GMOA හකීම් සමග එක්වෙයි.. කොරෝනා මල සිරුරු භූමදානය වෙනුවෙන් පෙරට.. ඉහලම සෞඛ්‍ය බලධාරියාටත් උඩින් යයි..
April 4, 2020 at 9:20 am | lanka C news
GMOA හකීම් සමග එක්වෙයි.. කොරෝනා මල සිරුරු භූමදානය වෙනුවෙන් පෙරට.. ඉහලම සෞඛ්‍ය බලධාරියාටත් උඩින් යයි..
කොරෝනා වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ දේහයන් සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කරන්නේ කෙසේදැයි තීරණය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.
එම සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම කර ඇත.
ආදාහනය හා භූමදානය යන ක‍්‍රම දෙකටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්ගෝපදේශ ගබා දී ඇති බවද එම ලිපියෙන් සිහිපත් කරයි.
කෙසේ වෙතත් මෙරට සෞඛ්‍ය සේවාය සම්බන්ධයෙන් අවසන් බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කර ඇත්තේ අවසන් කටයුතු කරන ආකාරය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්ගෝපදේශ ලබා දී ඇත්තේ ඒ ඒ රටවල තත්වයන් ගැන සලකා තීරණය ගැනීම අදාල රටවල නිසි බලධාරීන්ට බාර කරමින් බවයි.
ඒ අනුව මෙරට ජල තලයේ ඉහල මට්ටම හා සෞඛ්‍ය සේවකයන්ගේ කාලය ඉතිරි කර ගැනීම යන දෙකම සලකමින් සියළු දේහයන් ආදාහනය කිරීමට තීන්දු කර ඇති බවය.
හිටපු ඇමති රවුෆ් හකීම් විසින්ද ඉල්ලා ඇත්තේ මේ ගැන තීරණය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමටයි.
අපිටත් පාංශුකූලේ ඉල්ලන්න වෙයි වගේ නේද කොල්ලනේ..



උබල මොකෝ හිතෙන්නෙ?

.
