Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ප්‍රශ්නේ එක නෙවෙයිනේ මලයෝ. චීනේට 350ක් කේස් කිව්වම අවුල් ගිය උඹම ඇමෙරිකාව 4000+ කිව්වම පිලිගන්නේ ඇයි තෙරෙන්නේම නැති අවුලක් බන්

    අපි දාන්නෙ නිවුස් වල තියෙන දේනෙ, උබල දාන්නෙ ටොන් පචනෙ..නිවුස් එක බලල අර යාප100 පොන්නය කිවෙ මරල දාල කියල..උබ මොකක්ද කිවෙ , ඇයි උබල එහෙම බොරු දාන්නෙ???? මොකක්ද ලැබෙන්නෙ බොරු දැම්මම..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol: බයි ලොජික්

    ලොජිල් නෙමේ යතාර්තය..චීනත් අමාරු වෙද්දි ගෙන්නුව කියුබාවෙන්, ඉතාලියත් චීනෙන් ගෙන්න ගත්ත..ඇමරිකාව ෆේල් එකේ අනිව දැන් පිට රටක සහය අවශ්යයි අපිට ඉන්නව ඒකට සුදුසු වැඩ කරුවො..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    අපි දාන්නෙ නිවුස් වල තියෙන දේනෙ, උබල දාන්නෙ ටොන් පචනෙ..නිවුස් එක බලල අර යාප100 පොන්නය කිවෙ මරල දාල කියල..උබ මොකක්ද කිවෙ , ඇයි උබල එහෙම බොරු දාන්නෙ???? මොකක්ද ලැබෙන්නෙ බොරු දැම්මම..

    දැන් මම කිව්වද මැරුවා කියලා. එක අහපන් යාපාගේන්.
    WORLD මිටරේ තමයි හුත්ති තිබ්බේ 350ක් කියලා.
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    is this correct?

    :shocked::shocked::shocked::shocked::shocked: is this correct?


    tst.jpg
    tst.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් මම කිව්වද මැරුවා කියලා. එක අහපන් යාපාගේන්.
    WORLD මිටරේ තමයි හුත්ති තිබ්බේ 350ක් කියලා.

    ලොල් මීටරේ, පෙන්නපන්කො 350 තියෙන තැන ටොන් පච කියනවනෙ තවත්..කොහෙද 350ක් බෙන්නෙ උපරිම මතක ව්දිහට 20+ මරුන ගාන 0යි..පච හලන්ඩ එපා බන් තවත්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :shocked::shocked::shocked::shocked::shocked: is this correct?


    tst.jpg
    tst.jpg

    කොහොම හරි 33000+ මැරිල, ඇමරිකාව හද්ද ෆේල් , ..හදට රොකට් යැවුවට වැඩක් නැ තාමන්ගෙ රටේ උන්ව බේර ගන්ඩ බැරිනම්...අනේ මන්ද ඉතින් ඇමරිකාවෙ ධනවාදය රෙද්ද පල්ලෙ බේරෙනව..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,044
    72,177
    113
    මාලඹේ
    ලොජිල් නෙමේ යතාර්තය..චීනත් අමාරු වෙද්දි ගෙන්නුව කියුබාවෙන්, ඉතාලියත් චීනෙන් ගෙන්න ගත්ත..ඇමරිකාව ෆේල් එකේ අනිව දැන් පිට රටක සහය අවශ්යයි අපිට ඉන්නව ඒකට සුදුසු වැඩ කරුවො..

    Qualifed Medical Staff වලට ඇමරිකන් එම්බසි එකේ Register වෙන්න පුළුවන් . තෝරා ගන්න කට්ටිය ඇමරිකාවේ හොස්පිටල් වලට වැඩට ගන්නවා. එහේ Medical Staff මදි හින්දා. කට්ටිය දැන් USA යන්න කැමති නැති සීන් එකක් තියෙන්නේ.නැත්නම් medical staff වලට එහේ යන්න පුළුවන් දැන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Qualifed Medical Staff වලට ඇමරිකන් එම්බසි එකේ Register වෙන්න පුළුවන් . තෝරා ගන්න කට්ටිය ඇමරිකාවේ හොස්පිටල් වලට වැඩට ගන්නවා. එහේ Medical Staff මදි හින්දා. කට්ටිය දැන් USA යන්න කැමති නැති සීන් එකක් තියෙන්නේ.නැත්නම් medical staff වලට එහේ යන්න පුළුවන් දැන්

