Shotokan Karate 🥋

rama_d

Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    ජුඩෝ පන්තිය සහ වලිගය නැති ගොනා ගේ භූමිකාව - It was just a matter of sixty five Rupees!

    අප කුඩා කල, එනම් හැත්තෑව දශකයේ දී, ශී‍්‍ර ලංකාවේ කොල්ලන් අතර ඉතා ජනප‍්‍රිය වූ විනෝදාංශයක් වූයේ කරාටේ කී‍්‍රඩාවයි.

    සමහර විට බෲස් ලී, ජිම් කෙලී වැනි දක්‍ෂ කරාටේ සටන්කරුවන් නළුවන් ලෙස රඟ පෑ ඉංගී‍්‍රසි චිත‍්‍රපට මේ ජනපි‍්‍රයත්වයේ රහස වන්නට ඇත. නැතිනම්, අන්තර්ජාලය, ජංගම දුරකතන, රූපවාහිනී වැනි අද පවතින විනෝදාංශ නොතිබුණු ඒ යුගයේ තරුණ පරපුර හමුවේ තිබූ එකම ප‍්‍රායෝගික විකල්පය කරාටේ ශිල්පය ප‍්‍රගුණ කිරීම පමණක් වන්නට ඇත.

    සමහර විට එය බටහිර විදේශ බලවේගවල කුමන්ත‍්‍රණයක් නිසා සිදුවූවක් වෙන්නට ද ඉඩ ඇත.

    කෙසේ නමුත්, කළු පටි, නන්චකු වැනි වදන් ව්‍යවහාරික සිංහල බසට එකතු වූයේ මේ කාලයේදීය. එසේම, එතෙක් කුඩා ළමුන් සහ සංගීතඥයින් හැඳින්වීමට පමණක් යොදා ගත් මාස්ටර් යන ආමන්ත‍්‍රණය ලැබීමට තවත් පිරිසක් සුදුසුකම් ලැබූහ. ඒ, ලංකාවේ බොහෝ ප‍්‍රධාන නගරවල තමන් දන්නා ශිල්ප බෙදා දීම සඳහා අභ්‍යාස පන්ති ඇරඹූ කරාටේ ගුරුවරුන් ය. ලිවේරා, වෙල්ගම, සමරසේකර ආදී මාස්ටර් ලා මෙහිදී මගේ මතකයට එයි.

    පසු කලෙක, අසූවේ දශකයේ උදාවත් සමගම මේ කරාටේ මාස්ටර් ලා සමාජ දර්ශනපථයෙන් බොඳ වී ගොස් ඒ වෙනුවට ”ස්පෝකන් ඉංග්ලිෂ්” ටියුෂන් මාස්ටර් ලා ආදේශ වූහ. ඒත්, ලාල් සර්, නිහාල් සර්, සුනිල් සර් යනාදී වශයෙන් මිස ඔවුන් හැඳින්වුනේ මාස්ටර් කියා නම් නොවේ.

    උසස් පෙල විභාගය ලියා කල් මරන ගන්ධබ්බ සමයේ දී මා සහභාගී වූ ලාල් සර් ගේ "ස්පෝකන් ඉංග්ලිෂ්" පන්තියේ ආරම්භක දිනයේ දීම ඔහු කීවේ අද "ස්පෝකන් ඉංග්ලිෂ්" පන්තිද ඉස්සර තිබූ කරාටේ පන්ති හා සමාන බවයි. ඒ මක් නිසාද යත්, ආරම්භයේ සිය ගණනක් ශිෂ්‍යයින් සිටින මුත්, ටිකෙන් ටික පිරිස අඩුවී යන බැවිණි. පවත්වාගෙන යන පන්තියකට අළුතින් බැඳීමක් නැති නිසා, ඔහු ට සිදුවෙන්නේ මේ පන්තිය නවතා අළුතින් පන්තියක් ආරම්භ කිරීම බව ලාල් සර් පැහැදිලි කළේය.

    මේ කතාව අසා සිටිද්දී එක්වරම මගේ සිහියට ආවේ මා දහවෙනි ශ්‍රේණියේ දී ඇරඹූ ජුඩෝ ඉගෙනීමයි.

