මචං ඔන්න මාස්ක්1ක් දාගෙන මම සති2කට කලින් ගෙදර ආවා.. හයිවේ1 ආවේ..මතරින් බැහැල දෙනියායේ බස්1ක නැගල ගෙදර ආවා. ආව දවසට පස්සෙන්ද කර්ෆිව් දැම්මා..ගෙදර ඇවිත් ශේප්1 දවස් 14ක් ඉදල ඔන්න ඉන්නව සොමියේ දැන් නම්.. අද උදේම රා කට්ටක් ගැහුවා මචංලා.. ලොකු තාත්තගේ පුතා මලක් කපනව කිතුල්.. අම්ම හාල් රොටී ගැහුවා.ඒවත් කෑවා... ඇල්ලෙන් නානවා මේ ටිකේ කට්ටිය එක්ක ගිහින්.. පෙරේදා සුද්දො ඩබලක් ආවනේ බං ඇල්ලට යන පාර වැරදිලා අපේ ගෙදරට ආව ඉස්කුටි වලින්. අපි ඉදියේ නෑ ගෙදර එවෙලේ. තාත්තා විතරයි ඉදියේ.. අපේ අයියා ජොකෙ එකට ඇහුවා තාත්ත ඉතින් සුද්දොත් එක්ක කතා කොලයි කියලා ?[අපේ අප්පොච්චා දන්න ඉන්ගිරිසියක් නැත. ඉස්කොලෙ 5ට පමණි ඉගෙනුම..] තාත්තා කියනව කොහේ කතා කරන්නද මගේ කටේ බුලත් විටනො ? කියලා.. ගමේ ඉතින් විනෝද සාගරේ. වෙලාවට ගමට පැන්නේ. පුරේ ඉදියා නම් ඩිප්රෙශන් මෙලාට...