Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    April 08
    7.30pm
    කොරෝනා ආසාධිතයින් තවත් අයෙකු හඳුනාගෙන ඇත. මුළු එකතුව 189ක් දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර සිටියි.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මේ අද මැරිලා තියෙන්නේ හතර වටේට බෙදප ගල්කිස්සේ ජෙමාද
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,399
    13,990
    113
    හවස ඩොක්ටර් එරෝසන් ගොන් පොස්ට් එකක් දාල තියනවා දැකල පස්සේ ඇවිත් ඌට බැනල යනවා කියල හිතාගෙන ගියා

    දැන් ඇවිත් බලද්දී ඌට මේකේ උන් තේ කොළ දාල පුකේ ඇරලා :baffled:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හවස ඩොක්ටර් එරෝසන් ගොන් පොස්ට් එකක් දාල තියනවා දැකල පස්සේ ඇවිත් ඌට බැනල යනවා කියල හිතාගෙන ගියා

    දැන් ඇවිත් බලද්දී ඌට මේකේ උන් තේ කොළ දාල පුකේ ඇරලා :baffled:

    :lol::lol::rofl::rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    කොරෝනා ප්‍රතිකාරයක් යැයි සිතා ඇල්කොහොල් පානය කළ ඉරානයේ 600 ක් මරුට.

    කොරෝනා වයිරසය ආසාදනයට ප්‍රතිකාරයක් ලෙස වැරදි වැටහීමකින් අධිසාන්ද්‍ර ඇල්කොහොල් පානය කළ ඉරානයේ පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වී තිබේ.

    එලෙස ඇල්කොහොල් පානය කළ තවත් පුද්ගලයින් 3000 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇත.

    සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරානයේ අධිකරණ මාධ්‍ය ප්‍රකාශක ඝෝලාම් හොසේන් මහතා පැවසීය.

    මෙම සාපරාධී ක්‍රියාවේ වගකීම සහ මරණ හා පුද්ගල ජීවිතවලට හානි කිරීමේ වගකීම ඔවුන් භාරගත යුතු බව හෙතෙම සඳහන් කළේය.

    මැද පෙරදිග කලාපයේ කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට පත්වූ රට බවට ඉරානය පත්ව ඇති අතර මේ වන විට එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 62,589 ක් වේ.

    වයිරසය හේතුවෙන් මේ වන විට මරණ 3,872 ක් ඉරානයෙන් වාර්තා වී තිබේ.

    වයිරසයට නියමිත ඖධයක් මේ වන විට සොයගෙන නොමැති අතර රෝග ලක්ෂණ සමනය කිරීමට හේතුවන ඖෂධ සීමිත සංඛ්‍යාවක් පමණක් හඳුනාගෙන ඇත.

    කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් එරට පාර්ලිමේන්තුව වසා දැමීමට පියවර ගැනීමෙන් පසු ප්‍රථම වරට ඊයේ පාර්ලිමේන්තුව රැස්වුණි.

    අඛණ්ඩව 7 වැනි දිනටත් නව ආසාදිතයින් වාර්තා වීම අඩු වීම තුළ මෙම පියවර ගෙන තිබුණි

    -226-

    (ඩේලිමේල් ඇසුරෙනි)
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    අද පස්වරුවේ ශ්‍රී ලංකාවේ වාර්තාවූ කොරෝනා වෛරස ආසාදිත 7 වන මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එහි සඳහන් වන්නේ මරණයට පත්වූ පුද්ගලයා 44 හැවිරිදි පිරිමි අයෙක් බවත් කොළඹ I.D.H රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත්ය



    ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි මැණික් ව්‍යාපාරිකයෙක් බවත් මෙම පුද්ගලයා ජර්මනියේ සංචාරයක යෙදී සිට ලංකාවට පැමිණ ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



    සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් වලට අවනත නොවී කටයුතු කළ මෙම පුද්ගලයාට එරෙහිව නඩුවක්ද පවරනු ලැබු බව citizen මීට පෙර වාර්තා කලා .



    ඒ , එම පුද්ගලයාට ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කලත් එම උපදෙස් වලට අවනත නොවී විවිධ ස්ථානවල කොරෝනා වෛරසය පැතිරෙන ලෙස මෙම ව්‍යාපාරිකයා සංචාරය කිරීම හේතුවෙන් .



    මේ සම්බන්ධයෙන් අප පෙර පළ කළ පුවත පහතින්

    ජර්මනියේ සංචාරයක නිරත වීමේදී කොරෝනා වෛරසය වැලඳුණ බව දැන දැන මෙරටට පැමිණ එය වසන් කළ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුට සහ ඊට ආධාර අනුබල දුන් ඔහුගේ බිරියට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (16 වැනිදා) නඩුවක් පවරා තිබේ.



    ගල්කිස්ස පොලිසිය විසින් අංක බී 950/2020 යටතේ පවරා තිබෙන මෙම නඩුවට අදාළ කරුණු පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර විසින් ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත් සී.ආර්. ධර්මතිලක වෙත ඉදිරිපත් කළේය.



    මෙම නඩුව කොරෝනා වෛරස් රෝගය සම්බන්ධයෙන් මෙරට අධිකරණයක පැවැරූ පළමු නඩුවද වෙයි.



    මේ වන විට නඩුවේ පළමු සැකකරු අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර අධිකරණයට දන්වා සිටියේය.



    තමාට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති වී තිබෙන බව දැනගෙන එම තොරතුරු වසන් කිරීම, සෞඛ්‍ය නිලධාරීන් ලබාදුන් උපදෙස්වලට අවනත නොවීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබේ.



    ඊට ආධාර අනුබල දීමෙ චෝදනාව යටතේ සැකකරුගේ බිරිඳට එරෙහිව නඩු පවරා තිබිණි.



    ​රෝග නිරෝධායනය හා වැළැක්වීමේ ආඥා පනතේ 4 වැනි සහ 6 වැනි වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් කර ඇතැයිද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 262,263 සහ 264 යන වගන්ති යටතට ගැනෙන වරදවල් කර ඇතැයිද චෝදනා නගමින් අදාළ සැකකරුට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙම නඩුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.



    මෙම නඩුවේ දෙවැනි සැකකාරිය සහ ඇයගේ දරුවන් තිදෙනා ඔවුන් පදිංචි නිවසේ තබාගෙන ස්වයං නිරෝධායනයට ලක්කරමින් සිටින බව දන්වා සිටි පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ රුවන් ගුණසේකර ඔවුන්ට මෙතෙක් කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති වී නොමැති බව අධිකරණයට දන්වා සිටියේය.



    මෙම සිද්ධියට අදාළව පවත්වනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය එළැඹෙන අප්‍රේල් මස 2 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.[/SIZE]
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මෙරටින් වාර්තා වු 7 වන මරණය බොහො දෙනාගේ කතාබහට ලක්වු මැණික් ව්‍යාපාරිකයායි.
     
    Status
    Not open for further replies.