    කරාටේ ඉගෙනීමට බලවත් ආශාවක් තිබුනද, මා ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ සිටිය දී ඒ සඳහා නිසි අවස්ථාවක් නොලැබුණි. පන්ති පැවැත්වුණු ගම්පහ නගරයට සවස් කාලයේ මා වැනි දරුවෙකු යාම කිසිසේත්ම ප‍්‍රායෝගික නොවීය. මගේ කරාටේ ලෝකය, ඉඳහිට දුටු බෲස් ලී ගේ ඡායාරූපයකට පමණක් සීමාවිය.

    දහවන ශ්‍රේණියේ ඉගෙනීමට මා කොළඹ ආනන්දයට පැමිණි පසු අපේ පන්තියට මුලින් ම පැමිණි ජ්‍යෙෂ්ඨ සිසු කණ්ඩායම වූයේ රගර් පිලේ කී‍්‍රඩකයින් බව මගේ මතකයයි. ආරුඪ කරගත් එකක් දෝ යැයි මට අද සිතෙන, සැර, දරදඬු ගතියකින් යුතුව කතා කළ ඔව්හූ, අවශ්‍ය නම් අපට රගර් කී‍්‍රඩා කිරීම පුහුණු වීම සඳහා බැඳෙනු හැකි බව පැවසූහ. නමුත් ඒ සඳහා වූ එක් පෙර අවශ්‍යතාවයක් විය. එනම්, පුහුණු වීම් අතරතුරේ දී හෝ කී‍්‍රඩා කරද්දී හෝ අනතුරක් හෝ මරණය හෝ සිදුවුනොත්, ඒ සඳහා පාසල නිදොස් බවට ගිවිසුමක් අත්සන් කළ යුතු වීමයි.

    පහලොස් වැනි වියේ පසුවූ අප බහුතරයක් දෙනා විවර වුණු මුවින් යුතුව ඒ කතාව අසා සිටියා මිස, එවන් වාතාවරණයක් මැද රගර් කී‍්‍රඩාවට එකතුවන්නට සිහිනයෙන් හෝ නොපතන්නට ඇත.

    පලමුවැනි ශ්‍රේණියේ සිට නමවැන්න දක්වා ගමේ උගෙන අළුතින් නගරයේ පාසලට පැමිණි අප පසෙකට වී මුළුගැන්වී සිටීම ද, අධ්‍යාපන කටයුතුවලට විතරක් සිත යොමුකොට බාහිර ක‍්‍රියාකාරකම් අමතක කිරීම ද හොඳ නැහැ නොවැ? ටික දිනකට පසු අපේ පන්තියට පැමිණි ගලප්පත්ති ගුරුවරයා කළ නිවේදනය අසා ජුඩෝ ඉගෙනීම සඳහා බැඳෙන්නට මා තීරණය කලේ එබැවිණි.

    එකල මා ප‍්‍රාණපි‍්‍රය මිත‍්‍රයා වූ සමුද්‍ර වීරවසම් ද ඒ තීරණයම ගැණීම මා සතුටට හේතු විය.
    පන්ති පැවැත්වුනේ තරුණ බෞද්ධ සංගමයේ අනුග‍්‍රහයෙන් කොටුවේ වයි.එම්.බී.ඒ. ශාලාවේ දී ය. අපේ ගුරුවරයා වූයේ, තනාකා වැනි නමක් තිබූ, ජපන් ජාතිකයෙකි. සතියට දින දෙකක් හවස පහේ සිට හය දක්වා පැවැත්වුණු මේ ජූඩෝ පන්ති සඳහා මාසික ගාස්තුව වූයේ රුපියල් පහකි. පාන් ගෙඩියක් ශත හැටක් වූ මේ යුගයේ එය තරමක විශාල මුදලක් විය.

