Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mama Hayleys ake wada karanne.. Digamata wadata giya.. Ath ara moral akak naha wada karanna meka nisa.. :baffled:

    kohmath weda karanan puluwan kalyak neme.. minissu risk eka aran eliyata dana eka me kale karana upset wedak. poddak meka settle wenkanwath inna one. tama hariyta test karanneth ne. atarin patara karala wedak ne. kachal hamatama.
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,541
    1,347
    113
    Rathnapure

    එහෙම මුකුත් කියල නෑ

    PostOfficeReOpen4-5-1-page-001-1187x1536.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොවිඩ් _ 19 වයිරසය පිළිබඳ අනාවැකි කිය කියා නොසිට හරි වේලාවට හරි දේ ක්‍රියාත්මක නොකළොත් රටම අනතුරට පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

    මාතලේ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හය දෙනකු ඊයේ (28දා) වාර්තා වී ඇති අතර රටේ විවිධ ප්‍රදේශවල රෝගීන් පොකුරු මතුවෙමින් පවතින තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බැවින් එසේ රෝගීන් වාර්තා වන ප්‍රදේශවල අඩු තරමින් රෝගී පොකුරු මතුවන ග්‍රාම නිලධාරි කොට්ඨාස හෝ හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් වහාම පියවර ගතයුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කරයි.

    පවතින තත්ත්වය යටතේ මසකට පී.සී.ආර්. පරීක්ෂණ 68,000ක් කළ යුතු බවට වසංගත රෝග විද්‍යායතනය සෞඛ්‍ය බලධාරීන් වෙත දී ඇති වාර්තාවක සඳහන් වන අතර ඒ අනුව දැනට වඩා වැඩි ප්‍රමාණයක් පරීක්ෂණ පැවැත්විය යුතු බව සඳහන් කරන වෛද්‍ය අලුත්ගේ, මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ ඉහළ මට්ටමකට පත්කර ඇති බවද පෙන්වා දෙයි.

    කොරෝනා අවදානම පවතින ප්‍රදේශවල එම අවදානම තක්සේරු කර ඒ අනුව එම ප්‍රදේශ හුදෙකලා කර, එම ප්‍රදේශවලට පමණක් ඇඳිරි නීතිය පනවා එම ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට බලධාරීන් වගබලාගත යුතුව ඇතැයිද වෛද හරිත අලුත්ගේ සඳහන් කරයි.

    දිනපතාම තත්ත්වය සමාලෝචනය කර දැනට කොරෝනා වයිරසයට ගොදුරුවී සිටින හමුදා භටයන් සමඟ ළඟින් ඇසුරු කර ඇති පිරිස් හඳුනාගෙන එම පිරිස් ආගිය තැන් හා ඇසුරු කළ පිරිස් පිළිබඳව ඒ ඒ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත සියලු තොරතුරු දීමට කටයුතු කරන ලෙසද වෛද්‍ය අලුත්ගේ ඉල්ලීමක් කරයි.

    රෝගීන් වාර්තා වන ප්‍රදේශවල ජනතාවට ඒ පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර නිවැරැදි චිත්‍රය පෙන්වීමෙන් ජනතාව රෝගයෙන් බේරීම සඳහා සියලු ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමට පටන්ගන්නා බව සඳහන් කරන වෛද්‍ය හරිත අලුත්ගේ, මේ වන විට කොවිඩ් _ 19 වයිරසය ශීඝ්‍රයෙන් රට තුළ පැතිර යන තත්ත්වය යටතේ සති තුනක් ආපස්සට ගොස් ඇති බවද පෙන්වා දෙයි.
     
    • Like
    Reactions: Dishta Didin

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    හැටන් ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක අවසන් කටයුතු සදහා මෘත දේහයක් (28) දින රාත්‍රි දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කිරිමට හැටන් පොලිසිය කටයුතු කර තිබුණි.

    මෙසේ දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරනු ලැබුවේ හැටන් දුඹුරුගිරිය පාරේ පදිංචිව සිටි ඩැනියල් ක්‍රිස්ටොපර් නැමති 50 හැවිරිදි දෙදරු පියෙකුගේ මෘත දේහයයි.

