තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙතෙක් ක්‍රියාත්මක නොවු තැපැල් සේවා කටයුතු ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල හෙට(21) සිටි ආරම්භ කෙරෙන අතර තැපැල් බෙදීම් කටයුතු ලබන බදාදා(22) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා මේ බව සඳහන් කරයි.
රටේ සාමාන්‍ය පරිදි ප්‍රවාහන කටයුතු යථාවත් වන තුරු තැපැල් භාණ්ඩ සංසරණය වීම ප්‍රමාදයට ලක් වන අතර ගුවන් ගමන් හා නැව් ගමනා ගමන කටයුතු ක්‍රියාත්මක නොවන බැවින් නැවත දැනුම් දෙනතුරු විදේශ තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල කවුලු මගින් භාර ගැනීම සිදු නොවන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ලිපි හා පාර්සල් කවුලු වෙත භාර දීමේ දී හා මහජන සේවාවන් ඉටු කර ගැනීම සදහා තැපැල්/ උප තැපැල් කාර්යාල වෙත පැමිණීමේදී සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව තැපැල් කාර්යාලවල කාර්යාල වල කාර්ය මණ්ඩල වෙතින් කරනු ලබන ඉල්ලීම්වලට අවනතව කටයුතු කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Derana


