කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වයිරසය පැතිර යන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන කුරුණෑගල ඇතුළු ප්‍රධාන නගර රැසක ව්‍යාපාරික ස්ථාන අද (29) දිනයේ සිට මැයි මස 5 වන දින අලුයම දක්වා වසා තැබීමට එම නගරවල ක්‍රියාත්මක වෙළෙඳ සංගම් තීරණය කර ඇත .
මේ අනුව කුරුණෑගල , අලව්ව , ගල්ගමුව , කුලියාපිටිය , හිරිපිටිය , කුඹුක්ගැටෙි නගරවල ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට එහි වෙළද සංගම් තීරණය කර ඇත .
අලව්ව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් කීප දෙනෙකුම වාර්තා වීම හේතුවෙන් අලව්ව නගරයේ වෙළෙඳසැල් ඊයේ (28) සවස් වරුවේ සිටම වසා දමා ඇත .
rajaya curfew ain kalata minissu thamange aarakshawa gana hithanawa