මින් ඉදිරියට කටුනායක ගුවන් තොටුපළින් මෙරටට එන සියලුම ගුවන් මගීන් අඩි විස්සක් දිගැති උමං මාර්ගයක් ඔස්සේ සම්පූර්ණයෙන් විෂබීජානුහරණය කර රට තුළට ගැනීමට පියවර ගෙන ඇතැයි ගුවන්
තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පැවසීය.
මෙමගින් කිසිදු මගියකු මග නොහැරෙන අතර, සියලුම විෂබීජ නැසිය හැකි අයුරින් විෂබීජ නාශක වාෂ්ප ලෙස මෙම උමං මාර්ගයේදී එක් කිරීමට නියමිතය.
ගුවන් හමුදාවේ සහායෙන් මෙම විෂබීජානුහරණ උමං මාර්ගය සැකසීමට පියවර ගෙන ඇත. ගුවන් තොටුපළ සේවකයන්ද ඇතුළු වන හා පිටවන තැන්වලදී විෂබීජානුහරණ කුටි ඔස්සේ විෂබීජහරණයට ලක් කිරීමටද කටයුතු යොදා ඇත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
The Chinese had these disinfection tunnels installed in towns and they imported tons of special disinfectants from the US.But even the Chinese are not sure that it was effective at all against this virus....
But probably it's better to have at least some measures.

Otherwise we place all the infected patients in this tunnel....



