මේ ත්රෙඩ් එක දාපු කෙනාට වීසා හම්බවුනේ නෑ කියන එක මම ඕනි ඔට්ටුවක් අල්ලන්නම්..මේක අලි බොරුවක්...මට ඒක 100% ශුවර්...
දැන් කොරෝනා හැදෙන්න කලින් මේ ත්රෙඩ් එක දාපු කෙනා මේ වීසා ඉල්ලුම් කරා කියන කාලෙම මගේ ටුවරිසම් කරන යාලුවෙක් වීසා ඇප්ලයි කරා.පොරත් කම්පැනි ඩිරෙක්ටර් කෙනෙක්.එයා කලින් පස් වතාවක් විතර ගිහින් ශෙනගන් වීසා තිබුන එක්කෙනෙක්..අන්තිමට එයාට මාස හයක් තිබ්බා මල්ටිපල් ශෙනගන් වීසා..එයා මේ පාර අවුරුද්දකට ඉල්ලුවා ශෙනගන් වීසා මල්ටිපල්..එයාට යන්න තිබ්බේ සති දෙකක ට්රැවල් ෆෙයා එකකට..පොරට වීසා හම්බවුනේ ඒ සති දෙකට විතරයි..හරියට දුක් වුනා පොර කලින් මල්ටිපල් වීසා මාස හයක් තිබිලා මේ පාර ඉල්ලලත් මල්ටිපල් වීසා නොදුන්න එක ගැන..කලින් ගොඩක් වතාවක් ගිහින් නිසා රිජෙක්ට් කරන්න බැරිකමට දුන්න වගේ සීන් එකක් උනේ.ඔය මගේ ඔය වගේ සිද්දියක් වෙච්ච දෙවනි යාලුවා.පොර පලවෙනියටම යුරෝපයට යන්න ඉල්ලුම් කරපු වෙලාවේ පොරව එම්බසියට ගෙන්නලා ඉන්ටවු කරලා.ඔක්කොම ඩොකියුමන්ට් බලලා වීසා ගහලා තියෙන්නේ first time..අනික පොරට ලොකු කම්පැනි එකක් තියනවා. ඉන්කම් ටැක්ස් ගෙවන..ටුවරිස්ට් බස් වගේ ඇසට් තියනවා කෝටි විස්සක විතර..ඒ ඔක්කොම ඩොකියුමන්ට් ඇත්තද කියලා එන්න කියලා බලලා ප්රශ්න අහලා වීසා ගහලා තියන්නේ ....මූට ඒ මුකුත් නැතුව බැංකුවේ ලක්ශ 5ක් විතරක් තිබිලා ඉන්ටව් මුකුත් නැතුව වීසා ගැහුවා. බොරුනේ බන්..මම මේ මුගේ කතාව ඒ යාලුවට කිවුවම ඌ අහනවා පිස්සුද බන් එහෙම වීසා දෙනවනම් මිනිස්සු බෝට්ටුවෙන් ඉතාලි යන්න ඕනිද කියලා..
මේ ත්රෙඩ් එක දාපු කෙනා කියන්නේ අලි කෙප්පයක්..මෙහෙම ලේසියෙන් වීසා හම්බවෙන්නේ නෑ ඉන්ටව් මුකුත් නැතුව.මේ ත්රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නේ උබට වීසා හම්බුනේ නැත්තම් ලැජ්ජා වෙන්නේ නැතුව හම්බුනේ නෑ කියපන්.උබට හිනාවෙන්නේ නෑ කවුරුත්..උබට වඩා ලොකු කම්පැනි තියන කෝටි ගනන් සල්ලි බැංකුවේ තියන උන්ගෙත් රිජෙක්ට් වෙනවා.මේකේ අපි කවුරුත් අදුරන්නේ නෑනේ බන්..ඔනි එකෙකුට ඕනි බොරුවක් කියන්න පුලුවන්.මූනක් පේන්නෙත් නැති..නමක් දන්නෙත් නැති ඔන්ලයින් සමාජෙක නිකම් තමන් චොර වෙනවා කියලා එකක් නෑ..ඒක නිසා ඇත්ත දාපන්..