    සමහර දිනවල මම පාසල නිමවුනු විගසම පිටත් වී ගෙදර ගොස් කා බී, වෙනත් ඇඳුමකින් සැරසී යලි දුම්රියෙන් කල් වේලා ඇතිව කොටුවට පැමිණියෙමි. නමුත් අපේ වඩාත් සිත්ගත් කාර්්‍යය වූයේ, ගෙදරින් ගෙනෙන රොටියක් වැනි යමක් ගිල දමා, වතුර ටිකකින් පිපාසය සන්සිඳුවාගත් පසු දුම්රියෙන් කොටුවට ගොස් ජූඩෝ පන්තිය ඇරඹෙනා තෙක් රස්තියාදු ගැසීමයි.

    ආරක්‍ෂක සේවකයින්, ජාතික හැඳුණුම්පත්, බෝම්බ යනාදිය ආගන්තුක සංකල්ප පමණක් වූ ඒ හැත්තෑවේ දශකයේ අග කාර්තුවේ දී කොළඹ කොටුවේ සැරි සෑරීම පසුකලෙක උදා වූ තත්වය මෙන් කිසිසේත් ම කරදරකාරී කි‍්‍රයාවක් නොවුණි.

    අපේ ජුඩෝ මාස්ටර් ජපන් ජාතික තනාකා මිටි මහත පුද්ගලයෙක් විය. අළුතින් එකතු වූ අපේ තිදෙනා හැරෙන්නට තවත් දහ පාලොස් දෙනෙකුගේ කණ්ඩායමක් මේ පන්තියේ සිටියහ. මේ අතර සිටි සිහින් සිරුරැති නමුත් උසැති චීන ජාතික ගැටවරයා මට අද මෙන්ම මතකය. ඔහු ජුඩෝ පුහුණු වූයේ උපැස් යුවල නොගලවා වීම විශේෂයකි.

    ශාරීරික අභ්‍යාස, විවිධ ජූඩෝ ගැට, පෙරලීම්, බේරීම් සහ කකුල් මාට්ටු වලට අමතරව මෙහිදී අප ඉගෙන ගත් එක් වැදගත් කි‍්‍රයාවක් වූයේ ජපන් ක‍්‍රමයට එකිනෙකාට කඳ නමා ආචාර කිරීමයි.

    මාස තුනක් පමණ මෙලෙස අප සතුටින් ජූඩෝ ඉගෙන ගන්නට ඇත. ඒ කාලය ඇතුලත ජයගත යුතු වූ කඩඉම වූයේ රුපියක් පනහක් පමණ වැයවෙන ක‍්‍රීඩා ඇඳුම් කට්ටලයක් ගැනීමේ ඉසව්වයි. ඝණ රෙද්දෙන් මැසූ ඒ බාච්චු කලිසම, ලෝගුව සහ බඳ පටිය මිලට නොගෙන, ජුඩෝ ගැට පුහුණුවීම සඳහා අවම අවශ්‍යතාවය වූ උරිස් පටියක් ගෙදරදීම නිමවා ගෙන මම එය සමතික‍්‍රමණය කළෙමි.

    මේ අතරතුර කාලයේ එක් දිනක අප පුහුණු වීම් කරමින් සිටින අතරතුරදී, ප‍්‍රතිමල්ලවයා පෙර කතාකරගත් පරිදි මා ඔසවා බිම දමන විට නිසි පරිදි කැරකී එය වලකා ගැනීමට මට නොහැකිවිය. නමුත් ඒ අනතුරෙන් සැළුනේ මා නම් නොවේ. දිගින් දිගටම ජූඩෝ ක‍්‍රීඩාව කිරීම මගේ එකම අරමුණ විය.

    නමුදු ඉක්බිතිව එළැඹුනේ මහා අභාග්‍යයකි.

    අපේ ජුඩෝ පන්තිය තරුණ බෞද්ධ සමිති ශාලාවේ සිට තරුණ ක‍්‍රිස්තියානි සමිති ශාලාව දක්වා ගෙන යන ලද අතර මෙහි පන්ති සඳහා සහභාගී වන්නන් අනිවාර්යයෙන් ම රුපියක් හතලිහක් ගෙවා තරුණ ක‍්‍රිස්තියානි සමිතියේ ශිෂ්‍ය සාමාජිකත්වය ලබා ගත යුතු බව අපට දැනුම් දෙන ලදී. ඒ සමගම, මෙතෙක් කල් ජූඩෝ පුහුණුව ලබමින් සිටි ශිෂ්‍යයින්ව පරීක්‍ෂා කොට ශ්‍රේණිගත කළ යුතුව ඇති බවත්, ඒ පරීක්‍ෂණ සඳහා ගාස්තු ලෙස රුපියල් විසිපහක් අවශ්‍ය බවත් පැවසුණි.