    :yes::yes::yes: යනවනම් ඉතින් මෙහෙන් PP අරන් යන්ඩ ඔනෙ..ඇමරිකාවෙ අඩුම ගානෙ PP වත් නැ, කයිය විතරයි ඇමරිකාවෙ..නියශ්ටික බෝම්බ තිබ්බට වැඩක් නැ මස්ක් එකක් නැත්තන්.. :dull:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,858
    1
    9,606
    113
    Gampaha
    මේකේ comment කියෙව්වම හිතෙන්නේ trum අසරණ වෙලා පිස්සු හැදිලා..ඇමරිකාව නැත්තටම නැති වෙලා දැන් හින්ගාකන්ව,හැම රටින් ම ණය ආධාර ඉල්ලනවා, චීනේ ලංකාවේ embassy ළඟ දිග පෝලිම් ලංකාවට චීනෙට visa ගන්න...චීනේ ලෝක බලවතා අපි ඊට පහලින් ඉන්නවා (පහලින් කිව්වට 2 වෙනියා නෙවෙයි)..ලස්සන epic එකක් අයිත් අයිත් බලන්න හිතෙනවා...මරු අයියල...ලංකාවේ products n services export කරන්නේ මුන් මේ කඩා වැටෙනකම් බලන් ඉන්න රටවල් වලටනේ... ලස්සන epic එක චන්දේ ඉවර වෙනකම් බලන්න පුළුවන් ඊට පස්සේ අපිට තියනව වෙන epic එකක්...:dull::dull::dull:

    චීන පැටව ඉජු ඉජු :P:P:P
    true :yes:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    2020-April 20

    එළැඹෙන 20 සඳුදා සිට රටේ දැනට පවතින ඇඳිරි නීති තත්වය වෙනස් කර කාර්යාල කටයුතුද සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමේ සූදානමක් ගැන රජයේ පාර්ශ්වයෙන් ඉඟි පළවී තිබේ. කෙසේ නමුත් නිල වශයෙන් ඒ ගැන තවම දැනුම්දීමක් සිදු කර නැත. මීට ඉහත පසුගිය අප්‍රේල් 09 වනදා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී
    කියා තිබුනේ
    ' මාර්තු මස 19 දින සිට අප්‍රේල් මස 19 වෙනිදා දක්වාමේ රටේ සංචරණය සීමා වී තිබෙන නිසා කොවිඩ් රෝග ලක්‍ෂණ හඳුනාගැනීමට එම දින 30 ක කාලය ප්‍රමාණවත් - රෝග ලක්‍ෂණ තිබි එය පහව යාමට දින 30 ක කාලය ප්‍රමාණවත් බව වෛද්‍ය නිර්දේශයයි.
    ඒ නිසා, අප්‍රේල් මස 19 වෙනිදා දක්වා රජය විසින් පනවා ඇති නීතිරීති වලට අවනත වී සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිබඳව සැලකිලිමත් වෙන්නැයි ඉල්ලනවා.' යනුවෙනි.

    ඒ අනුව 20 වනදායින් පසු පවතින අවදානම ඉවත්වන ස්වරූපයක් ඇමතිනිය අදහස් පළ කළ අතර ඉන්පසු දිනවලදී යූජීසී ප්‍රධානියා විශ්ව විද්‍යාල නැවත ආරම්භ කරන දිනයත් ඇමති ඩලස් පාසල් ඇරඹෙන දිනයත් මැයි මාසයේ මුල් සති තුළ ප්‍රකාශයට පත්කරන්නට යෙදිණි. ඇමති විමල් වීරවංශ අප්‍රේල් 15 පැවැත්වූ වීඩියෝ කතාවකදී කියා තිබුනේ ජුනි 02 ට පෙර මහමැතිවරණය පැවැත්වීමේ සුබවාදී බලාපොරොත්තුවෙන් රජය කටයුතු කරන බවයි. යම් හෙයකින් මැයි මාසයේ හමුවන කොරෝනා ආසාදිතයින් ගණන ඉහළගොස් අන්තරාය තත්වයක් ඇතිවුවහොත් පමණක් තත්වය වෙනස් විය හැකි බවයි.



