Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හෙළයෙක්;25344873 said:
    මේ සීන් එක මොකද්ද බන්


    94144089_2084940421651170_2059752343909433344_n.jpg

    Ukana Baduwakne
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මොකද වෙන්නේ ඇඳිරි නීතිය අයින් කරන්න පුළුවන් නේද? :love:අද සිංහලු are full safe වගේ :yes::yes::yes:

    අයින් කරලද? මට ආරංචි යක් ආවා ITN 14.55 news වලට කිව්වලු අවදානම් දිස්ත්‍රික් වලට මැයි 15 වෙනකන් කියලා 🤔🤔🤔
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අයින් කරලද? මට ආරංචි යක් ආවා ITN 14.55 news වලට කිව්වලු අවදානම් දිස්ත්‍රික් වලට මැයි 15 වෙනකන් කියලා 🤔🤔🤔


    ehema deyak nam danne naa ban...
    :baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මොකද වෙන්නේ ඇඳිරි නීතිය අයින් කරන්න පුළුවන් නේද? :love:අද සිංහලු are full safe වගේ :yes::yes::yes:

    යාපා ඇවිත් කියයි සේෆ්ද නැද්ද කියලා
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    අයින් කරලද? මට ආරංචි යක් ආවා ITN 14.55 news වලට කිව්වලු අවදානම් දිස්ත්‍රික් වලට මැයි 15 වෙනකන් කියලා 🤔🤔🤔




    boho wita heta thmai thiranayak ganne ain karanwada nadda keyala, habai dan tiyena thathwe anuwa ain karana eka hoda deyak nemi
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    නිල නොලත් ආරංචියක්
    නිල නොලත් ආරංචියක්

    නේවි එක තුල 100+ පොසිටිව්ලා ඉන්නවා යැයි කියනවා

    නිල නොලත් ආරංචියක් .
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    දිනකට P.C.R. පරීක්ෂණ 1,500ක් නොකර රට 27 වෙනිදා විවෘත කළ නොහැකියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය



    කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බවත් දිනකට සිදු කරන පරීක්ෂණ ප්‍රමාණය තව දුරටත් පුළුල් කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.


    මේ ආකාරයෙන් ඉදිරි දින කිහිපයේදීත් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වුවහොත් එළැඹෙන 27 වැනිදා වන විටද රට විවෘත කිරීමට නොහැකි වන බවද වෛද්‍ය අලුත්ගේ පවසයි.


    තවමත් සිදුකරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බැවින් දිනකට පරීක්ෂණ එක්දහස් පන්සියයක් සිදුකිරීමට හැකියාවක් ඇත්නම් දැනට පවතින අවධදානම් තත්ත්වය අවම කර ගැනීමට හැකි බවද ඔහු පවසයි.


    සෞඛ්‍ය අංශයේ ඇතැම් පිරිස්වල ආකාර්යක්ෂමතාවය හේතුවෙන් රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සති තුනක් පසුපසට ගොස් ඇති බවද හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.


    මේ අතර පොකුරු ආකාරයට කොරෝනා රෝගීන් බිම් මට්ටමින් හමුවීම ආරම්භ වුවහොත් රෝග පාලනය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් ගිලිහී යනු ඇතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.


    මේ වනවිට දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් පොකුරු ආකාරයට රෝගීන් හමුවෙමින් පවතින අතර ඉදිරියේදී තවත් මෙවැනිම ප්‍රදේශ හමුවීමට ඉඩ ඇති බැවින් වහාම දිවයින පුරාම ව්‍යාප්ත වන ලෙස පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙසද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
    දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ජනගහන අනුපාතය අනුව නියැදි තෝරා ගනිමින් පරීක්ෂණ ආරම්භ කරන ලෙස සංගමය පසුගිය මාර්තු මාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දුන් නමුත් ඔවුන් ඒ කෙරෙහි වැඩි අවධානය යොමු නොකළ බවද වෛද්‍ය අලුත්ගේ පවසයි.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    මේක මගේ පෞද්ගලික අදහසක්.
    ඇදිරි නීතිය මුළු රටටම තව සති දෙකක් ඉස්සරහට ගෙනියන්න ඕනේ.
    ඊට පස්සේ ඒ ඒ පැති වල මහජන සෞඛ්‍ය පරීක්ෂකයි, ග්‍රාම සේවකයි ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුයි කණ්ඩායමක් හැදෙනවා. ඒ කියන්නේ එක ග්‍රාම සේවක කොට්ඨාශෙකට එක කණ්ඩායමක්.
    මේ කණ්ඩායම මුලින්ම PCR පරීක්ෂණයකට ලක් වෙනවා. එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා.

    ඊට පස්සේ ඒ ගමේ ඉන්න වගකිය හැකි රාජ්‍ය නිළධාරීන් (සමථ මණ්ඩලේ ඉන්න අය හරි කමක් නෑ) 6 ක් 10 ක් අතර පිරිසක් තෝර ගන්නවා.

    එයාලටත් PCR පරීක්ෂණය කරලා එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා.

    ඊට පස්සේ එයාලා එයාලගේ ගමේ එයාලට අදාල කොට්ඨාශයේ PCR පරීක්ෂණ කරනවා හැම ගෙදරක් නෑරම. මොකද ග්‍රාම සේවක ලග සම්පූර්ණ විස්තර තියෙනවා ඒ ගෙදර ඉන්න සාමාජික සංඛ්‍යාව ගැන.
    ඒ අවස්ථාවේ ගෙදර නැති (උදා - වෙලදාමට එලියට ගිය, වෙන පලාතක හිර වෙලා ඉන්න, ළගදි විවාහ වෙලා පිට පළාතක ඉන්න අය) ගැන ග්‍රාම සේවක විශේෂ ලැයිස්තුවක් හදනවා. කොවිඩ් කාර්්‍යාංශය හරහා එදා රෑම ඒ ය පිළිබද විස්තර අදාල පුද්ගලයා ඉන්න ග්‍රාම සේවක කොට්ඨාශයේ ග්‍රාම සේවක දැනුවත් කරනවා. මොකද ඒ ග්‍රාම සේවක ලැයිස්තුවේ ඒ පුද්ගලයෝ ගැන තොරතුරු නැති හින්දා.