    ඒ සමගම නිම වූයේ රුපියල් පහේ ජුඩෝ පාඩම් ලබා මතු දිනයක කරාටේ කී‍්‍රඩාවේ බෲස් ලී මෙන් ජූඩෝවල ජගතෙක් වෙන්නට මා සිත කොනක තිබූ සිහිනයයි.
    තාත්තා පැන්ෂන් ගෙන සිටි අපේ පවුලට රුපියල් හැට පහක් යනු මහා ධන නිධානයකි. එය දැන දැනම, එවන් මුදලක් දෙමව්පියන්ගෙන් ඉල්ලන්නට මා සිත් නොදුන්නේය.

    පෙර දිනයක පුහුණු වීමේ දී මුහුණ පාන්නට වූ භයානක අනතුරුදායක තත්වය මත වර පටවමින් මම ජූඩෝ පන්තියට ආයුබෝවන් කීවෙමි.

    එදා මා දිගටම ජූඩෝ ඉගෙන ගත්තේ නම් අද වලිගය නැති ගොනෙක් මැස්සන් ට බැට දෙන්නට විදින වදය හා සමාන වදයක් විඳිමින් විටින් විට ලිඛිත වචනයෙන් පමණක් සතුරන් පරදවන්නට තැත් කීරීමට මට සිදු නොවෙනු ඇත.

    -රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    karva marga karapu ekekda MMA fighter kenektada aththa fights wala wadima experince thiyenne ?

    Krav maga wala wadi hariyak thiyenne thappara ganak athulatha sathurawa marala danne kohomada kiyala
    ithin minihekwa tahappara ganakin maranna igena gatta ekekta mma wala experince adalama na
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Krav maga wala wadi hariyak thiyenne thappara ganak athulatha sathurawa marala danne kohomada kiyala
    ithin minihekwa tahappara ganakin maranna igena gatta ekekta mma wala experince adalama na

    ehema kiyanna ba. Krav maga wala rules na. MMA competition wala thiyanawa. ithin octagan ekak athule nam Krav maga practical na. ewagema Krav maga full contact practice karanna puluwan limit ekak thiyanawa. MMA karanne godak welawata experienced professional fighter kenek. normal civilian kenek uparima sathiyata dawas 3k practice karai
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    ehema kiyanna ba. Krav maga wala rules na. MMA competition wala thiyanawa. ithin octagan ekak athule nam Krav maga practical na. ewagema Krav maga full contact practice karanna puluwan limit ekak thiyanawa. MMA karanne godak welawata experienced professional fighter kenek. normal civilian kenek uparima sathiyata dawas 3k practice karai

    ithin ban mama methana professional fighters la gana neme katha karanne. umba mama wage edineda wada tika karagena jiwath wena ekekta paredi chandi part1 dammoth moakak hari gemak gahaganna widiyak gana. me thread1 damme gedara indan train wenna puluwan lesima style eka karate kiyanna. umbala hama tissema out of topic mai katha karanne. :angry:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ithin ban mama methana professional fighters la gana neme katha karanne. umba mama wage edineda wada tika karagena jiwath wena ekekta paredi chandi part1 dammoth moakak hari gemak gahaganna widiyak gana. me thread1 damme gedara indan train wenna puluwan lesima style eka karate kiyanna. umbala hama tissema out of topic mai katha karanne. :angry:

    mama thread eke waraddak kiwwe na. krav maga vs MMA compare karana eka waradi. echcharai. mona art eka karath professional fighter kenkek ekka normal civil ekekta chance ekak na. mamath martial art karanawa. mage master krav maga , BJJ ,shotokan 3ma karanawa. apitath gedetta wela onilne training thiyanawa. habai online training witharak nam sarthaka na. ape waradi hadanna ekek na
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    mama thread eke waraddak kiwwe na. krav maga vs MMA compare karana eka waradi. echcharai. mona art eka karath professional fighter kenkek ekka normal civil ekekta chance ekak na. mamath martial art karanawa. mage master krav maga , BJJ ,shotokan 3ma karanawa. apitath gedetta wela onilne training thiyanawa. habai online training witharak nam sarthaka na. ape waradi hadanna ekek na


