රජයේ වැඩපිළිවෙලට සමඟි ජන බලවේගයේ ප්‍රසාදය
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියත් සමඟ රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ සමඟි ජන බලවේගයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විසිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
මෙහිදී වෛරය රටතුළ ව්‍යාප්තිය වැලැක්විමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරි වැඩපිළීවෙල පිළිබඳව ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර තිබේ.
රජය ගෙන යන ක්‍රියාමාර්ගයන්ට එහිදී සමඟි ජල බලවේගයේ නියෝජිතයින් ප්‍රසාදය පල කර ඇති අතර දේශපාලන හා වෙනත් භේදයකින් තොරව වැඩපිළීවෙල ඉදිරියටත් ගෙන යා යුතු බවයි දෙපාර්ශවයේම මතය වී ඇත්තේ.
රජය ගෙන යන වැඩපිළිවෙලේදී යම් අයෙකුට අසාධාරණයක් හෝ අඩුවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දී තිබේ.
බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් රජයේ ඉල්ලීම මත ඉන්දියාවෙන් හෙට රැගෙන ඒමට නියමිත බව ද එම සාකච්ඡාවේදී ප්‍රකාශ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
derana