    ග්‍රාම සේවක පහුවෙනිදාම ඒ අයව PCR පරීක්ෂණයකට ලක් කරනවා.

    ගෙදරින් එලියට වෙලදාමට ගිය අයගේ ගෙවල් ලග PCR පරීක්ෂණයකට ලක් කරන ලද පොලිස් නිළධාරියෙක්/ ග්‍රාම ආරක්ෂක නිළධාරියෙක් තියනවා ඒ පුද්ගලයා රෑට ආවාම උඩින් කියපු කණ්ඩායමට යොමු කරන්න. (නැත්නම් දවස් දෙකකට සම්පූර්ණ ලොක්ඩවුන් එකකට ලක් කරානම් ඒ කියන්නේ කාටවත් කොහෙවත් යන්න බෑ ආරක්ෂක අංශයි අර කණ්ඩායමුයි වෛද්‍ය අංශයි ඇරුනාම. වෙලදාමත් බෑ)

    මේක හරි විදිහට ගියොත් දවස් 5 ක් ඇතුළත ලංකාවම කවර් වෙනවා.

    ඊට අමතරව ඒ ඒ කණ්ඩායම් නිතර පරීක්ෂාවට ලක් කල යුතුයි.

    මේ හැමදේම ප්‍රායෝගිකයි.

    ප්‍රශ්ණ දෙකක් තියනවා.
    1. PCR පරීක්ෂණ කට්ටල
    2. PCR පරීක්ෂණ කරන ස්ථාන


    PCR පරීක්ෂණ කට්ටල
    කොවිඩ් අරමුදලට සල්ලි ගොඩක් ලැබිලා තියන නිසා මගේ දැනුමේ හැටියට රජයට පුලුවන්කම තියනවා මගේ යෝජනාවට අවශ්‍ය PCR පරීක්ෂණ කට්ටල දවස් 7 ක් ඇතුළත ගෙන්න ගන්න ලෝකෙ ඕනෑම තැනකින්.

    PCR පරීක්ෂණ කරන ස්ථාන
    PCR පරීක්ෂණ කරන ස්ථාන අඩුයි. ඒකට අවශ්‍ය උපකරණත් කලින් කිව්ව විදිහට ගෙන්න ගන්න පුලුවන්. පරීක්ෂණ වලට දවස් කිහිපයක් පුහුණුවක් සහිතව (PCR පරීක්ෂණ කට්ටල ගෙන්නනකන් වෙලාව තියනවා) සාමාන්‍ය රසායනාගර යොදා ගන්න පුලුවන්. ඒවගේ වැඩ කරන අය දැනුමක් තියන අය. එයාලට පුහුණු කරලා මේ වැඩේට යොදවන්න පුලුවන්.

    මේ විදිහට කලොත් සති දෙකක් ඇතුලත සෑහෙන දුරකට ඉවර ගන්න පුළුවන්.

    උඹලට දැනෙන විදිහට මගේ යෝජනාවේ අඩු පාඩු මොනවාද?
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    මාර්තු මුල සිට මේ දක්වා ශ්‍රී ලංකා මහා බැංකුව අලුතෙන් අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 213කි.

    පසුගිය සතියේ පමණක් අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 7.87කි.

    සංසන්දනය සඳහා, ලංකාවේ වාර්ෂික ආදායම දළ වශයෙන් රුපියල් බිලියන 2,000කි. එනම්, මාර්තු මුල සිට මේ දක්වා අප විසින් අලුතෙන් අච්චු ගසන ලද මුදල් නෝට්ටුවල වටිනාකම, රටේ වාර්ෂික ආදායමෙන් 10% ඉක්මවයි. :dull::dull:

     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Sri Bodhi road in Gampaha isolated and instructed for compulsory quarantine till 12th May, since 2 navy officers tested positive visited last week to do a musical show in the area..
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    නිල නොලත් ආරංචියක්
    නිල නොලත් ආරංචියක්

    නේවි එක තුල 100+ පොසිටිව්ලා ඉන්නවා යැයි කියනවා

    නිල නොලත් ආරංචියක් .

    :shocked::(
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    මාර්තු මුල සිට මේ දක්වා ශ්‍රී ලංකා මහා බැංකුව අලුතෙන් අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 213කි.

    පසුගිය සතියේ පමණක් අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 7.87කි.

    සංසන්දනය සඳහා, ලංකාවේ වාර්ෂික ආදායම දළ වශයෙන් රුපියල් බිලියන 2,000කි. එනම්, මාර්තු මුල සිට මේ දක්වා අප විසින් අලුතෙන් අච්චු ගසන ලද මුදල් නෝට්ටුවල වටිනාකම, රටේ වාර්ෂික ආදායමෙන් 10% ඉක්මවයි. :dull::dull:


    අඩෝ...
    සිරාවටමද?
    කොහෙන්ද උඹ දැනගත්තේ?
     

    crazy-owl

    Well-known member
  • Dec 14, 2017
    605
    404
    63
    panadura
    නිල නොලත් ආරංචියක්
    නිල නොලත් ආරංචියක්

    නේවි එක තුල 100+ පොසිටිව්ලා ඉන්නවා යැයි කියනවා

    නිල නොලත් ආරංචියක් .

    :( eththaknam wenna epa
     
    Status
    Not open for further replies.