විචාරය : අන්සතු ඔබ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    Link


    මේ ගීතය පුදුම හිතෙන නිර්මාණයක්. මේකේ වඩාත්ම විශිෂ්ඨ පද රචනයද, ගායනයද, සංගීතයද, රූප රචනාවද, රංගනයද කියලා හිතාගන්න බැහැ. හැමදේම අති විශිෂ්ඨයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් මේ ගැන මට හිතෙන දේ කියන්න හිතුණා..

    අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
    ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
    සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
    මග හැර යන්නට බැරිලෙස බැඳිලා

    ඇය යන්නේ ත්‍රී වීලර් එකක. ඒකත් ඩීසල් ත්‍රී වීලර් එකක්. මට හිතෙනවා ඒ ඇයගේ ජීවිත ගමන. ඒ රථය පදවන්නේ ඇයගේ ස්වාමි පුරුෂයා. සැප පහසු විල්ලුද මාවතක කාර් එකකින් යන ගමනක් නෙවෙයි මේක. ගැස්සෙන පැද්දෙන ඩීසල් ත්‍රී වීලර් එකක යන ගමනක්. ඒ කියන්නේ ඇය යන්නේ දුෂ්කර ගමනක්. ඇය සහ ස්වාමි පුරුෂයා දුෂ්කර ජීවන අරගලයක ඉන්නේ. ඒත් ඇය ඒ විවාහ ජීවිතය තුළ තෘප්තිමත් නැහැ. ඇය මගුල් මුද්ද පිරිමදිමින් ඉන්නේ සතුටින් නෙවෙයි.

    (ත්‍රී වීලර් එක කියලා අදහස් කරේ ජීවන ගමන ගැන. ඇය ඉන්නේ ඔහුත් එක්ක ජීවන ගමනක. ඒ ගමනේ බර අදින්නේ ඔහු.)

    ඒ අතෘප්තිකර ඇයගේ ජීවිතයට එනවා අපිළිවෙල ජීවිතයක් තියෙන තරුණයෙක්. මේ තරුණයා ඇයගේ සැමියාගේ මිතුරෙක් විය යුතුයි. ඔහු අපිළිවෙල ජීවිතයක් තියෙන තරුණයෙක් කියලා අඟවන්නේ, ඔහු මේ රථයට ගොඩවෙන්නේ අපිළිවෙලට නවපු කමිස අත් දෙක එක්ක. හැබැයි ඇය ඔහුගේ ජීවිතේට ආවට පස්සේ ඔහු උත්සාහ කරනවා පිළිවෙල මනුස්සයෙක් වෙන්න. ඒ අත් දෙක පිළිවෙලට නවාගන්න ඔහු 'උත්සාහ' කරනවා. ඊට පස්සේ ඇය ඔහුගේ කොලර් එකත් හදනවා. ඒ කියන්නේ තවත් ඔහුගේ ජීවිතය පිළිවෙලක් කරන්න උත්සාහ කරනවා.

    සෙනෙහස උතුරන වදනට සිත් වී
    ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
    දැන දැන හිමි නොවනා බව නොදැනී
    මම තව තව ඔබ වෙත පෙම් කරමී

    ඒ සෙනෙහස ඔහුට දැනෙනවා. ඉතින් ඔහුට ඇය ළඟ නවතින්න හිතෙනවා. ඇය සමඟ රාගයෙන් බැඳෙන්න හිතෙනවා. ඒත් ඇය ඒ පිළිබඳව දෙගිඩියාවක් නිරන්තරයෙන් හිතේ රඳවගන්නවා. ඔවුන් දෙදෙනා මේ අසම්මත ප්‍රේමයේ තව තව ඈතට යනවා... හිමි නොවනා බව දැන දැනත් ඔවුන් ආදරෙන් බැඳෙනවා. මේ තනි රූප රාමුව ඇතුලේ 'අසභ්‍යයි' කියලා සමාජ සම්මතයේ හදාගත්ත කිසිම දෙයක් නැතුව ඔවුන්ගේ ප්‍රේමාලිංගනය හරිම අපූරුවට මෙතන ඉදිරිපත් කරලා තියෙනවා.

