කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වනවා. එම හෙද නිලධාරිනිය ජාතික රෝහලේ ගෙවීම් වාට්ටුවේ සේවය කර ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට ඇයව IDH රෝහලට මාරුකර යවා තිබෙනවා.
මේ අතර කොලොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා. එම පුද්ගලයා ඇතිවූ අසනීප තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ඇති අතර සිදුකළ PCR පරීක්ෂණයකින් ඔහු ආසාදිතයෙක් බවට තහවුරු කර ගැනීමෙන් පසුව IDH රෝහල් වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙක් ස්වයං නිරෝධායනයට යොමු කොට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ අතර අද දහවල් IDH රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ කොරෝනා වෛරසය ආසාධනය වූ 52 හැවිරිදි කාන්තාව ජිවත් වූ බව කියන මෝදර ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයේ ඇය ඇසුරු කළ සමිපතයින් අනාවරණය කර ගැනීමට මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.