    ara boole kiyana member tahama patan gatte MMA karate walata wada hondai kiya kiya. matath kisima uwamanawak na marshal arts compare karanna. gedara indan practice karanna kawuruth nathuwa thaniyama igena ganna puluwan loke thiyena hondama marshal art1 MMA kiyala umbala kiyanawanan mata prasnayak na ithin. habai methanata professional fighters lawa gawa ganna epa. man me thread1 damme koi marshal art1 da honda kiyala compare karanna neme.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    ara boole kiyana member tahama patan gatte MMA karate walata wada hondai kiya kiya. matath kisima uwamanawak na marshal arts compare karanna. gedara indan practice karanna kawuruth nathuwa thaniyama igena ganna puluwan loke thiyena hondama marshal art1 MMA kiyala umbala kiyanawanan mata prasnayak na ithin. habai methanata professional fighters lawa gawa ganna epa. man me thread1 damme koi marshal art1 da honda kiyala compare karanna neme.

    mage opinion eka koi martial ekath hodai. habai hama martial art ekama hama ekatama set wenne na. samahara ewunta eka martial ekak wath set wenne na. MMA nam godak ewunta hariyanne na. wena wadak nokara karanna puluwan ekekta nam MMA hodai. onilne seminar hodai thamange technique refine karaganna mula idan igena ganna nemei. ape sensei wunath kollo gewala nikan inna hinda online enna kiyala class/seminar thiyanwa. aluth deyak uganwanna nemei karapuwa practice karawanna
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    mage opinion eka koi martial ekath hodai. habai hama martial art ekama hama ekatama set wenne na. samahara ewunta eka martial ekak wath set wenne na. MMA nam godak ewunta hariyanne na. wena wadak nokara karanna puluwan ekekta nam MMA hodai. onilne seminar hodai thamange technique refine karaganna mula idan igena ganna nemei. ape sensei wunath kollo gewala nikan inna hinda online enna kiyala class/seminar thiyanwa. aluth deyak uganwanna nemei karapuwa practice karawanna

    ela
     
    • Like
    Reactions: ayanthamaxi

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    This is How Traditional Karate Kata & Kumite Techniques are used in MMA | Karate Culture

     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,802
    113
    යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.
    · September 24, 2013 ·

    ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා අවක්ඥාවෙන් බලන "ශෝටෝකාන් කරාතේ"

    ජපානයේ ඔකිනාවා දූපත්වලින් බිහි වූ මාරාන්තික සටන් ක්‍රමයක් වන කරාතේ හි අර්ථය "හිස් අත" යන්නයි. සටනකදී ආයුධවලින් සන්නද්ධ පුද්ගලයකුව පවා කිසිඳු ආයුධයක්‌ භාවිතා නොකර බිම හෙලීම එවක කරාතේ සටන්කරුවකුට එතරම් අපහසු කාර්යයක් නොවීය. ඊට හේතුව නිරායුධ කරාතේ සටන්කරුවකු සිය ශරීරයම ආයුධයක්‌ ලෙස සකසා ගෙන තිබීමයි.

    එවක ජපානයේ පැවති යුධකාමී වාතාවරණය තුරන් වීමත් සමඟම ඔකිනාවා දූපත් වැසියන් අතර පැවති මෙම සටන් ක්‍රමයේ භාවිතය අවම විය. මේ හේතුවෙන් කරාතේ සටන් ක්‍රමයේ අනාගතය රඳවා ගැනීම උදෙසා "ගීචින් ෆුනාකෝෂි" නම් ජේෂ්ට කරාතේ ගුරුතුමා කරාතේ ක්‍රීඩාවක් ලෙස ලොවට හඳුන්වා දෙන ලදී. එම කරාතේ ක්‍රමය හැඳින්වූයේ "ශෝටෝකාන් කරාතේ" ලෙසයි.