    ලොවටම රහසේ සිහිනෙක දැවටී
    ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
    වරදක් නොකරම වරදෙහි බැඳුනී
    සිත සනසාගෙන දුර හිද විඳිමී

    ඔහු ඇයට දෙනවා හිස් කෑම පෙට්ටියක්. ඇය ඔහුට දෙනවා කෑම වලින් පුරවපු කෑම පෙට්ටියක්. මට හිතෙන්නේ ඇය සිය සැමියා හම්බ කරලා දෙන මුදල් කිසිම ලෝබකමක් නැතුව තමන්ගේ අනියම් සැමියා වෙනුවෙන් වියදම් කරනවා. ඒක වෙන්න ඕනි මෙතන මේ සංකේතවත් කරලා තියෙන්නේ.

    (අපි හැමදේම කරන්නේ කුස පුරවගන්න. ඉතින් අනියම් පෙම්වතා වෙනුවෙන් දරන වියදම් කෑම වලින් අදහස් කරා කියලා ගත්තේ ඒකයි මම. ඔහුගේ කුස පුරවන්නෙත් ඇය.)

    ඒ වගේම මේ කෑම පෙට්ටිය ඔතලා තියෙන්නේ නැපි එකකින්. ඒකෙන් සංකේතවත් කරලා තියෙන්නේ ඇය දරුවෙක්ගේ අම්මා කෙනෙක් කියන එක. ඉතින් එහෙම වෙලත් ඇය වරදෙහි බැඳිලා. මේ සංස්කෘතික රාමුවේ දී වරදකට බැඳිලා.

    මේක ඇත්තටම වරදක්ද? වරදක් නොකරම වරදෙහි බැඳෙමී කියලා කියන්නේ ඔවුන් ඒ කරන දේ සාධාරණීකරනය කරගැනීමක් වෙන්න ඕනි. ඒත් එක්කම ඇයට ඒ කරන දේ ගැන පසුතැවීමක් ඇති වෙනවා. හර්දසාක්ෂිය එක්ක ඇයගේ ගැටුම මූණේ ඉරියව් වලින් හරිම ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. ඊට පස්සේ ඇය ඒ ආදරය, ඒ අසම්මත ආදරය ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. මේ අනියම් පෙම්වතා දෙන පාන් කෑල්ල එපා කියන්නේ ඒ ප්‍රතික්ෂේප කිරීමේ ආරම්භය වෙන්න ඕනි. ඒත් එක්කම ඇය සීට් එකේ පැත්ත මාරු කරනවා. ඒ කියන්නෙ මේ සම්බන්ධය නවත්තන පුළුවන් මට්ටමකට පත් කරගන්නවා.

    ඇය ඔහු දිහා හැරිලා වත් බලන්නේ නැතුව, ඔහු ඇයගේ අත ඇල්ලුවත් ගනං ගන්නෙම නැතුව බැහැලා යනවා. ඒ අසම්මත ආදරයෙන් ඉවත් වෙලා යනවා. මේ අනියම් පෙම්වතා ඒකෙන් විශාල වශයෙන් මානසිකව ඇද වැටෙනවා. ඒක ඔහුගේ මූණේ ඉරියව් වලින් හරිම ලස්සනට පෙන්නලා තියෙනවා. ඔහුත් ඒ ජීවන රථයෙන් බැහැලා යනවා..

    ඊට පස්සේ තුන්වෙනි පාර්ශවයක් මේ ත්‍රී වීලර් එකට ගොඩ වෙනවා. මේක ගැන මට හිතුනේ මෙහෙමයි. මේ අනියම් පෙම්වතා තමන්ගේ දුක කවියකට/ගීතයකට නඟනවා. ඉතින් ඒ ගීතය ගොඩක් ජනප්‍රිය වෙනවා. ඇයගේ සැමියගේ යාළුවෝ පවා මේ ගීතය රස විඳිනවා. මොකද මේ තුන්වෙනි පාර්ශවය මේ සින්දුව මුමුණනවා පෙන්නනවා අන්තිම රූප රාමුවෙන්. ඔවුන් ගොඩ වෙන්නෙත් මේ සැමියා පදවන ත්‍රී වීලර් එකටමයි.

    කවුරු කොහොම මොන දේ කිව්වත් මිනිස්සු නවතින්නේ ආදරේ දැනුණ තැන් වල. ඒත් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට ඇයගේ මේ අනියම් පෙම නිසා ජීවිත කිහිපයක විශාල අර්බුද කීපයක්ම ඇති වෙන්න පුළුවන්. අමාරුවෙන් මේ ජීවන අරගලය ගෙනියන ඇගේ සැමියගේ මුළු ජීවිතේම කඩාගෙන වැටෙයි. ඒ වගේම ඇගේ ළමයගේ අනාගතය අඳුරු වෙයි. මේ දේවල් ගැන ඇය තේරුම් ගන්න නිසා වෙන්න ඕනි ඇය මේ අනියම් සම්බන්ධයෙන් සමුගෙන යන්නේ.