    ඩැනියල් ක්‍රිස්ටොපර් (28) දින උදැසන 10 ට පමණ නිවසේදි මිය ගිය බවත්, මිය ගිය අයගේ ඥාතින් විසින් සිරුර හැටන් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකට භාරදිමෙන් අනතුරුව සිරුර මල් ශාලා හිමිකරු විසින් මරණ සහතිකයක් හෝ හදිසි මරණ පරික්ෂකවරයෙකුගේ සහතිකයක් නොමැතිව සිරුර අවසන් කටයුතු සදහා සුදානම් කර මල් ශාලාවේම තැන්පත් කර ඇත.

    මිය ගිය අයගේ බිරිද විසින් හැටන් පොලිසියට කල දැනුම් දිමක් මත හැටන් අධිකරණ බල ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක එ.ජෙ.එම්. මොහොමඩ් ෆසිර් මහතා සහ හැටන් පොලිසියේ නිලධාරින් මිය ගිය අය සම්බන්ධයෙන් වාර්තා වි නොමැති නිසා වහාම ක්‍රියාත්මක වි මල් ශාලාව වෙත ගොස් මිය ගිය අයගේ අවසන් කටයුතු සිදු කිරිමට නිකුත් කරනු ලබන මරණ සහතිකය හෝ හදිසි මරණ පරික්ෂකවරයාගේ වාර්තාව මල් ශාලා හිමිකරුගෙන් ඉල්ලා සිටි අවස්තාවේ එවැන්නක් නොමැති බව මල් ශාලා හිමිකරු විසින් හැටන් පොලිසියේ නිලධාරින් වෙත දැනුම් දි ඇත.

    මල් ශාලා හිමිකරු විසින් පවසා ඇත්තේ වසමභාර ග්‍රාමසේවා නිලධාරිනිය විසින් තමන්ට දුරකථනයෙන් කථා කර මිය ගිය අයගේ සිරුර අවසන් කටයුතු සදහා සුදානම් කරන ලෙස වාචිකව දැනුම් දුන් බවයි.

    එම දැනුම් දිම මත මිය ගිය අයගේ සිරුර අවසන් කටයුතු සදහා සුදානම් කල බවද මල්ශාලා හිමිකරු විසින් හැටන් පොලිසියට ප්‍රකාශයක් ලබා දි ඇත.

    වසමභාර ග්‍රාමසේවා නිලධාරිනියගෙන් හැටන් පොලිසිය ප්‍රකාශයක් ලබා ගැනිමේදි ඇය පවසා ඇත්තේ හදිසි මරණ පරික්ෂකවරයා වෙත මුලින් දැනුම් දි ඔහුගේ ස්ථාන පරික්ෂාවෙන් පසු ඔහුගේ වාර්තාව අනුව තමන් මරණ සහතිකය ඉදිරිපත් කරන බවයි.

    තමන් කිසිසේත් මල් ශාලා හිමිකරුට වාචිකව උපදෙස් නොදුන් බවද ග්‍රාමසේවා නිලධාරිනිය විසින් පොලිසිය වෙත ලබා දි ඇති ප්‍රකාශයේ සදහන් කර ඇත.

    හැටන් අධිකරණ බල ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක එ.ජෙ.එම් මොහොමඩ් ෆසිර් මහතා පවසන්නේ මිය ගිය අයෙකුගේ සිරුර අවසන් කටයුතු සදහා සුදානම් කිරිමට මල් ශාලා හිමිකරුවෙකුට අනිවාර්යෙන්ම මරණ සහතිකයක් හෝ හදිසි මරණ පරික්ෂකවරයෙකුගේ වාර්තාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බවයි.

    එවැනි වාර්තාවක් නොමැතිව හැටන් මල් ශාලාවේ හිමිකරු විසින් බරපතල වරදක් සිදු කරන ඇති බවද එ.ජෙ.එම්. මොහොමඩ් ෆසිර් මහතා මල් ශලාවේ හිමිකරුට අවධාරණය කර සිටියා.

    සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් පරික්ෂක පවත්වයි.

    – හැටන් රංජිත් රාජපක්ෂ
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වයිරසය පැතිර යන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන කුරුණෑගල ඇතුළු ප්‍රධාන නගර රැසක ව්‍යාපාරික ස්ථාන අද (29) දිනයේ සිට මැයි මස 5 වන දින අලුයම දක්වා වසා තැබීමට එම නගරවල ක්‍රියාත්මක වෙළෙඳ සංගම් තීරණය කර ඇත .