    ශෝටෝකාන් හි ඇරඹුමට පෙර ඔකිනාවා හි නවක සිසුවකු කරාතේ සටන් කලාවට ඇතුලත් කරගැනීම බොහෝ දුරට ශාඕලින් ආරාමයට නවකයෙක් භික්ෂුවක් ලෙස බඳවාගැනීම හා සමාන විය. කොටින්ම කිවහොත් එදා කරාතේ හැදෑරීමට පැමිණෙන නවකයාට සිය ගුරුතුමා අත සේදූ ඉඳුල් වතුර පාරවල් කෑමට පවා සිදු විය. එවන් ඉවසීමක් ඇති විනීත සිසුවකුට පමණක් කරාතේ ඉගැන්වීම සිදු කරන ලද්දේ වැරදි පුද්ගලයකු මෙම මාරාන්තික සටන් ක්‍රමය උගත හොත් එයින් වන හානිය ගැන එවක කරාතේ ගුරුවරු හොඳින් දැනසිටි නිසාය.

    ෆුනාකෝෂිතුමාද මෙය හොඳින් වටහා ගෙන සිටි අයෙකි. එහෙත් වැළලෙමින් පැවති කරාතේ සුරැකීමටද අවැසි වූ නිසා මෙතුමා සාම්ප්‍රදායික කරාතේ හි පැවති දරුණු සටන් ශිල්පීය ක්‍රම, මරුනිල හා වෙද නිල ඉවත්කර ආත්මාරක්ෂාවට හා ක්‍රීඩාවට පමණක් සුදුසු වන අන්දමින් ශෝටෝකාන් සටන් ක්‍රමය සකසනු ලබයි.

    එය එසේවුවත් ලෝකයේ පවතින ඕනෑම සටන් ක්‍රමයකට නොදෙවැනි සටන් ක්‍රමයක් ලෙස ශෝටෝකාන් කරාතේ ක්‍රමය හැඳින්විය හැකිය. එනමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා ශෝටෝකාන් කරාතේ දෙස අවක්ඥාවෙන් බලන්නේ එය ඉතා දුර්වල සටන් ක්‍රමයක් යැයි සිතාය. සැබවින්ම ඊට සාධාරණ හේතූන්ද ඇත.

    ශ්‍රී ලංකාවේ ශෝටෝකාන් කරාතේහි ආරම්භය පවා මුලාවකි. ශ්‍රී ලංකාව තුල ශෝටෝකාන් කරාතේ ක්‍රීඩාව හුදු ලකුණු ලබාගැනීම අරඹයා පමණක් සිදු වූවත් අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතිය එය නොවේ. එමෙන්ම අප රටේ බොහෝ ශෝටෝකාන් කරාතේ සංගම් තරම් දූෂිත සටන් සංගම් තවත් නොතිබිය හැකිය. ශ්‍රී ලංකාවේ ශූරතාවලියකදී සැ‍බෑ දක්ෂයාට තැනක් නැත. ඒ වෙනුවට වෙනත් පුද්ගලික සම්බන්ධතා හා මුදල් ඔස්සේ දිවයන අපේ කරාතේ ක්‍රීඩාව තුල ශෝටෝකාන් කරාතේ සටන්කරුවන් තුල පවා ඇත්තේ බලවත් පිළිකුලකි. එමෙන්ම බොහෝ කාලයක් ශ්‍රී ලංකාවේ කරාතේවල ආධිපත්‍යයක් පතුරුවාගැනීමට ඇතැම් සිංහයන් සමත් විය. එම කාලය තුලදී ශ්‍රී ලංකාවේ ශෝටෝකාන් කරාතේහි පමණක් නොව සමස්ත කරාතේ හි පවා මහත් පරිහානියක් ඇති විය.

    ලීවේරා ශෝටෝකාන් ආරම්භය පිළිනොගත්, සිංහයන් සමඟ නොපෑහුණු බොහෝ ශෝටෝකාන් කරාතේ ලෝලීන් විදෙස් රටවලට ගොස් නිසි ශිල්පය ඉගෙන ගෙන අවුත් නිසි ප්‍රමිතියකින් යුතුව ශෝටෝකාන් කරාතේ ක්‍රමය ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කරවීම මඳ සතුටකට හේතු වුවද, එය මහා මුහුදට පිරිසිදු ජලය බඳුනක් එක් කිරීමක් වැනිය.

