මව් සෙනෙහස
කාලයක් තිස්සේ හිතේ තියාගන හිටපු දෙයක් ලියන්න හිතුනා...
මේක මම ඵලකිරියට මේ විදියට ලියන පලවෙනි ලියවිල්ල
1989 අවුරුද්දේ මම ඵතකොට 6 වසරෙ ඉන්න කොට මට අහම්බෙන් වගේ සින්දුවක් අහන්න ලැබෙනවා
අහපු මුල් සැරයෙම ඵ්ක හිතට වදිනව ඊට පස්සේ මම ඕක හොයාගෙන යනවා. හැබැයි ඵ්කාලෙ අදවගේ අන්තර්ජාලයවත් යූටියුබ් වත් නෑ නෙ සින්දු හොයන්න mp3 ආවෙත් ඊට ගොඩක් පස්සේ. ඉතින් සිංදුව Radio ඵකේ යනකන්ම ඉන්න ඕනි අහන්න. ඉතින අහම්බෙන් හරි ඕක TV/RADIO ඵකේ ගියත් වැඩ ඔක්කොම නවත්තලා අහගන ඉන්න තරම් මම මේකට කැමති උනා.
මේක සිංහල ගීත ඉතිහාසයේ අපේ රණවිරුවන් වෙනුවෙන ලියවෙලා තියන අතිශය සංවෙිදනීය ගීතය කියලය මම හිතන්නනෙ. මොකද මේ tone ඵකෙන් මේ වගේ අදහසක් කැටිවුන ඉතා ප්රසස්ත මට්ටමේ සංගීතය හා පදමාලවකින ගැයුන කිසිම ගීතයක් මම අහල නෑ.
ගීතයෙන් කියවෙන්නේ යුධ හමුදා සොල්දාදුවෙක් සිය ආදරණීය මෑණියන්ට ලියන ලිපියක්/පණිවිඩයක් විදිහට.
යුධපෙරමුනේ බංකරයක මුරකාවලේ යෙදෙන මේ සෙබල සොයුරාටත් සිය මෑනියන් මතක්වෙනවා. ඇය සියදහස් වාරයක් සුසුම්ලමින් දෙවියන් යදිමින් කරන කන්නලව්ව “අනේ මගේ කොල්ලාට අතුරු අන්ත්රාවක් නොවි ආරක්ශාකර දෙන්න” මේ පුතාටත් හොඳට දැනෙනවා. ඵදා යුධ පෙරමුනේ හිටපු හැම සෙබල සොයුරෙකුගෙම පවුල් වල අයගේ පොදු ප්රාර්ථනාව මේක කියලා මම අත්දැකීමෙන් දන්නවා.
මහ හඬින් පුපුරා යන වෙඩි හඬට වඩා සැරට සිය මෑනියන් තමන්ගැන සිතමින් නගන ඉකිබිඳුම්හඬ දැනෙනවා.
මේ ගීතයේ යටිපෙල අරුතේ තවත් ඵක් සංවේදන්ත්මක කරුණක් ගැන සටහන් වෙනවා. ඵඩිතරව යුද වදින මේ සෙබල පුතාට මේ රට වෙනුවෙන් කරන යුදධයෙදි මරණය ඉතා සරල දෙයක් ලෙස සිතුවත් ඔහුට ඇති පසුතැවීම “මට දුක මං මැරුනුදාට මව්පියො කව්රුද රකින්නේ” ලෙස ඉදිිරිපත් වෙනවා.
මේ ගීතයේ තිබෙන ඉතාමත් හැඟම් බර සහ මා සසල කල අවදානයෙන් අහන හැම වෙලාවකදීම නෙතඟට කඳුලක් ඵක්කරන කොටස තමයි මේ ගීතය අගභාගයේ කියවෙන
“සෙනෙහෙ ගඟක් කඳුලුවෙලා ගලායන්න දෙන්න ඵපා
අනේ අම්මෙ නුඹ මංගැන තව තැවි තැවි ඉන්න ඵපා
නිවාඩුවට ආපු දාට කඳුලින් සිපගන්න ඵපා සටන්
සටන් බිමේ මියැදුනාට මගෙ අඩුවක් දැනෙන්නෙපා ”
මට හිතෙන්නෙ මේ ඉල්ලීම ලේසියෙන් පුතෙක් තමන්ගේ අම්මගෙන් ඉල්ලන්න පුලුවන් දෙයක් නෙවෙයි. හැබැයි තමන්ගේ පුතා නිවාඩුවකට ගෙදර අවම ගොඩක් අම්මලා කරන්නෙ අඬ අඬ තමන්ගෙ පුතා පිලිගන්න ඵකයි ඵයාට පුලුවන් උපරිම විදියට සලකන ඵකයි තමයි . අම්මලා කොහාම කිවිවත් ඔක නවත්තන්නෙ නෑ සහ අන්තිමට කරල තියන ඉල්ලීම ඉෂ්ඨ කරන්නත් බෑ මම අත්දැකලා තියන විදියට. අදටත් යුද්දයේදි මියගිය සිදරුවා සිහිකර නිතිපතා කඳුලු වගුරවන අම්මලා මෙි රටේ/ලෝකේ ලක්ෂ ගනන් ඉන්නවා.
මේ කුරිරු යුද්ධයෙන් මියගිය සෙබල සොයුරන්ට මෙය උපහාරයක්ම වේවා. ඵවන් රණවිරුවන් දැයට දායද කල මව්පියනුත් සදා අනුස්මරණීයයි.
ඇත්තටම මේ සින්දුව මම පොඩිකාලේ අහන හැම වෙලාවකම මටත් හිතුන මේ කියන සොල්දාදුවා වෙන්න හැබැයි ආයෙත් මට අර සින්දුවෙ අන්තිම කෑල්ල අහපුවාම ආයෙත් මාර දුකක් හිතේන්නෙ අපෙ අම්ම ගැන. මොකද අපෙ තාත්තා නැතිඋනේ මම හම්බවෙන්න මාස 2 තියෙද්දි. ඉතින් අම්මා කොයිතරම් කැපකිරීමක් කරන්න ඇතිද මාව හදාගන්න ( අම්ම ගැන කතාව වෙනමම ලියන්නම්). කොහොම හරි මට රණවිරුවෙක් වෙන්න බැරිඋනා හැබයි හමුදාවට සම්බන්ධවෙලා පොඩිකාලයක් වැඩනම් කලා.
කොහොම හරි මම කාලයක් හිතා ගෙන හිටපු වැඩක් ඉවර කලාවගේ සතුටක් දැනෙනවා.
මේ ගීතය ලියපු ලලිත් මිත්රබන්ධු මහත්මයටත් සංගිතවත්කරමින් ගායන කරන වීරසිරි මල්වත්ත රණවිරුවාටත් මාගේ උපහාරය.
http://www.youtube.com/watch?v=XKxBsnKrLAg

Last edited:
. 