තැපෑල_වැඩ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

    කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙතෙක් ක්‍රියාත්මක නොවු තැපැල් සේවා කටයුතු ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල හෙට(21) සිටි ආරම්භ කෙරෙන අතර තැපැල් බෙදීම් කටයුතු ලබන බදාදා(22) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා මේ බව සඳහන් කරයි.

    රටේ සාමාන්‍ය පරිදි ප්‍රවාහන කටයුතු යථාවත් වන තුරු තැපැල් භාණ්ඩ සංසරණය වීම ප්‍රමාදයට ලක් වන අතර ගුවන් ගමන් හා නැව් ගමනා ගමන කටයුතු ක්‍රියාත්මක නොවන බැවින් නැවත දැනුම් දෙනතුරු විදේශ තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල කවුලු මගින් භාර ගැනීම සිදු නොවන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    ලිපි හා පාර්සල් කවුලු වෙත භාර දීමේ දී හා මහජන සේවාවන් ඉටු කර ගැනීම සදහා තැපැල්/ උප තැපැල් කාර්යාල වෙත පැමිණීමේදී සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව තැපැල් කාර්යාලවල කාර්යාල වල කාර්ය මණ්ඩල වෙතින් කරනු ලබන ඉල්ලීම්වලට අවනතව කටයුතු කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Derana
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    ජන්දය කරන්න තැපෑල ඕනෙමයිනේ... :rolleyes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    අනේ මන්ද ඕයි වැඩට යන එක හෙන අවදානම් මේ වෙලාවේ අදත් 24 පොසිටිව්..

    NFjWKAU.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අනේ මන්ද ඕයි වැඩට යන එක හෙන අවදානම් මේ වෙලාවේ අදත් 24 පොසිටිව්..




    උඹට කන්න බොන්න වියදම් කරන්න සල්ලි තියෙනවනම් අවුලක් නෑ ඉතිං ගෙදරට වෙලා බුදියන් හිටපං..අපි නම් මාස්ක් දාගෙන වැඩ..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    උඹට කන්න බොන්න වියදම් කරන්න සල්ලි තියෙනවනම් අවුලක් නෑ ඉතිං ගෙදරට වෙලා බුදියන් හිටපං..අපි නම් මාස්ක් දාගෙන වැඩ..
    මෙහෙමනේ බන් තියෙන දෙයක් යන්තම් කාලා හරි ජීවත්වෙන එකද හොදට කන්න කියලා ගිහින් අනිත් මිනිස්සුත් මාරාගෙන අපිත් මැරෙනවද කියලා අපිමයි තීරණය කරන්න ඕන.. දන්නව බන් මේ තත්වය එක එක්කෙනාට වෙනස් කියලා ඒත් මොනව කරන්නද කොරොනා අපි හැමෝටම එකසේ සැලකුවද අනිත් ඒවා එහෙම නෑනේ...
     

    Similar threads