
ඔය කිව්වට " ස " ගේ ජෙනරාල් ඩඩ්ලියගේ කන පලන්න ඇති.

ඉස්සර 90 ට දුන්නේ ගුල්ලෝ ගහපු හාල්
දැන් දෙන්නේ හොද ඒවා.

කන්න නැතත් හාමතේ ඉන්න හරි රටක් තියෙන්න එපෑ.

තුන් වේලම බත් කන්න කියලා නියමයක් තියෙනවයෑ.

නාඩු හාල් 98 ක් කියලා" ස " තාම දන්නේ නැතුව ඇති. දැනගත්තු ගමන් අඩු කරයි.

හොරා වගේ ඉදලා එක පාරම පැනලා ඩඩ්ලියව අල්ල ගනී බෙල්ල මුලින්ම.

ඩඩ්ලියගේ හාලම කන්න ඕනද ?
කොස් , දෙල් , බතල , කිරි අල එහෙමත් කාපල්ලකෝ.

ඉස්සර වගේ නෙමෙයි , හාල් 98 හින්දා දැන් ඩඩ්ලියට ආදායම් බදු ගෙවන්න වෙයි යමරෙට . දැන් කාලා වරෙන්කෝ.

හාල් වැඩිපුර කෑවම ගුල්මෙට වගේ එනවා. හාල් කන එක අඩු කරාම නිරෝගී කම රැකෙනවා. ජාතියේ සෞඛ්‍ය ගැන හිතන නායකයෙක්. රැස්පෙට් " ස "

හාල් වැඩි උනාට මොකෝ කොටි නැගිටින්නේ නෑනේ දැන්.

90 ට හාල් කිලෝ එක අරගෙන රුපියල් සීයේ කොලයක් දුන්නම ඉතුරු දහය හම්බවෙන්නේ නෑ. දැන් ඉතින් කඩේ මුදලාලියා දහයක් කොටාගෙන හමාරයි. වංචාවට තිත තියපු අපේ " ස "