අපේ අම්මා රෑ 10:30 වෙනකම් වගේ ටීවී බලනවා. බලන්නෙ ඔය ස්වර්ණවාහිනියෙ යන මෝඩ කතා. අර "සිල්ලර සමනල්ලු" ද මොකද්දයි තව අර පොඩි ළමයෙක්ගෙ කතාවකුයි "කූමී" කියල එකක්. රෑ 7:30ට ටීවි එක දාගත්තු වෙලේ ඉඳන් බලනවා. ටීවි එක තියෙන්නෙ මගේ කාමරේ කිට්ටුව. ඒක මට මාරම වදයක් මානසිකවත් මට මාරම වදයක්. ඒත් අම්මට මම ඒක පෙන්නන්නෙ නෑ. ඒත් එක දවසක් මම කිව්වා 9:30න් පස්සෙ ටීවි එක දාන්න එපා කියල. කරදරයි කියල. පස්සෙ දවස් දෙක තුනකින් අයෙම දානවා. මම කවදාවත් අම්මට බැනල නෑ. ඒ්ත් බනින්න තරම් කේන්තියක් එනවා බන්. මට නින්ද යන්නෙත් නෑ. මම මොකද්ද කරන්න ඕන ? මට ඕන එයාගෙ හිත රිදෙන්නෙ නැති වෙන්න මේක කියන්නයි. ඔයාලගෙ ගෙවල් වල මෙහෙම ප්‍රශ්ණ නැද්ද ? ඔයාල මේ වගේ දේවල් වලට මොකද කරන්නෙ ? ඔයාලගෙ ගෙදර ටීිවි එක ඕෆ් වෙන වෙලාවත් කියාගෙන යන්න. 

