අද දිනයේ 33 වැනි කොරෝනා ආසාදිතයා ලෙස හදුනාගත් පුද්ගලයා පිළියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ පදිංචිව සිටි මාළු ව්‍යාපාරික මහතෙකි. ඔහුට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිට පසුගිය මාර්තු 14 වනදා ලංකාවට පැමිණි
ඔහුගේ සහෝදරයාගෙන් බවට සැක කෙරේ.
මේ කියන සහෝදරයාට තවමත් කොරෝනා ලක්ෂණ පෙන්වා නැති අතර ඕස්ට්‍රේලියාවේ සිට ආ අවස්ථාවේ ලංකාවේ නිරෝදායන වැඩසටහනට දායක වී දින 14 ක් නිවසේ ගත කළ බවද වාර්තා විය.
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා සඳහන් කළේ මෙම විදේශයේ සිට පැමිණි පුද්ගලයා නිරෝධායන කාලයේ ආශ්‍රිතයින් 5 ක් සිටින බවත් ඔවුන්වද ඔහු සමග පරීක්ෂණ සදහා යොමු කළ බවත්ය.
නිරෝධායනය අවසන් කළ පසු ඔහුට රෝග ලක්ෂණ නොපෙන්වූ නිසා ඔහු රෝගයක් නැතැයි සිතා අවට නිවාසයකට ගොස් තිබූ බවත් එම නිවසේ අයද දැන් නිරෝදායනයට යොමු කර ඇති බවත් වෛද්‍ය එල්ලාවල පැවසීය. මේ අතර අද හදුනාගත් ආසාදිත සහෝදරයා මාළු ව්‍යාපාරිකයෙකු වන අතර ඔහුට අයත් පොල්ගස්ඕවිට මාළු වෙළෙදසලක් මගින් පසුගිය කාලයේ නිවාස වලට මාළු ලබාදීමේ ජංගම ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවත් පැවසිනි. ඒ ස්ථාන හදුනාගෙන නිරෝධායනය කිරීමේ වැඩසටහනක්ද හෙට සිට අරඹනු ඇත.
එම පුද්ගලයා මාළු මිලට ගන්නට පෑලියගොඩ මාළු වෙළෙද පොලට දින 2ක් ගොස් තිබී ඇති බවද ඒ ගැන පරීක්ෂාකාරී වන බවද වෛද්‍ය එල්ලාවල පැවසීය.