හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගේ කුලියාපිටිය නිවසේ අනවසරෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිශ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය බවට විද්‍යුත් මාධ්‍ය සහ විවිධ වෙබ් අඩවි මඟින් අනාවරණය කර තිබුණ තොරතුරු සම්බන්ධව Live 24 පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශකර සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම නිවසේ නොමැති බවත් නිවස බලා ගැනීමට සිටි මුරකරු ළඟ පමණක් නීතිවිරෝධී මත්පැන් තිබුණ බැවින් ඔහු කුලියාපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බැවින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නලින් බණ්ඩාර මහතාට කුලියාපිටිය පොලිසියට එන ලෙස කුලියාපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දන්වා ඇති අතර එලෙස නලින් බණ්ඩාර මහතා කැඳවීම අනවශ්‍ය බවත් නිවස මුර කිරීමට සිටි මුරකරු පමණක් ඔහු පානය කිරීමට මත්පැන් ළඟතබා ගැනීමක් සිදුකර ඇති බැවින් කුමන පදනමක් මත නිවසේ හිමිකරු වන නලින් බණ්ඩාර මහතා කැඳවීමට කටයුතු කරගෙන යන බව පෙනී යන බවත් ඔහු රාජකාරී සම්බන්ධයෙන් අනවබෝධයෙන් කටයුතු කර ඇති බවට පෙනී යන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ැඩිදුරටත් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මහතා අද දින විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු ප්‍රකාශකර සිටියේද තමා නිස බලා ගැනීමට මුරකරුවෙකුට ලබාදී ඇති බවත් මුරකරු විසින් මත්පැන් පානය කර ළඟ තබාගෙන ඇති බවට තමාට දැන ගැනීමට ලැබුණු අතර සමඟි ජන බලවේගයට විරුද්ධව මත දරන වෙබ් සයිට්, ෆේස්බුක් මඟින් තමා නීතිවිරෝධී මත්පැන්ගාරයක් පවත්වාගෙන ගිය බවට හුවා දැක්වීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
ඔහු තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම මඩ වෙබ් අඩවි වලට විරුද්ධව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් එම බේ සයිට් තමා හඳුනාගෙන ඇති බවත් නඩු පැවරීම සඳහා මූලික පියවර ගෙන ඇති බව අදහස් දක්වමින් ප්‍රකාශ කළා.