හෙළයෙක්;25341241 said:FROM FB
මේ දිනවල අනවශ්‍ය තැන්වල රිංගීමට යාමෙන් ඔබට කෙළවිය හැකි ආකාර තුනක් බලධාරීන් විසින් හඳුනාගෙන ඇත.
1. රෝගය බෝකරගැනීම - දෙකෙන් එකක් මාසයකින් දෙකකින් තීරණය වෙන නිසා ප්රශ්නය ඉක්මනින් විසඳේ.
2. රිංගන ලද තැනකින් රෝගියකු මතුවීම නිසා කන්දකාඩුවට දක්කාගෙන යාම - උපරිම සති තුන හතරකින් ප්රශ්නය විසඳේ.
3. ඔබගේ 'වීර ක්‍රියාව' නිසා "බිරිඳ" ඇතුළු පවුලේ අනෙක් අයටත් (විශේෂයෙන් දියණියන් සහ නැන්දම්මා) කන්දකාඩු යාමට සිදුවීම...
ඉහත 1 හා 2 මෙන් නොව 3 ඉතාම භයානක තත්ත්වයකි. ලේසියෙන් කෙළවර නොවන්නකි. මුළු ජීවිත කාලය පුරාම - ඔව් මැරෙනකම්ම - දිනපතා දවසට දෙතුන් වරක් මෙය ඔබ ඉදිරියේ ජප වනු ඇති අතර, කොරෝනා නැති දවසක යෙදෙන්නට තිබූ සුහද මිතුරු හමු, ප්‍රියසාද, සිහිල් ජලකෙළි වල ඔබේ සහභාගිත්වය මුළුමනින්ම අහෝසි වී යනු ඇත. මුළු ජීවිතයම රැට්ටා සහ ලෝචිගේ පතෝල කතාව මෙන් වනු ඇත... ගමේ අහළ පහළ අයද ඔබට 'සෙලෙබ්රිටි' කෙනෙකුට මෙන් සළකණු ඇති අතර "අපේ ගමට කෙළවපු එකා" ලෙස ශත වර්ෂ ගණනාවක් ඔබව හඳුන්වනු ඇත.
එබැවින් 1 හෝ 2 ට බය නැති බවට පුරසාරම් දොඩා වත්ත වටේ කරක් ගැසීමට පෙර අංක 3 ගැන සිතා නිවසට වී සිටින්න...
From dr.sola
හපොයි



anga hiri watenawa frens