    එදිනම ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් කැඳවා නැවත වැඩ ඇරඹීට හැකි වාතාවරණයට ගැන ඒ ඒ අයගේ පළාත්වල වත්මන් තත්ත්වය ඇසුරෙන් සාකච්ඡාවක්ද පැවැත්වූ අතර ජනපති මාධ්‍ය අංශය ඒ සම්බන්ධයෙන් නිවේදන 2 ක් නිකුත් කර තිබුණි. දෙවන නිවේදනයෙන් කියා සිටියේ රටේ වැඩකටයුතු නැවත ඉක්මණින් අරඹන බවයි.

    මේ අතර ඊයේ කොවිඩ් -19 වැළැක්වීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ සාමාජිකයෙකු සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික‍්‍රම ලබන 20 සඳුදා සිට රජයේ වැඩ නැවත අරඹන බව දන්වා සිටියේය.
    රාජ්‍ය යාන්ත‍්‍රණය ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සියලූ අමාත්‍යංශවල සහ රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා වන මූලික කටයුතු අද (17) සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව දන්වා සිටියේය.
    කෙසේ නමුත් අද 17 සිකුරාදා සිදුවන්නේ කුමක්දැයි විස්තර කර තිබුනේ නැත.

    නැවත වැඩ ඇරඹීම ගැන අදහස් පළ කරමින් ඔහු පෙන්වාදී ඇත්තේ දිනකට කැඳවන සේවකයින් කවුරුන්දැයි තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට පවරා ඇති බවයි.
    රජයේ සේවකයන්ගෙන් 20% ක ප්‍රමාණයක් පමණක් සේවයට කැදවීමට යෝජනාවී ඇත.
    එලැඹෙන සඳුදා (20 වැනිදා) දිනයේ සිට අවදානම් කලාප හැර අනෙක් ප්‍රදේශවල දිවා කාලයේදී රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති අතර දිනපතා පෙ.ව. 6.00 ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය යළි රාත්‍රී 8.00 ට පැනවීමට අදහස් කර ඇත.

    පෞද්ගලික අංශයට රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නිර්දේශ වී ඇත්තේ පෙ.ව. 10.00 ටය.රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල කටයුතු ආරම්භ වුවත් සියලුම සේවකයන්ට රාත්‍රි 8.00 වන විට නිවෙස්වලට යෑමට හැකිවන පරිදි සේවා මුර සකස් කර ගත යුතුවනු ඇතැයිද අදහස් පළවී ඇත.


    අවදානම් කලාප ලෙස හඳුනාගෙන දැනට වසා දමා ඇති ප්‍රදේශ තවදුරටත් එලෙසින්ම පැවතීම තුළ රජයේ කාර්යාල වැඩිපුර ඇති කොළඹ බත්තරමුල්ල ප්‍රදේශවල කටයුතු ඇරඹීම කෙසේ සිදුවන්නේ දැයි තවම පැහැදිලි කර නැත. මහජනතාවට විවෘත වෙන සේවාවන් පෙර ආකාරයටම ක්‍රියාත්මක කළ හැකිද ඒවා පසුව ඇරඹෙන්නේද යන්නද පැහැදිලි කර නැත.
    කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ පනවා ඇති සීමා ලිහිල් කිරීමට සහ දෛනික කටයුතු යළි ආරම්භ කිරීමට නම් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ තවත් වේගවත් කළ යුතු බවයි.

    මේ අතර ඊයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බවට නිවේදනයක් නිකුත් විය. සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේද හා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම මඟපෙන්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් සිදුකෙරෙන බව එහි දක්වා තිබුණි.

    මාසයක කාලයක් මෙහෙයුම කටයුතු නවතා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද(17) දිනයේ සිට ආරම්භ කරන බවද තැපැල් දෙපාර්තමේන්තුව පවසා තිබුණි.
    නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් ශ්‍රී ලංකා රේගුව සමඟ එක්ව තැපැල් භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ කටයුතු සිදුකෙරෙන නමුත් අද දිනයේදී තැපැල් කාර්යාල විවෘත කිරීමක් සිදුනොවන බව ද දන්වා තිබුණි.
    රජයේ කාර්යාල නැවත ආරම්භ කරන ආකරය ගැන සාකච්ඡා තුළින් මතුවන අදහස් පමණක් තවම මාධ්‍ය ඔස්සේ එළිදක්වා ඇති අතර නිල වශයෙන් රජයේ නිවේදනයක් මේ දක්වා නිකුත්ව නැත.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රිදෙයි සෑහෙනට :lol: බිල්ලො මවන් පොන්නයන්ට පෙනියන් :lol:

     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Election

    කොරෝනා වසංගත තත්වය අනපේක්ෂිත ලෙස ශ්‍රී ලංකාවේ හිස එසවීමත් ඒ අනුව රටේ අගුලු දැමීමක් සිදුකරන්නට සිදුවීමත් නිසා ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට මැතිවරණය කලට වේලාවට පවත්වන්නට නොහැකි ගැටලු මතුවිය.
    රජය මුහුණ පෑ ප්‍රධාන ගැටලු දෙකින් එකක් වන්නේ මැතිවරණ කොමසාරිස්ට ඡන්දය පවත්වන දිනය නැවත නැවත කල්දැමීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් ලබා නොදීමය. එසේම දෙවැනි ගැටලුව වන්නේ
    පාර්ලිමේන්තුව විසුරවීමෙන් පසු රට කරගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අනුමත කරගන්නට නම් අප්‍රෙල් 30 න් පසු නැවත පැවති පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය වීමය.(අගොස්තු දක්වා එම පිරිස වලංගුය)

    මැතිවරණයට අදාළ අවසන් වරට නිකුත්ව තිබෙන ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ ජුනි 01 වැනිදාට


    ප්‍රථම මහ මැතිවරණය පවත්වා අවසන් කොට නව පාර්ලිමේන්තුව රැස්විය යුතු යැයි කියාය. ඒ අනුව අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්විය නොහැකි බවට සභාපතිවරයා දැනුම් දී තිබුණද මැයි 15ට ප්‍රථම නැවැත වතාවක් මැතිවරණ දිනය නම් කිරීමේ අවස්ථාව කොමිසමට හිමිවන අතර රටේ තත්වය අනුව රජයේ කාර්යාල වැඩ අරඹා මැතිවරණය කරගෙන යන්නට හැකි පහසුකම් හා මානව සම්පත තිබේ නම් කොමසාරිස්වරයාට තීරණයක් ගත හැකිය.

    රජය රටේ අනෙක් වැඩකටයුතු කෙසේ වෙතත් මැතිවරණ රාජකාරියට බලපාන තැපෑල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා රාජකාරීයේ නිරතවන ගුරුවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව නිලධාරීන්ගේ කටයුතු සාමාන්‍ය තත්වයට පත්කිරීමට උත්සුකවී ඇති අතර බොහෝ දුරට මැතිවරණය මැයි 23 මහ මැතිවරණය පැවැත්වීමට හැකි අයුරින් වටපිටාව සකස් කරමින් යන බව ආරංචි මාර්ග සදහන් කරයි.මැයි 23 මැතිවරණය පැවැත්වුවොත් ජුනි 01ට ප්‍රථම ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි නව පාර්ලිමේන්තුව කැඳවිය හැකි බැවින් නීතිය අනුව ගැටලුවක් නැති බව පෙන්වා දී ඇත.

    නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ යම් හෙයකින් කොරෝනා අර්බුදය සම්පූර්ණයෙන්ම සමතයකට පත්කර ගැනීමට නොහැකි වුවහොත් දකුණු කොරියාවේ මෙන් ප්‍රදේශ වෙන්කොට අවස්ථා දෙකකදී හෝ තුනකදී මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනා වී තිබෙන බවයි.
    ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳව මෙහිදී ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවද වාර්තාවේ. මහා පරිමාණයේ රැස්වීම් දැඩි ලෙස සීමා කිරීමටත්, නිවෙස්වලට නොගොස් ඩිජිටල් ක්‍රමයන්ට අනුව මැතිවරණ රැස්වීම් පැවැත්වීමටත්, සෑම පක්ෂයකටම සාධාරණ කාලයක් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ලබාදීමටත් මෙහිදී අවධානය යොමුව ඇත.

    කෙසේ වෙතත් ආණ්ඩුවේ මේ මැතිවරණ පැවැත්වීමේ සූදානම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තවම අදහසක් පළ කර නැත. සභාපතිවරයාගෙන් මේ ගැන කළ විමසීම් වලදී කියා තිබුණේ ගැසට් පත්‍රයට අනුව සියල්ල සිදුවිය යුතු බව තමන් පිළිගන්නා නමුත් රටේ පවතින වාතාවරණය සම්බන්ධයෙන්ද විමසීමකට ලක් කළ යුතු බවකි.
     
    • Like
    Reactions: gcj
    Status
    Not open for further replies.