කැනඩාවේ දැන් තත්වය 2020-04-05
15,000 ඔක්කොම, දවසකට 1500 අලුතින්
1) ඇදිරි නිතිය නැත.කඩවල් සාමාන්‍ය විදියට ඇරලා. මිනිස්සු මීටර් දෙකක පරතරයක් තබාගනී. කඩවල්වලට ඇතුළු කරන්නේ වරකට සීමිත ප්රමාණයකි. ඇදිරි නිතිය ඇත්තටම අවශය නැත.
2) පාර්ක් විවුර්තව පවතී
3) අත්යවශ නොවන වියාපාර වසා ඇත. ගොඩක් දෙනා ගෙදර ඉදන් වැඩ කරයි
4) airport විවුර්තව පවතී.කිසිදු පරීක්ෂාවක් නොකරයි. එන අයට දින 14 ගෙදර ඉන්න කියා කියයි. නැතිව වෙනම නිරෝදයන මද්‍යස්ථාන නැත. අමෙරිකාවෙන් එක සතියකට මිලියනයක් පමණ මෙහෙ පදිංචි අය පැමිණ ඇත (හිම කුරුල්ලන්) . හිම කුරුල්ලන් යනු සීත කාලෙට ඇමෙරිකාවට ගොස් ග්‍රීෂ්ම කාලයට නැවත රටට පැමිනෙන කැනේඩියානු අයය. එන අයට දින 14 ගෙදර ඉන්න කියා කියයි. අපු අය ගැන ගැන පසුව සොයාබැලීමක් නැත .මතක් කලොත් අමෙරිකාව කියන්නේ දවසකට 30,000 අලුත් ආසාදිතයන් ඇති, දවසකට 1000 විතර මැරෙන ලෝකෙයේ දැනට ඇති බයනකම රටයි. මිනිස්සු airport වහන්න කියා මැරෙන්න හදන්නේ නැත.
5) මිනිස්සු විශාල සහයෝගයක් ආණ්ඩුවට ලබා දෙයි. සියලු උපදෙස් පිළිපදි. පුළුවන් හැමෝම ගෙදරට වී සිටියි. අල්ලපු ගෙදරට වත් යන්න නොසිතයි
ලංකාවේ මෙන් පිස්සු කෙලින්නේ නැත. දහස් ගානක් අත්අඩංගුවට පත්වෙන්නේ නැත. හමුදා පොලිස් මැදිහත්වීම් අවශය නොවේ. හමුදා පොලිස් විශේෂයෙන් කැදවා නැත.