Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Don’t defend Trump – attack China’: coronavirus strategy revealed in Republican memo

    Party sent out detailed 57-page document advising candidates on everything from dealing with accusations of racism to tying Democrat opponents to Beijing

    Note - don’t defend Trump.. attack China


    උබ මේ පිටු පනස් හතේ ඩොකුයිමන්ට් එක කියෙව්වද? කියෙව්වා නම් ඒකෙ තියෙන මූලික දේවල් සරලව කියපන්කෝ. :rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අද දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් 11 දෙනාගෙන් දස දෙනෙකුම නාවික හමුදා නිලධාරීන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසනවා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    සමාජ මාධ්‍ය වල සැරිසරන මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බව Dr සුනිල් ද අල්විස් තහවුරු කරනවා. එම අත්සනත් ව්‍යාජ අත්සනක්.

    94423280_235013511180201_1136690007151476736_n.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    සමාජ මාධ්‍ය වල සැරිසරන මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බව Dr සුනිල් ද අල්විස් තහවුරු කරනවා. එම අත්සනත් ව්‍යාජ අත්සනක්.

    94423280_235013511180201_1136690007151476736_n.jpg

    ඒවා කල්තියා ගෙන්නලා ඇත්තේ
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් 95 දෙනෙක් කොරෝනා වෛරසයට ආසාධනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

    වැලිසර නාවික හමුදා කඳවුර තුලදී නිලධාරීන් 68 දෙනෙක් සහ නිවාඩු ලබා සිටිය නිලධාරීන් 27 දෙනෙකු මෙලෙස කොරෝනා වෛරසයට ආසාධනය වී ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

    අද දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසය ආසාධනය වී සිටින රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇති බවත් ඉන් එක් රෝගියෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වන බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ. සෙසු රෝගීන් 10 දෙනා නිවාඩු ලබා ගොස් නිවෙස් වෙත ගොස් සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් බවයි යුධ හමුදාපතිවරයා කියා සිටියේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    තාම ෆේක් කියලා ඔෆිසියල් ඇනෞස්මන්ට් නෑ. ගෝටට සපෝර්ට් පේජ් එකක් දාල තියෙන්නේ
    1000ක් ගෙනාවත් නැතත්. බෑග් වල සූදානමක් නෑ කියලා එකක් නෑනේ. බෑග් 1000ට වැඩියෙනුත් තියෙන්න පුළුවන්. මේ ලියුම බොරුවක් කියලනෙ කියන්නෙ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    මළ සිරුරු බහාලන ආරක්ෂිත කවර 1,000 ක් රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය ලිපියක් යොමු කර තිබෙනවා.

    එම ලිපිය යොමු කළ බවට සදහන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සෞඛ්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් තහවුරු කලා.

    එහෙත් ඊට හේතුව මෙරට කොවිඩ්-19 අවදානම බරපතළ වීම නොවන බවත්, රතු කුරුස සංවිධානයේ ඉල්ලීමකට අනුව එම ලිපිය යොමු කළ බවත් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

    අවශ්‍ය තත්ත්වයක් ඇතිවුවහොත් ප්‍රයෝජනයට ගැනීමට මළ සිරුරු බහාලන ආරක්ෂිත කවර මෙරට නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් අවධාරණය කිරීමෙන් පසු, රතු කුරුස සංවිධානය මගින් දැනුම් දී ඇත්තේ තම සංවිධානයට එවැනි ආරක්ෂිත කවර 1,000 ක් ලබාදීමේ හැකියාව ඇති බවයි.