    මං හිතන්නේ එකම රූප රාමුවක් විතරක් තියෙන ලංකාවේ පළමු සහ එකම රූප රචනාව මේක වෙන්න ඇති. ඒත් ඒක කිසිම එපා වීමකින් තොරව බලාගෙන ඉන්න පුළුවන් හරිම අපූරු නිර්මාණයක්. ඒ රඟපෑම්, හැඟීම් දැනවීම් අති විශිෂ්ඨයි. මේක හරිම ලස්සන, කියන්න බැරි තරම් වටින නිර්මාණයක්.




    ප.ලි:
    ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරනවා සැමියා ත්‍රී වීලර් එක එළවනවා නම් කොහොමද පිටිපස්සේ අර දෙන්නා ආදරේ කර කර යන්නේ කියලා.

    මේක සැමියාගේ ත්‍රී වීලර් එක කියලා කිව්වේ ඔහු ඉස්සරහ ඩ්‍රයිව් කරන ගමන් පිටිපස්සේ මේ දෙන්නා යනවා කියන එකම නෙවෙයි. බිරිඳ සහ සැමියා එක්ව යන ජීවන ගමන සැමියා මෙහෙයවීම සංකේතවත් කරලා තියෙන්නේ ඒ විදියට. සැමියා මේ අමාරු ජීවන ගමන යනකොට බිරිඳට දෙන අවධානය අඩු වෙනවා. ඒකයි පිටිපස්සේ සීට් එකට වෙන කෙනෙක් නගින්නේ. ගොඩක් අය ඒක හරියට තේරුම් අරගෙන නෑ. කෙලින්ම අහනවා සැමියගේ ඇස් පේන්නේ නැතිද කියලා පිටිපස්සේ ලව් කරද්දි පේන්නේ නැති වෙන්න. යටි අරුත තේරුම් ගන්නේ නැතුව කතා කරාමයි එහෙම වෙන්නේ. නිර්මාණයක් රස විඳිනවා කියන්නේ මතුපිට පමණක් දකින එක විතරක් නෙවෙයි කියලයි මගේ අදහස. යටි අරුතක් දැකලා ඒක රසවිඳීම තමයි මේ විචාරයෙන් කරලා තියෙන්නේ.

    FB_IMG_1635481901234.jpg


    ~ රන්දුනු යසරංග ~
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ඉස්කොලේ උබට විචාරයක් ලියන්න කිව්වම උඹ තනි වාක්‍යයෙන් ද ගොනෝ ලිව්වෙ?
    ඉස්කෝලෙ යන හැමෝම විචාර ලියන්නෙ නෑනෙ ගොනෝ. මම කොමර්ස්නේ කලේ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    Iraj gothayage jarawal walata wada me sinduwa godak nirmanashili
    Sinduwen kiyana de sadaranikaranaya karanna kamathi na habai
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    Iraj gothayage jarawal walata wada me sinduwa godak nirmanashili
    Sinduwen kiyana de sadaranikaranaya karanna kamathi na habai
    සාධාරණීකරණයක් බලාපොරොත්තුවෙන් සිංදු හැදෙනව ද? එහෙම උනොත් කොච්චර නම් සින්දු ඇතිද අසාධාරණ

    ඉස්කෝලෙ යන හැමෝම විචාර ලියන්නෙ නෑනෙ ගොනෝ. මම කොමර්ස්නේ කලේ.
    O/L වලට සිංහල නැතුව ද හරකො කොමස් කරේ?
    ------ Post added on Oct 29, 2021 at 12:31 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඕලෙවල් වලට විචාර ලිව්වෙ නම් නෑ සාරාංශ නම් ලිව්වා.
    ඕලෙවල් සිංහල සාහිත්‍ය???

    වෙන මිහිර විචාර, කෑරගල වෙහෙර වැනුම විචාර, අංගුලිමාල දමනය විචාර....

    මතක ඔච්චරයි... අපේ කාලෙ ඕවයින් එකක් දෙකක් අනිවා එනව.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ඕලෙවල් සිංහල සාහිත්‍ය???

