මේ තියෙන්නෙ ධරාවී
ඉන්දියාවේ මුම්බායි වල තියන දකුනු ආසියාවේ තියෙන විශාලතම මුඩුක්කු වලින් ප්‍රධාන එකක්.
මේ රූපයෙන් පේන්නෙ ධරාවියේ කොටසක් විතරයි
ඔබට අන්තර්ජාලයෙන් මේ ගැන වැඩි විස්තර සටහන් ගන්න පුලුවන්.
ආවේ මුඩුක්කුව ගැන කියන්න නෙවෙයි.
මේ මුඩුක්කුවෙන් ඉන්දියාව තැති ගැන්වෙන ප්‍රවෘත්තියක් ඊයේ සෙනසුරාදා වාර්තා වුනා.
ඒ තමයි මේ මුඩුක්කුවෙ ජීවත් උන කෙනෙක් කොවිඩ්-19 ආසාදනය වෙලා මරණයට පත්වීම.
මේ මියගිය පුද්ගලයා වයස 54 ක අයෙක්. ඒ වගේම මාස ගානකින් මේ පුද්ගලයා මේ මුඩුක්කුවෙන් පිට සංචාරය කරල නෑ.
කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු පරීක්ෂාවට ලක් කර නිවාස නිරෝධායනය යටතේ තබා ඇති අතර, තවත් ආසාදන වැළැක්වීම සඳහා ඔහු ඇසුරු කළ මුඩුක්කු නිවාස 300ක් සහ කුඩා පෙට්ටි කඩ 90ක් පමණ වසා දමා ඔවුන්ද හුදකලා කර තිබෙනවා.
ඒ වගේම මේ මුඩුක්කුවෙන් තෝරා ගත් 24 දෙනෙකුගෙ නියැදියක් යොදාගෙන කරපු කොරෝනා ටෙස්ට් එහකදි ඉන් 18 ක් කොරෝනා පොසිටිව් කියල හොයා ගත්තා.
ඔබ ඇහැවොත් පුදුම වෙයි
මේ මුඩුක්කුවෙ මිලියනයකට අධික ජනගහනයක් ජීවත් වෙනව.
ඒ වගේම
මෙහි ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 280,000 ක්.
ඉංදියාවේ වැඩිම ජන ඝනත්වය වාර්තාවන තැන මෙතන.
හිතාගන්න ඒක ඇමරිකාවේ නිව් යෝර්ක් වල ජනඝනත්වට වඩා වැඩීයි. තේරෙන්න කිව්වොත් ධරාවි මුඩුක්කුවේ නිව්යෝක් නගරයට වඩා 30 ගුණයකින් වැඩි ජන ඝනත්වයක් සිටිනවා.
ඉදිරි කාලයේ අසල්වැසි ඉන්දියාව බොහොම කෙටි කාලයකින් කොරෝනා වාර්තා සටහන් වල ඉතාලිය ඇමරිකාව පසු කර යා හැකියි.
මෙය ඉන්දියාව ට පමණක් නොව. අපටත් කරන භයානය අනතුරු ඇගවීමක්. මක් නිසාද කිවහොත් ඉන්දියාවේ රෝගය සීග්‍රයෙන් වයාප්ත වුවහොත් විශාල වශයෙන් පිරිස් බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවට දැනටමත් අනතුරු ඇගවීම් නිකුත් කර ඇත...