    එහෙත් සංවිධානයේ පරිපාලන ක්‍රමවේදයන්ට අනුව ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපියක් අවශ්‍ය බව රතු කුරුසය දැනුම් දී තිබූ බවත්, එම දැනුම්දීමට ප්‍රතිචාර ලෙස මෙම ලිපිය යැවූ බවත් සදහන් කළ ලේකම්වරයා, වැඩිදුරටත් පැවසුවේ

    මෙම ආරක්ෂිත කවර කොවිඩ්-19 ආසාදිතයින් ආදාහනයේදී පමණක් නොව, ඇතැම් අවස්ථාවල සැකකරුවන්ගේ මළ සිරුරු නැවත ගොඩ ගැනීමේ අරමුණින් වළ දමන විට ද භාවිත කරන බවයි.

    මේ වෛද්‍ය චමල් සංජීව මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ මේ පිලිබදව පල කල සටහනකි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය මෘතදේහ බහාලන ( Body Bags) දහසක් හදිසියේ ඇනවුම් කළේ ඇයි?


    මෙවැනි විට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් අල්විස් මහතා විසින් අත්සන් කරන ලද ලිපියක් සම්බන්ධව ආන්දෝලනයක් ඇති වි ඇත. එය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ලිපියක් වන අතර එය ව්‍යාජ ලිපියක් නොවන බවද සඳහන් කරනු කැමැත්තෙමි.

    මෙම හදිසි අවස්ථාවේදී රටපුරා සිදුවන හදිසි මරණ, සැකසහිත මරණ ,හඳුනාගත නොහැකි මරණ, ඇතුළු corona රෝගී තත්ත්ව ආසාදන වූ තහවුරු වූ සහ corona රෝගී තත්ත්වය ආසාදිත බවට තහවුරු නොවූ එහෙත් සැක සහිත සියලු මරණ පවතින සෞඛ්‍ය අනාරක්ෂිත භාවය මත පදනම් කොට බොහෝ අවස්ථාවන් වලදී මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන්, හදිසි මරණ පරීක්ෂකවරුන්, විසින් ද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හො සෞඛ්‍ය බලධාරීන් ආදී කණ්ඩායම්වල ඉල්ලීම මත ඒ ඒ අවස්ථාවන් වලදී සාමාන්‍ය මරණයක් සඳහා පරීක්ෂණ සිදුකරන ක්‍රමවේදය වෙනුවට මෘතදේහය මෘතදේහය බහාලන Body Bag දමා එය ආදාහනය කිරීම වේගය මේ වන විට වැඩි වී ඇත..

    මේ තත්ත්වය යටතෙ දිනකට සැලකිය යුතු මරණ ප්‍රමාණයක් සිදුවන මූලික රෝහල්, ශික්ෂණ රෝහල හා ප්‍රධාන ජාතික රෝහල් සඳහා මෘත දේහ බහාලන විශාල ප්‍රමාණයක් දෛනිකව අවශ්‍ය වී ඇත.

    පසුගිය කාලසීමාවේදී corona ආසාදිත හත් දෙනකු පමණක් මියගිය නමුත් සැක සහිත හා හදිසි මරණ තුන්සියයකට 300_ අධික ප්‍රමාණයක් දිවයින පුරා සිදුවී ඇත... මේ සියල්ල මෘතදේහ බහාලන භාවිතා කරමින් ආදාහනය කිමට සිදුව ඇති අතර මේ තත්ත්වය යටතේ මෘතදේහ බහාලන බෑග් වැඩි ප්‍රමාණයක් අදාළ රෝහල්වලට යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුව ඇත..

    දැනට රට තුළ උද්ගතව ඇති හදිසි වසංගත රෝගී හා සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වය තවත් සති කිහිපයක් පැවතිය හැකි බැවින් ද අදාළ කාලසීමාවන් තුළදී මියයන corona බව තහවුරු නොවූ එහෙත් සැකසහිත හදිසි මරණ සඳහා ද ආරක්ෂක ක්‍රමයක් ලෙස ප්‍රජාව ගේ ආරක්ෂාව සැලසීම සඳහා සෞඛ්‍ය හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සැක සහිත මරණ වලින් කුමන හෝ අන්දමක අනාරක්ෂිත තත්වයට පත්වීම වැළැක්වීම උදෙසාත් මේ අන්දමට මෘතදේහ බහාලන යොදා ආදාහනය කිරීම සිදුවන බැවින් එවැනි බෑග් දහසක් ඇලූම් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි.