    ශ්‍රී ලංකාවේ ශෝටෝකාන් කරාතේ හා සැබෑ ශෝටෝකාන් කරාතේ යනු දෙකක් ලෙස හැඳින්විය යුතුය. මන්ද ශ්‍රී ලංකාවේ ශෝටෝකාන් කරාතේ තුල දැකිය හැක්කේ හුදු බට්ටන් පැනීමක් පමණි. සැබෑ සටනකදී ශ්‍රී ලාංකික මහා ශෝටෝකාන් ශූර කළුපටිදාරීන් පොලෝ තලය සිපගන්නේද මේ නිසාය. පසුගිය දිනවල දිනමිණ "ගුස්ති" තීරුවේ "අම්බානෙකට ගුටිකන කලුපටිකාරයෝ" යන ලිපිය පලකල තැනැත්තාටද සිය ජීවිත කාලය මුළුල්ලේම හමු වී ඇත්තේ මෙවන් පුද්ගලයන්ය.

    එනමුත් සැබෑ ශෝටෝකාන් කරාතේ සටන් ක්‍රමය තුල ස්වරූපය මීට හාත්පසින්ම වෙනස්ය. ශෝටෝකාන් යන්නෙහි තේරුම වන්නේ "මහා දේවදාර වෘක්ෂය" යන්නයි. සැබවින්ම සැබෑ ශෝටෝකාන් කරාතේකරුවා මහා දේවදාර වෘක්ෂයක් සේ ශක්තිමත්ය. ප්‍රතාපවත්ය. ඒ ගැන වචනවලින් විස්තර කරලීමට වඩා මේ ඇසිදිසිය නැරඹීම උචිතය>>>http://www.youtube.com/watch?v=I_zmL6BRCOA

    වර්තමානයේ ලොව සීග්‍රයෙන්ම ජනප්‍රිය වන සටන් ක්‍රීඩාව වන්නේ "එම්.එම්.ඒ. (M.M.A.- Mixed Martial Arts ) නොහොත් මිශ්‍ර සටන් කලා වේ." එහිදී පවා ශෝටෝකාන් කරාතේ ක්‍රමය ප්‍රබල ලෙස භාවිතා කළහැකි බව සුප්‍රසිද්ධ එම්.එම්.ඒ. සටන් ශූර "ලියෝටෝ මචීඩා" මුළු ලොවටම ඔප්පු කර පෙන්වන ලදී.

    මෙයද නරඹන්න >>> http://www.youtube.com/watch?v=G35cKnVJv4s

    Sifu Marthos වන මා මෙම ලිපිය ලිවීමට උත්සුක වූයේ වැරදි දෘෂ්ටි මත එල්බුනු පිරිස් විසින් මෙම උත්තරීතර වූ ශෝටෝකාන් කරාතේ ක්‍රමය විවේචනය කරමින් සිටින නිසාය. අවසන මා හට කීමට ඇත්තේ ලොව පවතින කිනම් වූ සටන් ක්‍රමයක් හෝ විවේචනය කිරීම සටන් කළා ශිල්පියකුට නුසුදුසු බවයි. එමෙන්ම අය ඉතාමත් අමනෝඥ ක්‍රියාවක් බවයි!

    ~ යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.

    ඔච්චර විස්තර දාපු එකේ ලංකාවේ හරි ශෝටොකාන් කරාටෙ ඉගෙනගන්න පුලුවන් තැන් ගැනත් දාපන්කො බලන්න
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    ඔච්චර විස්තර දාපු එකේ ලංකාවේ හරි ශෝටොකාන් කරාටෙ ඉගෙනගන්න පුලුවන් තැන් ගැනත් දාපන්කො බලන්න

    Danata class yana kenekgenma ahanna one machan. Class nan search kalama ambaneka thiyenawa. Ewa hondada nadda kiyala kiyanna danne na ithin. Gihillama balanna