    වෙන මිහිර විචාර, කෑරගල වෙහෙර වැනුම විචාර, අංගුලිමාල දමනය විචාර....

    මතක ඔච්චරයි... අපේ කාලෙ ඕවයින් එකක් දෙකක් අනිවා එනව.
    ඔව්ව අපේ සිලබස් එකේ නෙමෙයිනෙ. මම 2008 ඕලෙවල්. අපටත් දවසක ඉර පායාදෝ තිබ්බ සිලබස් එක.
     
    • Wow
    Reactions: PHBhagya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    ඔව්ව අපේ සිලබස් එකේ නෙමෙයිනෙ. මම 2008 ඕලෙවල්. අපටත් දවසක ඉර පායාදෝ තිබ්බ සිලබස් එක.
    ඉතින් ඕවට විචාර ලියන්න තිබ්බ සිංහල වලට.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    හපොයි... අපි 2006
    අපෙන් තමා අලුත් සිලබස් එක පටන් ගත්තෙ. උඹ කියන්නෙ අපේ අක්කලගෙ සිලබස් එක. ඒ කාලෙ සිංහල අච්චු පොත ආවෙ නවකතා පොතේ සයිස් එකකට නේද? අපේ පොත් සීආර් පොත් සයිස් එකට ආවෙ.

    ඉතින් ඕවට විචාර ලියන්න තිබ්බ සිංහල වලට.
    නෑ බන් ඔව්වට විචාර තිබ්බෙ නෑ 🤔 ලියලම නෑ විචාර.
    ------ Post added on Oct 29, 2021 at 12:49 PM
     
    • Like
    Reactions: PHBhagya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    ඕලෙවල් වලට විචාර ලිව්වෙ නම් නෑ සාරාංශ නම් ලිව්වා.
    සාරාංශ බලන්න ඕන නම් සාරාංශ Thread බලපං. මෙක විචාර thread එකක්‌.

    තෝ විචාර ලියන්න කියපුවා ම සාරාංශ ද ලිව්වේ? ලකුණු හම්බුනා ද? පුන්නක්කු packet එකක් දුන්නෙ නැද්ද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    අපෙන් තමා අලුත් සිලබස් එක පටන් ගත්තෙ. උඹ කියන්නෙ අපේ අක්කලගෙ සිලබස් එක. ඒ කාලෙ සිංහල අච්චු පොත ආවෙ නවකතා පොතේ සයිස් එකකට නේද? අපේ පොත් සීආර් පොත් සයිස් එකට ආවෙ.


    නෑ බන් ඔව්වට විචාර තිබ්බෙ නෑ 🤔 ලියලම නෑ විචාර.
    ------ Post added on Oct 29, 2021 at 12:49 PM
    මොකද බන් නැත්තෙ. උබ ඕවයෙ වාක්‍ය, කවි පාඩම් කරන් ඉදියෙ නැද්ද විචාර වලට දාන්න?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මොකද බන් නැත්තෙ. උබ ඕවයෙ වාක්‍ය, කවි පාඩම් කරන් ඉදියෙ නැද්ද විචාර වලට දාන්න?
    නෑනෙ බන්. කිසිම මතකයක් නෑ විචාර කියන වචනෙ ගැන නම්. 🤔
     
    • Haha
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    මොකද බන් නැත්තෙ. උබ ඕවයෙ වාක්‍ය, කවි පාඩම් කරන් ඉදියෙ නැද්ද විචාර වලට දාන්න?
    ඌ ගෙ බයිල බං.
    රචනාවක් වත් ලියන්න බැරි අනාථ හුත්තෙක් lorry talk issue කරනව :lol: අලි පොර කියල හිතන්
     
    • Dislike
    Reactions: Heshan Daminda

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මෙහෙම විචාර ලියන්න තරම් මේ සින්දුවෙ දෙයක් තියෙනවද බං?වචන උනත් බොහොම සාමාන්‍යයි සරල වචන.අසම්මත ප්‍රේමයක් ගැන තියෙන දම් පාටින් ලා සඳ බැස යනවා,නින්ද නැති රැයේ,ඔබ හීනයක් වගේ, වගේ සින්දු එක්ක බලද්දි මේ සින්දුව ගව් ගානක් පිටිපස්සෙන් තියෙන්නේ.මට නම් මේක highly overrated සින්දුවක්.