    (මේ සම්බන්ධව මහජනතාව දැනුවත් කරන ලෙස මගෙන් ඉල්ලීමක් කළ දැනට මධ්‍යම ඖෂධ ගබඩාව භාර අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාට විශේෂ ස්තුතිය)
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    තාම ෆේක් කියලා ඔෆිසියල් ඇනෞස්මන්ට් නෑ. ගෝටට සපෝර්ට් පේජ් එකක් දාල තියෙන්නේ

    මේ ලියුම දැන් කාලෙකට කලින් Share උනා එලකිරි එකේම මම දැක්කා තියෙනවා
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හැඳුනුම්පතේ අංකය උපයෝගි කර ගනිමින් නිවසින් බැහැරට යාමට ලබාදී ඇති අවසරය ඇදිරි නීතිය කි‍්‍රයාත්මක නොවන ප‍්‍රදේශවල ජනතාවට පමණක් වලංගු බව පොලීසිය අවධාරණය කරනවා.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ නිවසින් බැහැරට යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව සීමා කිරීම මෙහි අරමුණ බවයි. නව ක‍්‍රමවේදය යටතේ එක් දිනකදී නිවසින් බැහැරට යාමට අවසර හිමිවන්නේ සමස්ත ජනතාවගෙන් පහෙන් එකකට පමණක් බවද මෙහිදී සිහිපත් කෙරුණා.

    කිසිවෙකුට හෝ නිවසින් බැහැරව යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය දෑ මිලට ගැනීමට පමණයි. ඒ සඳහාද පා ගමනින් යා හැකි ආසන්නම වෙළද සැල පමණක් තෝරා ගතයුතු වනවා.

    අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වුවද නිවසින් බැහැරව යාමට මින් ඉදිරියට පුද්ගලයින්ට අවසර ලබාදෙන්නේ ජාතික හැදුනුම්පතේ අංක පාදක කර ගනිමින්.

    නව ක‍්‍රමවේදය අනුව ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 වන පුද්ගලයින්ට සඳුදා දිනයේදී පමණක් නිවසින් බැහැරව යාමට අවසර හිමි වනවා.

    අගහරුවාද දිනයේදී නිවසින් බැහැරව යාමට අවසර හිමි වන්නේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 3 හෝ 4 වන පුද්ගලයින්ට පමණයි.

    ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 5 හෝ 6 වන පුද්ගලයින්ට බදාදා දිනයේදී පමණක් අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ ඖෂධ මිලදී ගැනීම සදහා නිවසින් බැහැරට යාමට අවසර හිමි වනවා.

    ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 7 හෝ 8 වන පුද්ගලයින්ට බ‍්‍රහස්පතින්දා දිනයේදී පමණක් නිවසින් බැහැරට යාමට අවසර හිමිවනු ඇති.

    සිකුරාදා දිනයේදී නිවසින් බැහැරව යාමට අවසර හිමි වන්නේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 9 හෝ 0 වන පුද්ගලයින්ට පමණයි.

    හෙට (27) සිට කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කවලට පනවා ඇති ඇදිරි නීතිය අළුයම 5.00 ට ඉවත් කර රාතී‍්‍ර 8.00 ට යළි පනවනවා. මැයි මස පළමු වැනිදා තෙක් එය සෑම දිනකම කි‍්‍රයාත්මකයි. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ති‍්‍රක්ක සදහා පනවා ඇති ඇදිරි නීතිය මැයි මස 4 වැනිදා අළුයම 5.00 දක්වා කි‍්‍රයාත්මක වනවා.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    95 sailors from Welisara test positive.

    Is this number included for this total positive test?
     
    Status
    Not open for further replies.