    මේ අනුව කුරුණෑගල , අලව්ව , ගල්ගමුව , කුලියාපිටිය , හිරිපිටිය , කුඹුක්ගැටෙි නගරවල ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට ⁣එහි වෙළද සංගම් තීරණය කර ඇත .

    අලව්ව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් කීප දෙනෙකුම වාර්තා වීම හේතුවෙන් අලව්ව නගරයේ වෙළෙඳසැල් ඊයේ (28) සවස් වරුවේ සිටම වසා දමා ඇත .


    rajaya curfew ain kalata minissu thamange aarakshawa gana hithanawa

     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා වෛරසය ආසාදනය වී බි‍්‍රතාන්‍යයේදී මියගිය ශී‍්‍ර ලාංකිකයින් සහ මෙරට සම්භවයක් සහිත පුද්ගලයින් ගණන 27 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ඒ, මීගමුව ප‍්‍රදේශයේ පදිංචිව සිට බි‍්‍රතාන්‍යයේ පදිංචියට ගොස් එරට පුරවැසි භාවය ලැබූ 69 හැවිරිදි අයෙකු ඊයේ මියයාමත් සමගයි.

    මේ අතර, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග බි‍්‍රතාන්‍යයට ගොස් සිටින ශී‍්‍ර ලාංකිකයින් 800 ක් පමණ යළි මෙරටට පැමිණීමේ සූදානමින් සිටින බවයි ලන්ඩනයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යයාල ආරංචි මාර්ග අනාවරණ කළේ.

    මින්පෙර බොහෝ දෙනා හෙළිකළේ බ්‍රිතාන්‍යයේ රෝහල් සහ අයි.සී.යූ පද්ධති ඉංග්‍රීසි ජාතිකයන්ට පමණක් වෙන් කර තිබෙන බවත්, වෙනත් රටවල සහ සම්භවයන් සහිත පුද්ගලයන්ට එරට සෞඛ්‍ය සේවයෙන් ප්‍රථිකාර ප්‍රමුඛතාවය නොලැබීම මෙයට හේතුව බවයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,428
    113
    මාලඹේ
    කොරෝනා වෛරසය ආසාදනය වී බි‍්‍රතාන්‍යයේදී මියගිය ශී‍්‍ර ලාංකිකයින් සහ මෙරට සම්භවයක් සහිත පුද්ගලයින් ගණන 27 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ඒ, මීගමුව ප‍්‍රදේශයේ පදිංචිව සිට බි‍්‍රතාන්‍යයේ පදිංචියට ගොස් එරට පුරවැසි භාවය ලැබූ 69 හැවිරිදි අයෙකු ඊයේ මියයාමත් සමගයි.

    මේ අතර, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග බි‍්‍රතාන්‍යයට ගොස් සිටින ශී‍්‍ර ලාංකිකයින් 800 ක් පමණ යළි මෙරටට පැමිණීමේ සූදානමින් සිටින බවයි ලන්ඩනයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යයාල ආරංචි මාර්ග අනාවරණ කළේ.

    මින්පෙර බොහෝ දෙනා හෙළිකළේ බ්‍රිතාන්‍යයේ රෝහල් සහ අයි.සී.යූ පද්ධති ඉංග්‍රීසි ජාතිකයන්ට පමණක් වෙන් කර තිබෙන බවත්, වෙනත් රටවල සහ සම්භවයන් සහිත පුද්ගලයන්ට එරට සෞඛ්‍ය සේවයෙන් ප්‍රථිකාර ප්‍රමුඛතාවය නොලැබීම මෙයට හේතුව බවයි.

    කොහොම උණත් දෑ න් ලංකාවේ Airport වහලා .
    Airport අරිනකන් ඉදලා ඕනෙනම් එන්න කියන්න .
    නැත්නම් ඕකුන් අාවාම හරිම කරදරයි
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නාවික සෙබළුන් 226 දෙනෙක් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

    වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 147 දෙනෙක් සහ නිවාඩු ලබා ගොස් සිටි සෙබළුන් 79 දෙනෙක්ට මෙලෙස කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.

    නාවික හමුදා සෙබළුන් සමීපව ඇසුරු කළ පුද්ගලයින් 184 දෙනෙක් පොම්පෙමඩු හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.

    මේ අතර නාරාහේන්පිට ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් වාර්තා වීමත් සමග එහි සිටි පුද්ගලයින් 69 දෙනෙක් දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කොට ඇති බවද හමුදාපතිවරයා කියා සිටියා.
     
    Status
    Not open for further replies.