුන් Avigan බෙහෙත ශ්‍රී ලංකාව වෙත ලබාගැනීමට අපගේ තානාපති නිලධාරීන් දක්ෂ විය.

    මේ සදහා මුලික අඩිතාලම වැටුන මොහොතේ සිට අද උදෑසන Avigan බෙහෙත Fujifilm Toyama Pharmaceutical Co Ltd ආයතනයෙන් ලබාගන්නා තුරු අපගේ නිලධාරි මහත්ම මහත්මීන් සහ රාජ්‍ය ඖෂද නීතිගත සංස්ථාවේ ලේඛම් භද්‍රානි ජයවර්ධන මහත්මිය කටයුතුකළ ආකාරය අති විශිෂ්ටය. Avigan ලබාදීමට අදාල නිෂ්පාදන ආයතනය එකගවිමෙන් අනතුරුව එයට අදාල සියලුම දත්ත ඇතුලත් පිටු සිය ගණනක වාර්තාවක් නිෂ්පාදන සමගම මගින් තානාපති කාර්යාලයට ලබාදුන් අතර එය ඒ මොහොතේදීම විදේශ ලේඛම් රවිනාථ ආර්යසිංහ මහතා වෙත ලැබෙන්නට සැලැස්විය. ඔහුද තම වගකීම මැනවින් ඉටුකරමින් බෙහෙතට අදාලව නිෂ්පාදන සමගම ලබාදුන් දත්ත වාර්තාවන් ජනාධිපති කාර්ය සාධක බළකාය වෙත ඒ මොහොතේම ගෙනගියේය. අදාල දත්ත අධ්‍යයනය කළ බලධාරීන් ඒ සදහා අනුමැතිය ලබාදුන්නේය. වෙනදට නම් දින සති ගණන් ගතවන කටයුතු ඉතාමත්ම සුළු කාලයකදී අවසන්කර Avigan ආනයනය කිරීමට අදාල සියළු කටයුතු සුදානම් කෙරින. ඒ අනුව මුල් වටයට US$25,000 වටිනා බෙහෙත් පෙති 5000 (මෙය ප්‍රමාණවත් වන්නේ රෝගීන් 38 දෙනකුට පමණි) මිලදී ගැනිණ. මිලදී ගත් Avigan අද දින ශ්‍රී ලංකාවට ලැබිමට සලස්වා ඇත.

    මෙහිදී අප අත්දුටු තවත් වැදගත් මෙන්ම වටිනා සිදුවීම වුයේ රාජ්‍ය ඖෂද නීතිගත සංස්ථාව පළමු වරට බෙහෙතක් අදාල නිෂ්පදකයගෙන්ම ලබාගැනීමයි. එබැවින් අනවශ්‍ය අතරමැදි ගාස්තුවකින් තොරව නිෂ්පාදකයාගෙන් නියම මිලටම Avigan ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවිය.

    අප විසින් මෙය පැහැදිලිකිරීමට අවශ්‍යතාවයක් නැතත් පසුගිය දින කීපය පුරාවටම Avigan ලංකාවට ලබාගැනීම, එහි මිලගණන්, ලබාගත් ආකාරයන්, මෙයට චීනයේ සම්බන්දයන්, ඇතුළු එකී මෙකී නොකී සාවද්‍ය කරුණු පිළිබදව මුහුණු පොතේ සහ විවිධ මාධ්‍ය වල අසත්‍ය තොරතුරු වපුරමින් ජනතාව නොමග යවන පිරිස් දුටුබැවින් නියම තත්වය සටහන් කර තැබීම සුදුසු යයි අදහස් කල බැවින් සිදුකලෙමි. අවසාන වශයෙන් අප සියලුදෙනාගේම ප්‍රාර්ථනය විය යුත්තේ Avigan ප්‍රතිකාරය මගින් හෝ කොරෝනා සදහා සාර්ථක ප්‍රතිපලයක් ලැබේවා යන්නය.

    සමන් ප්‍රියංකර
    සභාපති
    ජපානයේ ශ්‍රී ලංකා සංගමය.
    2020 මාර්තු 31 දින

    FB